Tuesday, May 27, 2014

හැබෑටම ගෑනුන් ට බැරි ඇයි...??? Is this the last nail ...???


මේක සුමානයක් විතර පරණ කතාවක sequel එකක් .. වඩාත් නිවැරදිව කිව්වොත් re-make එකක්.. මේ කතාබහ සිද්ධ වුනේ බුකියෙ. ඒත් කතාව අතරමැදදි නවත්ත්න්න සිද්ධ වුණා. ඒක නිසා තමා මෙහෙම හරි මේක ඉවරයක් කරගන්න ඕන කියල හිතුවෙ..

කතාව මේකයි..

ලෝකෙ ගැහැනු පිරිමි ඉන්නෙ දළ වශයෙන් සම සම අනුපාතයකින්..
ඒත්..
අපි පුස්තකාලෙකට හරි පොත් සාප්පුවකට හරි ගොඩවෙලා "ප්‍රබන්ධ නොවන" පොත් රාක්කවල බෑලුවොත්, [විද්‍යාව, ගණිතය , ඉංජිනේරු ශිල්ප, පරිගණක, වගේ ] මොන අංශෙක බැලුවත් වැඩියෙන්ම ලියල තියෙන්නෙ පිරිමි, ඊළඟට ලොවට නව සොයාගැනීම් නව නිපැයුම් කල විද්‍යාඥයින් ඉංන්ජිනේරුවන් ගෙන් අති බහුතරය පිරිමි , ඊළඟට ලෝකෙ බිහිවෙච්ච දාර්ශණිකයො අතරෙ කාන්තාවො නැති තරම් , ලෝකෙ පිලිගත් කිසිම ආගමක ශාස්තෲ වරයෙක් නෑ ස්ත්‍රියක්..

ඇයි මේ ..? කියලයි මම ඇහුවෙ..

මම පස්සෙ කල්පනා කරන කොට වැඩේ තව බරපතලයි .. ඊයෙ පෙරේද මම දැක්ක ලෝක ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුව. පලවෙනි පහලොස් දෙනා අතර කාන්තාවො ඉන්නෙ තුන් දෙනයි. මම හිතුව කමක් නෑ තුන් දෙනෙක් හරි ඉන්නවනෙ කියල. අනේ බැලින්නම් දෙන්නෙක් වෝල් මාට් සමාගම පිහිටවපු සෑම් වෝල්ටන්ගෙ දුවයි , ලේලියි ඒ උරුමය නිසා ලිස්ට් එකේ ඉන්නෙ, අනෙක් කෙනා ලෝරිඑල් සමාගම පිහිටවපු ඉයුජින් ෂුලර් ගෙ දුව ඒ උරුමයෙන් ලිස්ට් එකට එන්නෙ.

කොටින්ම ලෝකෙ කිසිම "ලොකු" වැඩක් කාන්තාවො කරල නෑ..

මට ඇත්තටම ඕන කලේ මේකට විද්‍යාත්මකව ම හේතුවක් තියෙනවද. ඒ කියන්නෙ කාන්තාවන්ට ස්වභාවයෙන්ම "බැරි" ද කියල දැනගන්න.

මේ ගැන නොයෙක් අදහස් පලවුණා.. [ සමහරු කෙලින්ම මාව මරා දමන්නට අවි ගත්ත , ඒවට හුම් මිටි තියන්න හෙංචයියොත් හිටිය  : D  ]. මට මතක හැටියට එකිනෙකට වෙනස් අදහස් කන්ඩායම් නියෝජනය වෙන අදහස් තුනක් මෙහෙමයි ..

සුජීව මුලින්ම සහ පසුව තවත් අය : 
ස්ත්‍රියක ට යම් ක්ෂේත්‍රයක ප්‍රවීණතාවයකට ළඟාවෙන්න අවශ්‍ය වෙන වයස වෙනකොට ඒ අයගෙ මුලු කාලය සහ අවධානය මාතෘත්වයේ වගකීම වෙනුවෙන් කැපකරාන්න වෙනව. ඒ නිසා යම් ඉලක්කයන් වෙත ළඟාවෙන්න බෑ..

චානක නොහොත් මකරා :
ස්ත්‍රියකගේ මොළයේ ජීව විද්‍යාත්මක වෙනස් කම්. උදා යම් වයසකට පැමිණෙන විට සංකීර්ණ ගැටලු ගැන අවධානය යොමු කිරීම අපහසු බව.

අනූ ඉලංගතිලක :
කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් චක්‍රය නිසා, මාසයක යම් දින සංඛ්‍යාවක් මානසිකව නොසන්සුන් තත්වයෙන් සහ ශාරීරික අපහසු තාවයන් නිසා පිරිමින් ට තරම් එකදිගට යමක යෙදෙන්නට නිදහසක් නැති බව.

සුජීවගේ අනෙක් අදහස :
ආගමික සහ සමාජ විශ්වාස නිසා කාන්තාව පස්සට තල්ලු කරනු ලැබීම.

මට හිතෙන විදිහට පොදුවේ අනෙත් සියලු අදහස් ගොනුවුනේ :
 පිරිමින් විසින් ගෙදර දොර සහ දරුවන්ගේ වගකීම් ගැහැනිය පිට පැටවීම මේ දෙකටම එකවර හේතුවන් බව. ඒ කියන්නෙ කාන්තාවන් ට "බැරි" වෙන්නටත් පිරිමින්ට "පුලුවන්" වෙන්නටත්. මේ ඡායාරූපය ඒ අයගේ සංතෝෂය ට.

හරි.. දැන් මේ ගැන අලුත් වටයකින් කතා කරමු.

පින්තූර මෙතැනින්:
http://redstatefeminists.org/commentaryA.html
http://momgrind.com/2008/06/17/easy-to-operate-stuff-was-invented-because-women-are-stupid-wordless-wednesday/


ප.ලි :
කලින් වතාවෙ ගොඩක් අදහස් පළවුණා.මීට ගොඩක් වෙනස් අදහසක් පළකරල මට මිස් වෙලා නම් සමා වෙන්න.