Monday, July 23, 2012

රට්ටුන්ගෙ කතා අසා දීගය කඩා ගැනීම හෙවත්.. මහමුදලිකමටත් වඩා ලොකු විලිලැජ්ජ නැතිකම...

මේක බ්ලොග් පෝස්ට් එකක් කිව්වට එහෙමමත් නෙමෙයි... ඊට වඩා මේක ස්ටේටස් අප්ඩේට් එකක් හැටියට තමා සලකන්න වෙන්නෙ... ඒත් ඉතින් මේ අවස්ථාවෙ හැටියට මේක නොලියත් බෑ... මොකද මම අවාරෙට පොල් වැටෙනව වගේ ඉඳල හිටල හරි මොනව හරි කුරුටු ගෑවම ඇවිත් බලන හත් අට දෙනෙක් ඉන්න නිසා...

මේක සිද්ධ වුණේ දැන් වුණාට ටික දවසක ඉඳන් හිත් හිතා හිටපු දෙයක්... අහම්බෙන් වගේ ඇතිවෙච්ච කතාබහක් නිසා තමා මේක යථාර්ථයක් බවට පත් වුණේ...

පහුගිය දොහක මාරය ෆේස්බුක් එකේ දාල තිබුන මෙන්න මෙහෙම ප්‍රශ්ණයක්...












මාත් ඉතින් බ්ලොග් ලෝකෙ හාල් කෑල්ලක් වුණාට වර්ඩ්ප්‍රෙස් ලියන අපි ( අලින්නේ අපේ කැරුම්.. )  හත් අට දෙනා වෙනුවෙන් මුලින්ම බැස්ස සටනට මෙන්න මෙහෙම...



එතකොටම සටනට අවතීර්ණ වුණා අපේ මාළු ටැංකියෙ ගෝල්ඩ් ෆිශ් මලය.. ඊළඟට ජනූ නඟා... මාරයටත් මාර සේනාව ටිකක් එකතු වුණා... ඒත් අපි තුන්දෙනා අතෑරියෙ නෑ...

To make a long story short....

කතාව දිගට ඇදිල ගියා...ප්‍රතිචාර දෙසිය හතලිස් හයයි... මම මේ කතාබහෙන් තෙරුම් ගත්ත එක දෙයක් තමා බ්ලොගර් කට්ටියට වර්ඩ් ප්‍රෙස් වලට කොමෙන්ටු දාන එක කරදර සහිත වැඩක් ය කියන එක.... ඔය ප්‍රශ්නෙ වර්ඩ් ප්‍රෙස් ලියන මටත් අනික් පැත්තට බලපානව බොහොම දරුණු විදිහට... මොකද කාලය ඉතා සීමිත නිසා වර්ඩ් ප්‍රෙස් වල ඉඳන් බ්ලොගර්ට කොමෙන්ටුවක් දාන්න  යන වෙලාවෙන් තව බ්ලොග් දෙකක් කියවන්න පුළුවන්... මෙකෙ දෙපැත්ත හොඳට පැහැදිලි වෙන කොමෙන්ටුවක් දුමිය දැම්ම...





ඔය අතරෙ තවත් වටිනා කොමෙන්ටුවක් දැම්ම දුමී... ඒකෙන් කියවුණේ මේ වර්ඩ්ප්‍රෙස් ලියන බ්ලොග් එකක් කොහොමද බ්ලොගර් වලට හරවන්නෙ කියන එක...

පස්සෙ මම අත්හදා බලන්න වගේ මේ බ්ලොගේ ඇටෙව්ව... දැන් ඉතින් හිතාන ඉන්නෙ ලියනවනම් මේකෙ ලියන්න ඒ නැතත් ඉතින් මට බ්ලොගර්  කට්ටියට කොමෙන්ට් දාන්න මේක පහසුයි නොවැ...

ඔන්න ඔහොමයි රට්ටුන්නෙ කතා අහල දීගෙ කඩාගත්තෙ...



_______________________________________________________________

ප.ලි..
මම මුලිනුත්, ඊළඟට ජනූ නඟාත් වාද පිටිය හැරගිය විට.. අන්තිම ජල බිංදුව දක්වා සටන් කල අපේ සටන් සගයා මාළු මලයාට විප්ලවීය අචාරය...

