Monday, July 23, 2012

රට්ටුන්ගෙ කතා අසා දීගය කඩා ගැනීම හෙවත්.. මහමුදලිකමටත් වඩා ලොකු විලිලැජ්ජ නැතිකම...

මේක බ්ලොග් පෝස්ට් එකක් කිව්වට එහෙමමත් නෙමෙයි... ඊට වඩා මේක ස්ටේටස් අප්ඩේට් එකක් හැටියට තමා සලකන්න වෙන්නෙ... ඒත් ඉතින් මේ අවස්ථාවෙ හැටියට මේක නොලියත් බෑ... මොකද මම අවාරෙට පොල් වැටෙනව වගේ ඉඳල හිටල හරි මොනව හරි කුරුටු ගෑවම ඇවිත් බලන හත් අට දෙනෙක් ඉන්න නිසා...

මේක සිද්ධ වුණේ දැන් වුණාට ටික දවසක ඉඳන් හිත් හිතා හිටපු දෙයක්... අහම්බෙන් වගේ ඇතිවෙච්ච කතාබහක් නිසා තමා මේක යථාර්ථයක් බවට පත් වුණේ...

පහුගිය දොහක මාරය ෆේස්බුක් එකේ දාල තිබුන මෙන්න මෙහෙම ප්‍රශ්ණයක්...












මාත් ඉතින් බ්ලොග් ලෝකෙ හාල් කෑල්ලක් වුණාට වර්ඩ්ප්‍රෙස් ලියන අපි ( අලින්නේ අපේ කැරුම්.. )  හත් අට දෙනා වෙනුවෙන් මුලින්ම බැස්ස සටනට මෙන්න මෙහෙම...



එතකොටම සටනට අවතීර්ණ වුණා අපේ මාළු ටැංකියෙ ගෝල්ඩ් ෆිශ් මලය.. ඊළඟට ජනූ නඟා... මාරයටත් මාර සේනාව ටිකක් එකතු වුණා... ඒත් අපි තුන්දෙනා අතෑරියෙ නෑ...

To make a long story short....

කතාව දිගට ඇදිල ගියා...ප්‍රතිචාර දෙසිය හතලිස් හයයි... මම මේ කතාබහෙන් තෙරුම් ගත්ත එක දෙයක් තමා බ්ලොගර් කට්ටියට වර්ඩ් ප්‍රෙස් වලට කොමෙන්ටු දාන එක කරදර සහිත වැඩක් ය කියන එක.... ඔය ප්‍රශ්නෙ වර්ඩ් ප්‍රෙස් ලියන මටත් අනික් පැත්තට බලපානව බොහොම දරුණු විදිහට... මොකද කාලය ඉතා සීමිත නිසා වර්ඩ් ප්‍රෙස් වල ඉඳන් බ්ලොගර්ට කොමෙන්ටුවක් දාන්න  යන වෙලාවෙන් තව බ්ලොග් දෙකක් කියවන්න පුළුවන්... මෙකෙ දෙපැත්ත හොඳට පැහැදිලි වෙන කොමෙන්ටුවක් දුමිය දැම්ම...





ඔය අතරෙ තවත් වටිනා කොමෙන්ටුවක් දැම්ම දුමී... ඒකෙන් කියවුණේ මේ වර්ඩ්ප්‍රෙස් ලියන බ්ලොග් එකක් කොහොමද බ්ලොගර් වලට හරවන්නෙ කියන එක...

පස්සෙ මම අත්හදා බලන්න වගේ මේ බ්ලොගේ ඇටෙව්ව... දැන් ඉතින් හිතාන ඉන්නෙ ලියනවනම් මේකෙ ලියන්න ඒ නැතත් ඉතින් මට බ්ලොගර්  කට්ටියට කොමෙන්ට් දාන්න මේක පහසුයි නොවැ...

ඔන්න ඔහොමයි රට්ටුන්නෙ කතා අහල දීගෙ කඩාගත්තෙ...



_______________________________________________________________

ප.ලි..
මම මුලිනුත්, ඊළඟට ජනූ නඟාත් වාද පිටිය හැරගිය විට.. අන්තිම ජල බිංදුව දක්වා සටන් කල අපේ සටන් සගයා මාළු මලයාට විප්ලවීය අචාරය...

