

පුංචිම කාලෙ,
එදාට
අම්ම තාත්ත
ලස්සන ඇදුම්,
පුංචි බෝනික්කො
ගෙනැත් දෙනකං
බලා ඉන්න ඇති...
ගෙනැත් දුන්නම
ඒව බදාගෙන
සතුටින් උඩපනින්න ඇති....
ඊට පස්සෙ කාලෙක,
එදාට
හොස්ටල් එකේ
යාලුවො එකතු වෙලා,
රෑට හොරෙන්
කොට්ටෙ යට තියන
උපන්දින කාඩ්,
පුංචි තෑගි හම්බවෙලා
උදේම සතුටින්
හිත පුරවගන්න ඇති...
ඊටත් පස්සෙ,
පෙම්වතියක් වෙලා,
එදාට
පෙම්වතා
මල් පොකුරු
චොකලට් පතුරු
ගෙනැත් දුන්නම
සතුටින් ඉපිලෙන්න ඇති...
[ හුඟාක්ම ඉස්සර නෙමෙයි ඒ... ]
ඒත් අද...
බිරිඳක් වෙලා
සැමියා රෑ දොළහට වැඩ ඇරිල,
දනි පනි ගාල
ඇරල තිබුන එකම
බොම්බෙ චපාති හෝටලෙන්
බුරියානි එකකුත් ඔතාගෙන
ගෙදර දුවගෙන එනකොට...
දවල් දවසම පුතුත් එක්ක ඔට්ටුවෙලා
මහන්සියට ඔයා නිදි...
සමන්ති.. ඔයාට සුබ උපන්දිනයක් !!!
මැයි 13 දාට යෙදෙන සපතේරු හාමිනේගේ උපන්දිනය වෙනුවෙන් කුරුටු ගෑ සටහනක්....