ඊට ප.ලි..
මම වැඩිය නොලිව්වත් මගේ වර්ඩ් ප්‍රෙස් බ්ලොගය තමුන්ගෙ බ්ලොග් රෝල් වල ඇතුල් කරගෙන සිටි සහෘදයිනි... සාමාවෙලා ඒක අයින් කරල මේ බ්ලොගර් බ්ලොගේ ඇතුල් කරගන්ඩල..


ඊටත් ප.ලි..
මේක සින්ඩි වලට වැටෙනකම් අරක අයින් කරන්නෙ නැතුව ඉන්නයි හිතාගෙන ඉන්නෙ එතන ලින්ක් එකක් විතරක් තාවකාලිකව තියෙන්න අරිනව...

86 comments:

  1. එලකිරි ලොක්කා......... කාලෝ අයන්තේ.... :)

    ReplyDelete
  2. අනෙ මේකනම් ලොකු උදව්වක්.. හුඟක් වෙලාවට සපා අය්යගෙ පෝස්ට් කියවල විතරක් යනවා.. කොමෙන්ට් කරන්න තියන කරදරේ හින්දා

    ReplyDelete
    Replies
    1. අය්ය මෙන්න මෙහෙම තමා ගතික පරිසරය තිල නම්‍යශීලීව කටයුතු කරන්නේ

      Delete
    2. මටත් ඔය ප්‍රශ්නෙමයි තිබුනෙ.. දැන් හරි..

      Delete
  3. අහ්, බලන් ගිහාම ෆේස්බුක් ස්ටේටස් අප්ඩේට්ස් මාර පවර්ෆුල්නෙ. :D

    ReplyDelete
  4. සාදරයෙන් පිළිගනිමු

    ReplyDelete
  5. මට නම් වර්ඩ් ප්‍රෙස් වල තියෙන ඇඩ්මින් පැනල් එක හරිම සංකීරණ වැඩී. ඊට වඩා බ්ලොගර් ලේසියි ඒ ඇරෙන්න කමෙන්ට් දාන එකත් කරදරයක් තමා.

    ReplyDelete
    Replies
    1. මම නම් හිත්න්නෙ වර්ඩ්ප්‍රෙස් ඇඩ්මින් කරන එක ලේසියි ... ඒත් සිංහල බ්ලොග් වැඩිහරියක් තිය්යෙනෙ බ්ලොගර් වල කොට.. මේක තමා තියෙන හොඳම විසඳුම...

      Delete
  6. එහෙනං ඕං මාත් මේකට ‍කන්ට්‍රෝල්+ඩී ගහලා අර ලින්කුව මැකුවා.. ;)

    ReplyDelete
    Replies
    1. ඒක මැකුව වගේම මේක ඇඩ් කර ගන්නත් ඕනැ..

      Delete
    2. ඒක ‍නෙවෙන්නං බොලං මං කිවුවෙ Ctrl+D ගැහුවා කියලා.. මේ, ඒක නෙවෙයි, බ්ලොගර්වලට මාරුවුනා කියලා ඔටෝ පෝස්ට් ලියැවිලා ඔටෝ පබ්ලිෂ් වෙන්නෙ නෑ.. තමන් මහන්සියෙන් පෝස්ට් ටිකක් ලියන්ට වෙයි.!! ;)

      Delete
    3. අන්න හරි බුරා... ලොක්කා හිතනවද දන්නේ නැහැ දැන් මේකේ ඔටෝ ලියවෙන ටූල් තියේ කියලා...:D:D:D

      (මදෑ කොර ගත්ත හරියක්...)

      Delete
    4. නෑ නෑ මේ සැරේ ලියනව ලියනවමයි...

      Delete
  7. ekane kiyanne blogger lesi kiyalaa... maaruwa 100%k saarthakaida? ehema nam matath kiyaadenna maaruwa dhaana hAti.. wordpress blogak tiyena yaaluwekta help ekak dunnAki blogger enna..


    gini nariyaa aluth version eka dhAnma nisaa sinhala kotana add-on eka kelawilaa. eikata sorry

    ReplyDelete
    Replies
    1. http://wordpress2blogger.appspot.com/

      මෙතනට ගියානම් පිලිවෙලින් උපදෙස් ටික තියනව ටූල් එකත් එක්කම... බොහෝම පහසුයි... පෝස්ට් කොමෙන්ට්ස් ඔක්කොම එනව... හිට් කවුන්ට් එක විතරක් ආයි බිංදුවෙ ඉඳන් පටන් ගන්නෙ...

      Delete
  8. අයියෝ බං මොක තිබුනම මොකද කියවන් දෙයක් තියෙනං...