ඊට ප.ලි..
මම වැඩිය නොලිව්වත් මගේ වර්ඩ් ප්‍රෙස් බ්ලොගය තමුන්ගෙ බ්ලොග් රෝල් වල ඇතුල් කරගෙන සිටි සහෘදයිනි... සාමාවෙලා ඒක අයින් කරල මේ බ්ලොගර් බ්ලොගේ ඇතුල් කරගන්ඩල..


ඊටත් ප.ලි..
මේක සින්ඩි වලට වැටෙනකම් අරක අයින් කරන්නෙ නැතුව ඉන්නයි හිතාගෙන ඉන්නෙ එතන ලින්ක් එකක් විතරක් තාවකාලිකව තියෙන්න අරිනව...

Saturday, May 12, 2012

කාලය මැව් වෙනසක අරුමේ... Happy Birthday !!!




පුංචිම කාලෙ,
එදාට
අම්ම තාත්ත
ලස්සන ඇදුම්,
පුංචි බෝනික්කො
ගෙනැත් දෙනකං
බලා ඉන්න ඇති...

ගෙනැත් දුන්නම
ඒව බදාගෙන
සතුටින් උඩපනින්න ඇති....



ඊට පස්සෙ කාලෙක,
එදාට
හොස්ටල් එකේ
යාලුවො එකතු වෙලා,
රෑට හොරෙන්
කොට්ටෙ යට තියන
උපන්දින කාඩ්,
පුංචි තෑගි හම්බවෙලා
උදේම සතුටින්
හිත පුරවගන්න ඇති...


ඊටත් පස්සෙ,
පෙම්වතියක් වෙලා,
එදාට
පෙම්වතා
මල් පොකුරු
චොකලට් පතුරු
ගෙනැත් දුන්නම
සතුටින් ඉපිලෙන්න ඇති...
[ හුඟාක්ම ඉස්සර නෙමෙයි ඒ... ]


ඒත් අද...
බිරිඳක් වෙලා
සැමියා රෑ දොළහට වැඩ ඇරිල,
දනි පනි ගාල
ඇරල තිබුන එකම
බොම්බෙ චපාති හෝටලෙන්
බුරියානි එකකුත් ඔතාගෙන
ගෙදර දුවගෙන එනකොට...
දවල් දවසම පුතුත් එක්ක ඔට්ටුවෙලා
මහන්සියට ඔයා නිදි...



සමන්ති.. ඔයාට සුබ උපන්දිනයක් !!!



මැයි 13 දාට යෙදෙන සපතේරු හාමිනේගේ උපන්දිනය වෙනුවෙන් කුරුටු ගෑ සටහනක්....

Saturday, March 3, 2012

සුනාමියක් ආවෝ... !!



මෙච්චර කල් කුරුටුගාපු සටහන් කීපයට වඩා මේක වෙනස්...

මේක පුද්ගලික සටහනක්....

ඒත් ඉතින් අර කවුද කිව්ව වගේ සිංහල බ්ලොග් අවකාසෙ ඉතින් දැන් සමාජ ජාලයක් වගේ වෙච්ච් කොට මේකත් ලියල දැම්මම හොඳයි කියල හිතුන... මේක ඉස්සරහට ලියන්න තියෙන තවත් පුද්ගලික සටහන් වලට ආරම්භයක් හැටියටත් ගන්න පුලුවන්...

පහුගිය දවස්වල ටිකදවසකට ජාලෙ පැත්තෙ එන්න බැරිවුණා... එහෙම වුනේ මගෙ මේ එකම ලතාවට හීන් සැරේ අවුරුදු දෙකක් විතර ගලාගෙන ගිය ජීවිතේට සුනාමියක් ආව නිසයි...

සුනාමිය කියන්නෙ මහ පුදුම දෙයක්.... අපිට හිතාගන්න බැරි තරම් විසාලයි.... බලවත්... සුනාමියක් මිනිස්සුන්ගෙ ජීවිතවල මහ බරපතල වෙනස්කම් කරන්න සමත්...

මගෙ ජීවිතේට මේ සැරේ ආව සුනාමිය ආදර සුනාමියක්....

හෝව් ... හෝව්... නෑ... එහෙම දෙයක් නෙමෙයි.... මේ කිව්වෙ .... අපි ජොර්දාන් වල ඉඳල මම ඩුබායි වලට ආපහු ආව වෙලාවෙ ලංකාවෙ පදිංචියට ගිය මගේ බිරින්දෑත් පුතාත් ආයෙත් මෙහේ පදිංචියට ආපු එකයි...