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි තමා ... මේ කොමෙන්ට් දැමිල්ලෙ පහසුව තමා තියෙන්නෙ...

      Delete
  9. දීගෙ කඩාගත්ත එක වාසනාවන්... වර්ඩ් ප්‍රෙස් වාතයක්...

    ReplyDelete
  10. හලේ අපේ සපත්තුවා අපිට බූට් එක දීලා ගියා හෙනං ඈ. කමක් නෑ. සපතේරු උන්නැහෙ. මට නං දැනටමත් බ්ලොගර් බ්ලොග් එකක් තියෙනවාHeyDude කියල ඉංගිරිස් වලින් ලියන එකක්. වර්ඩ් ප්‍රෙස් 'මට හිතෙන හැටි' සයිට් එක, එක දවසයි බාල. ඉතින් මම නම් ඔය දෙකේම වාසි සහ අවාසි දැනගෙන හිටියා. බ්ලොගර් අරිට වඩා තරමක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි තමයි. නමුත් වර්ඩ්ප්‍රෙස් එකෙත් බ්ලොගර්ගෙ නැති ෆීචර්ස් තියෙනවා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්... වර්ඩ්ප්‍රෙස් ඇත්තටම හොඳ ප්‍රොෆෙෂනල් ප්ලැට්ෆොර්ම් එකක්... වැඩේ අපේ කට්ටිය ලියන්නෙම බ්ලොගර් නෙ..

      Delete
    2. හපොයි!!! සපා අයියෙ... උඹත් ස්පොට් එකට ගියා එහෙනං ඈ....???

      Delete
    3. ඇත්තටම
      මන් මේ අහන්න හිටියේ ඩුඩ්ට අදහසක් නැද්ද මාරු වෙන්න .

      Delete
    4. බින්දි, මගෙ බ්ලොගර් සයිට් එකක් තියෙනවනෙ HeyDude කියලා. ඒ පැත්තෙ ගිහින් නැත්ද? ඔය Dude හරි HeyDude උඩ කෙ‍ටුවාම කෙලින්ම එහෙ තමයි. මට තියෙන ප්‍රශ්නෙ තමයි ඕකෙන් මගෙ සිංහල සයිට් එක මග ඇරෙන එක. හුඟදෙනෙක් Dude කොටලා HeyDude ගිහින් කඩු සයිට් එකක් නිසා ආපහු යනව. හික්ස්.
      ඔයා දන්නවද වර්ඩ්ප්‍රෙස් වල කමෙන්ට් එකක් එඩිට් කරන්න වුනත් පුලුවන් කියලා. අනික කමෙන්ට් එක දාපු එකාගෙ IP address එක පවා වැටෙනවා. ලොගර් සයිට් එකක් තියෙනවනෙ HeyDude කියලා. ඒ පැත්තෙ ගිහින් නැත්ද?
      henryblogwalker the Dude

      Delete
    5. "ඔයා දන්නවද වර්ඩ්ප්‍රෙස් වල කමෙන්ට් එකක් එඩිට් කරන්න වුනත් පුලුවන් කියලා."

      අති භයංකරයි... මෙයින් මත්තට හෙන්රියාගේ තබා කිසිම වර්ඩ් ප්‍රෙස් කරුවකුට කමෙන්ට් නොදමමි... යකෝ උන් අපි දාන ඒවා වෙනස් කරලා මොනවා කරයිද කවුද දන්නේ...

      "අනික කමෙන්ට් එක දාපු එකාගෙ IP address එක පවා වැටෙනවා."

      ඒකනං අවුලක් නැහැ.. ඒත් ඒක කියවන අපිට ඇති වාසියක් නෙවෙයි නෙව..අයිතිකාරයට ඇති වාසියක්නේ.. ඉතිං අපිට ඇති වැඩේ මොකක්ද ඈ...

      මෙම කරුණූ කාරණා සලකා බැලූ කල වර්ඩ්ප්‍රෙස් කරුවන්ට කමෙන්ට් දැමීම අතිශයින්ම භයංකර තත්වයක් බව පැහැදිලිව පෙනේ...
      (ඔන්න ඔහොමයි ඌරාගේ මාළු ඌරාගේ පිටම තියලා කපන්නේ)

      Delete
    6. මම හැබෑට තාම දන්නෙ නෑ මේකෙ කොමෙන්ටු මකන අනං මනං සීන්...

      Delete
    7. මාරයා මේකට කලබල වෙලා තියෙන තරමක්. ස්ත්‍රී දූශණයකට අවශ්‍ය ආම්පන්න ඔක්කොම තිබිලත් ස්ත්‍රී දූශණයක් කරලා නෑ වගේ කමෙන්ට් එඩිට් කිරීමේ පහසුකම තිබිලත් මම මේ වෙනතෙක් එඩිට් කරලා තියෙන්නෙ මගෙම කමෙන්ට් විතරයි, උදාහරණ උඹ වෙනුවට උම ලියවුනු වෙලාවට පොඩ්ඩක් වනුවට පොස්සක් ලියවුනු වෙලාවට. බලපං මාරෙ මල්ලි මං කොච්චර හොඳද කියලා. :D
      යකෝ මාත් මේ මොන මගුලකට මේකට තර්ක කරන්න යනවද හරියට වර්ඩ්ප්‍රෙස් කාරයා මගෙ බාප්පා වගෙ හරියට ...:D
      henryblogwalker the Dude

      Delete
    8. ආයේ නැතිව... පතාක වර්ඩ්ප්‍රෙස්කාරයෙකුට ප්‍රෙස් කරලා මේ පැත්තට දාගත්තා විතරයි බොලා ඇවිදින් අභිමානවත් බ්ලොගර වාසී බින්දිට වර්ඩ්ප්‍රෙස් තෙල බෙදනකොට මං කොහොම ඇස් කන් වහගෙන ඉන්ටද.. හුහ් එව්වා සුම්මා...:D

      Delete
    9. අඩේ මාරේ මල්ලි උඹ අද මේකෙ පදිංචි වෙලාද බං ඉන්නෙ? මම හොල්මං වුනා ඒකට රිප්ලයි කරපු වේගෙට. :D
      උඹ මෙහෙට වෙලා ඉන්නවා අන්න වෙනියා ගිහින් උඹලෑ දිහෑ වලං බිඳිනවා. :D
      henryblogwalker the Dude

      Delete
    10. ආ මේ දවස්වල අවුරුදු උත්සවේට ගෙනල්ලා ඉතිරි වෙච්චා ඔහේ දාලා තියෙන්නේ වෙනීලට බිඳින්න...

      ඇයි යකෝ මේ මනුස්සයා බොහොම අමාරුවෙන් දන්න සිල්ප ඔක්කෝම දාලා ටොපි චොකලට් පෙන්නලා මායි දුමී අයියයි ඇන්න ආවේ..දැන් ඉතින් තුන් තිස් පැයේම මුර දාගෙන ඉන්න එපෑ..‍බොලාලා ආයේ මූව අවලට අදින්න හදද්දී බේර ගන්න

      Delete
  11. Welcome to the Real Blogging.....!

    අන්න හරි අන්න හරි....! වෙල්කම් ටු ද බ්ලොගර් සහෝ....! ඔන්න දැන් ඉතින් බලපන් උඹ බ්ලොගර් කෙනෙක් විදිහට බැබලෙන බැබලිල්ල....!

    දැන් ඉන්නෙ මාළුවයි, ජනුයි.....! වැඩිකල් නෑ... වැඩිකල් නෑ....!

    ReplyDelete
    Replies
    1. හෆොයි... උන් මේක දැක්කම මගෙ රෙදි ගලවයිද දන්නෙ නෑ...

      Delete
    2. ඇයි බොල දුමියා, මම , නවම් මාවත, විචාරක, ඇල්කෙමියා අන්තිම පේලිය, අරුණි ෂපීරෝ. එල කොල්ලො කෙල්ලො ටික ඔක්කොම ඒකෙ තමයි ඉන්නෙ! :D තව කීදෙනෙක් ඉන්නවද? ඒ කියන්නෙ දුමියා උඹ මෙච්චර කල් අපේ පැත්තෙ ඇවිල්ලා නෑ කවදාවත් ඈ. මට ඕක මීටර් උනේ නෑනෙ! සික්!

      henryblogwalker the Dude

      Delete
    3. කොල්ලො කෙල්ලො???

      Delete
    4. නැතුව? ඔය නවමා තමයි පොඩ්ඩක් වයසක පොරකට ඉන්නෙ. මේ ලඟදි පෝස්ට් එකකුත් දාලා තිබ්බෙ ඌට ත්‍රිතීයික ලිංගික ලක්ශණ පහල වේගන එනවා කියලා!! :D
      henryblogwalker the Dude

      Delete
  12. අපිටත් ලේසියි කොමෙන්ට් කරන්න. නියමයි.