පොඩි අතුරු කතාවක්...
අපි ජොර්දාන් ඉන්න කාලෙ නිවාඩුවකට ගෙදර ගිහින් මට ඉක්මනට ආපහු යන්න වුනා... මාස දෙකකට පස්සෙ මේ දෙන්න එනකොට මම පහුවදා එයාපෝට් යන්න ලෑස්තිවෙලා ෆ්‍රිජ් එක ලඟ වාඩිවෙලා වතුර එකක් බොන ගමන් ෆ්‍රිජ් දොරේ තිබුන නෝට් පෑඩ් එකක පැන්සලෙන් කුරුට්ටක් ලිව්ව... කාලෙකට පස්සෙ අපේ උන්දැගෙ ඇල්බම් එකක් ඇතුලෙ ඕක තියෙනව දැකල මටම හිනා....

ආදරෙත්

මා පුතුත්

නොනවතින කච කචෙත්

රැගෙන තව දවසකින්

එනවාය සමන්තී.. !



ආයෙත් කතාවට...
ඉතින් අවුරුදු දෙකක් තිස්සෙ යාලුවොත් එක්ක කාමරයක් බෙදාගෙන හිතෙන වෙලාවට කාල, හිතෙන වෙලාවට බීල, හිතෙන වෙලාවට රෑට ගෙදර එන ජීවිතේ උඩු යටිකුරු වෙලා ගියා...

ගෙවල් මාරු කරන්න...බඩුමුට්ටු ගන්න අරවද මේවද වැඩ ගොඩ වුනා...

වැඩ ඇරිල ටයි එක සාක්කුවෙදාගෙන දේර පැත්තෙ ගිහින් කන සාක්කුවෙ දාගෙන එන්න ලයිෆ්ස්ටයිල් එක වෙනුවට.. කලින් වැඩ ඇරිල... සුපර්මාර්කට් ගිහින් ගෙදර අඩුවැඩිය ලැයිස්තු වලට බඩු උස්සගෙන ගෙදර යන සිස්ටම් එකට ආයෙත් හුරු වෙන්න වුනා...

ඔය අස්සෙ හාල්පොත වගේ තිබුනු ලැප්ටොප් කබලත් කැඩිල ගියා....

හොඳ දේකුත් කලා... ඕ ලෙවල් කරන කාලෙ ඉඳන් නොයෙකුත් බාධක සම්බාධක මැද පවත්වාගෙන ආපු දුම්බීම අතෑරල දැම්ම...

ඉතින් ඔන්න ඔය ජරමර නිසා තමා මට පහුගිය දවස්වල මේ පැත්තෙ එන්න බැරිවුනේ...


මේ පැත්තෙ හුඟක් දේවල් මිස් වුණා..

ලිංගික හුටපට රැල්ල එහෙම්පිටින්ම...[ සන්ඩු සරුවලුත් එක්කම... ]

මාරය යාපනේ ගිය එක...

ජනූ නඟා කරකාර බැඳල ගිය එක...

දුකා අලුත් වියාපාරයක් පටන් ගත්තු එක...

. කීපයක් විතරයි...



. ...............................

දැන් තත්වය සන්සුන්... ඉතාලියට ටිකක් එහා ස්පාඤ්ඤෙ පැත්තෙන් පුංචි ගේ කෑල්ලක් හොයාගත්ත.... [ මෙහේ තියෙන නිවාස සංකිර්ණයක ඒකක වලට දාල තියෙන නම්... lol].බඩු මුට්ටු ටිකකුත් ලැස්ති කරගෙන පදිංචි වුණා.පොඩ්ඩගෙ ඉස්කෝල ප්‍රස්නෙ විතරයි පෙන්ඩින්ග් ලිස්ට් එකේ තියෙන්නෙ...

පරණ ලැපා හදන්නම බැරි තැන අලුතෙන් ලැපකුත් ගත්ත...


දැන් ඉතින්... සෝමතිලක ජයමහ කියනව වගේ...


ලබන නමුත් දුක් පීඩා
කූඩු වුණොත් පුංචි පැලේ
අඹු දරුවන් අතර තුරේ
මට නිම් නැති සුවය දැනේ...


ප.ලි.
මුකුත්ම ලියන්න බැරිව්ච්ච පහුගියකාලෙත් මේ පැත්තට ගොඩවෙලා බලල පොඩි පොඩි රිමයින්ඩර් හෙමත් දීල ගිය හැමෝටම ස්තුතියි...



පින්තූර ගත්තෙ මෙතැනින්..
http://erica-sweetonyou.blogspot.com/2012/02/happy-family-day.html