    ReplyDelete
    Replies
    1. ඒක නොවැ මෙච්චර කතා අහගෙනත් ආවෙ..

      Delete
  13. නියමයි සපා.. මොකේ හිටියත් මන් නම් ඉතින් ලිව්වොත් හිහින් කියවනවා.. මේකට ආපු එකේ දවසකට එක බැගින් ලිපි ලියවේවා !

    ReplyDelete
  14. ඔය ඉදල හිටලා සමහර බ්ලොගර් එකකට කමෙන්ට් කරන්න අමාරු වුනාට මෙහෙම ප්‍රශ්ණයක් තියේ කියලා කව්ද දන්නෙ.මටනම් එහෙම සීන් එකක් මීටර් වුනේ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මාත් අර ත්‍රෙඩ් එකෙන් පස්සෙ තමා සීන් එක දැනගත්තෙ...

      Delete
  15. වර්ඩ්ප්‍රෙස් වල කමෙන්ට් නොකරන ගොඩට මාත් අයිතියි..ඉඳලා හිටලා හිතට වදිනම තැනක විතරයි කමෙන්ට් කලේ..

    හැබැයි සපාගෙ බ්ලොග් එකේනං මොනව හරි කෙටුවා...මුල පෝස්ට් එකේ ඉඳන්ම මේක මගෙ හිතගිය තැනක්..
    මකුලු දැල් කඩල දාලා මේක පිලිවෙලක් කරල වචනයක් දෙකක් හරි ලියනකං බලාගන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. වර්ඩ් ප්‍රෙස් කියල නෑ... ලකිය ඇවිත් මොනව හරි කොටල ගියෙ නැත්නම් මම හිතන්නෙ මොකක් හරි දෝසයක් කියල...

      Delete
  16. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. හුරේ...

    (වැඩිය මොනවත් කියන්ට යන්ට නාකයි දැන්ම..)

    ReplyDelete
    Replies
    1. අෆොයි .. අර ජනූ නඟාගෙන් හෙම අස්සවපු කතන්දර මදෑ...

      Delete
  18. අපේ අම්මේ... ඇති යාන්තන් බ්ලොගර් වලට මාරු වෙලා.
    මම් මේක ෆලෝ කරලා අර වර්ඩ් ප්‍රෙස් එක මගේ රීඩරෙන් ගලවලා දාලා මේ බ්ලොග් එක ඇඩ් කරගන්නවා. හුරේ.... :)

    ReplyDelete
    Replies
    1. බහුජන හිතාය සුඛාය..

      Delete
    2. තවමත් හිස කසමින් සිටී.... ඕං තේරෙන්ඩ කියව්වා නං....

      Delete
  19. හුරේ . . මෙන්න සපාත් අර මගුල් වර්ඩ් ප්‍රෙස් එක අතෑරලා බ්ලොගර් වලට ඇවිත් . .වෙල්කම් වෙල්කම් කීව්වා . . .

    ReplyDelete
  20. ෂා මරැනේ අර විචාරක මහත්තයට කවදා හිතෙයිද මන්දා

    ReplyDelete
  21. බ්ලොගර් පාවිච්චි කරන්නේ නියම හෙළ කොල්ලෝ, මී.ජයා මහත්තයා බ්ලොගර් ආරම්භය ගැන කියන්නේ මෙහෙමයි "ගූගල් සමාගම සාර්ථකත්වය කරා දිනෙන් දින යද්දී ජනතාව සඳහා නොමිලයේ වෙබ් පි‍ටු ලබා දීමටත් ඔවුන් කටයුතු කර ඇත. තම සමාගමේ සාර්ථකත්වය පසුපස ඇති ශ්‍රී රාවණ රජතුමාගේ ශක්තිය ඔවුන් එහිදීත් අමතක කළේ නැත. සීගිරිය බ්ලොග් එක තිබුණේ ගලක නිසා එම තාක්ෂණය "බ්ලොග් ගල්" ලෙස පුරාණ කාලයේ සිටම හැඳින්වුණි. "බ්ලොග් ගල්" යන නම බටහිරට සුදුසු ආකාරයට වඩාත් සරළ ලෙස "බ්ලොගර්"17 ලෙස හඳුන්වන ලදී."

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ වර්ඩ්ප්‍රෙස් විජාතික.. :D

      Delete
  22. deege kada gaththa kiwama mama ude pandarama duwagena awe ape akkita mokada une balanna.meka kiyewwama thamai angata le tikak inuwe...

    ReplyDelete
  23. ලෝඩ් වෙන්න වෙලා යනව ඇරෙන්න මටනං ඔය වර්ඩ්ප්‍රෙස් වල කොමෙන්ට් කරන අවුලක් තිබුණෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මම නම් මූණුපොතේ ලොගින් එක පාවිච්චි කරන නිසා අවුලක් නෑ.. හැබැයි මගේ බ්ලෝග හොයන් එන්න නම් බෑ..

      Delete
    2. මුන් මාව බොරු කියල රැවැට්ටුවවත්ද..?

      Delete
    3. මටත් පේන්නෙ මුං බොරුව කරලා තියෙන්නෙ සපා. දැන් ආපහු වර්ඩ්ප්‍රෙස් එකට මයිග්‍රේට් උනා නං මොකෝ? LOL!
      henryblogwalker the Dude

      Delete
  24. එල එල ඔය කරලා තියෙන්නේ නුවණක්කාර වැඩක්

    ReplyDelete
  25. හොඳම වැඩක් . මමත් ආසම නැහැ වර්ඩ් ප්‍රෙස් වල කමෙන්ට් කරන්න . ඉතින් සපා අලුත් ගෙදරකටත් ආ එකේ ලියන්නකෝ .

    ReplyDelete
  26. ඔන්න බලන්න කොයි තරංනං යහපත් ප්‍රතිචාර තියේද කියලා...

    ReplyDelete
    Replies
    1. ඒක හරි... ප්‍රති ප්‍රතිචාර දාන්නත් බොහොම පහසුයි..

      Delete
  27. Replies
    1. මගෙ ප්‍රති ප්‍රතිචාරත් එක්ක..

      Delete
  28. මාත් ආවා ඔන්න මේ පැත්තෙ.:)

    ReplyDelete
  29. හෆ්ෆා යන්තම් ඇති. කොමෙන්ට් එකක් කොටල යන්න පුළුවන්.

    ReplyDelete
  30. වාසනාවන්,මාත් ආවා බලන්න.අයෙත් එන්න හිතාගෙන යන ගමන්

    ReplyDelete
  31. සපතේරු මලේ මට තාක්ෂණික උපදෙසක් දෙනවාද ? මගේ බ්ලොග් එකේ අලුත් ලිපි දැන් කීප වතාවක්ම බ්ලොග් රෝල් වල අප්ඩේට් උනේ නැහැ. ඒ මදිවට ගුගලයා පිස්සු කෙලිනවා පරණ එවුව අරන් null කියල නමකින් අලුතින් රීඩර් වලට ඔබනවා. හෙන්රි බ්ලොග් වෝකර් කිවුවා ඔයා එහෙම වෙලා අලුත් බ්ලොග් එකකට මයිග්රේට් කළා කිසිම ලොස් එකක් නැතුව කියලා. මට උපදේසයක් දෙන්න පුලුවන්ද ? හැබැයි ඉතින් මොට්ටයෙකුට කියන්න වගේ පියවරෙන් පියවර කියනවද තරහ නැතුව ඒ මේල් එකකින් මේ අද්ද්රස් එකට ? slankapriya @gmail .com

    ReplyDelete
  32. Do you realize there is a 12 word phrase you can communicate to your crush... that will induce deep emotions of love and impulsive attractiveness for you buried inside his chest?

    Because deep inside these 12 words is a "secret signal" that fuels a man's impulse to love, worship and guard you with all his heart...

    =====> 12 Words That Fuel A Man's Desire Response

    This impulse is so built-in to a man's brain that it will drive him to try harder than ever before to make your relationship as strong as it can be.

    Matter of fact, fueling this dominant impulse is so essential to having the best possible relationship with your man that the second you send your man a "Secret Signal"...

    ...You will immediately find him open his soul and heart to you in such a way he never expressed before and he will distinguish you as the one and only woman in the universe who has ever truly appealed to him.

    ReplyDelete
  33. Your Affiliate Money Making Machine is ready -

    Plus, earning money online using it is as simple as 1 . 2 . 3!

    It's super easy how it works...

    STEP 1. Input into the system which affiliate products you want to push
    STEP 2. Add some push button traffic (it LITERALLY takes 2 minutes)
    STEP 3. See how the affiliate products system grow your list and sell your affiliate products all on it's own!

    Are you ready to start making money??

    The solution is right here

    ReplyDelete