Tuesday, May 31, 2011

පාදඩයා - 1 - වෙනස





පළවෙනි කතාව කොළඹින් පටන් ගන්න ඕනි කියල හිතුව.මොකද ඉස්කෝලෙ යද්දිත් ,ඉස්කෝලෙන් අයින් වෙලත් ඉස්සෙල්ලම මිනිසුන් අතරට යන්න ලැබුණෙ කොළඹ නගරයෙදි හින්ද.


මට පහුගිය අවුරුදු දහතුනක කාලෙට රස්සාවල් කරන්න ලැබුණු කොම්පැනි වලට පින් සිද්දවෙන්න හරි ප්‍රයෝජනවත් ඒ වගෙම practical( එහෙම කියන්නෙ මෙලෝ රහක් නැති power point presentations වලට විතරක් සීමා වෙච්ච ඒවත් තියෙන නිසා ) management training sessions සෑහෙන ප්‍රමානෙකට සහභාගි වෙන්න ලැබිල තියනව.


පහුගිය දශක දෙකක විතර කාලෙ ලොකෙ පුරාම ඔය වගෙ trainings වල පට්ට ගහපු තියරි එකක් තමයි ඔය සමුහයෙන් වෙනස්ව සිතීම ( thinking out of the box ) කියන එක.( දැන්නම් ඕක ගැන එච්චර කතා කරන්නෙ නෑ, ඇත්තටම මේ recession එක වෙලාවෙදි සමහරු ඕක අංශක 180 කින් ආපස්සට හරවල "think back in the box" කියලත් තියරි එකක් ගෙනාවා ).


කොහොම හරි ඔය වෙනස්ව සිතීම කියන එක හරිම වැදගත් ( වැදගත් කියන වචනෙ හරිද මන්ද, මට කියන්න ඕන important කියන එක ) දෙයක්, මොකද මෙ ලෝකෙ අද තියන තත්වෙට ගෙනල්ල තියෙන්නෙ ( හොඳට හරි නරකට හරි ) සමුහයෙන් වෙනස්ව හිතපු මිනිස්සු.


මගෙ කතාව ඕක නෙමේ.. කතාව මේකයි...

ඔය මොන training එකකටවත් යන්න කලින් අපි A/L කරන කාලෙ මට "thinking differently" ගැන මං ජීවිතේට අහපු හොඳම සරලම විග්‍රහය අහහන්න ලැබුණ.management guru කෙනෙක්ගෙන් නෙමෙයි, පාර අයිනෙ ඉන්න පාදඩයෙකුගෙන්..

ඔය කාලෙ අපි නිතරම කොළඹ public library එකට යනව පාඩම් කරන්න කියල. ( කරපු පාඩම් ගැන වෙනම ලියන්න ඕනෙ පස්සෙ ). ඉතින් දවල් කෑම වෙලාවට ඔය කොල්ලුපිටියෙ පැත්තෙ හෙම ඇවිදින්න යනව.ඒ යන වෙලාවට අපිට නිතරම හම්බවෙන පාදඩයෙක් හිටිය. මිනිහ ඉන්නෙ කොල්ලුපිටියෙ හන්දියයි ,එතකොට තිබුණ මට මතක හැටියට carlton කියල ක්ලබ් එකක් ( අර Joel Prera කියල Papua New Guinea වලින් ආපු rugby coach කෙනෙක්ව වෙඩි තියල මැරුවෙ )( දැන්නම් ඔය ක්ලබ් එක නෑ මගෙ හිතේ ) එකයි අතරෙ රට පැත්තට පාර අයීනෙ තාප්ප කොටයක් උඩ වාඩි වෙල.මිනිහ හිඟන්නෙක් නෙමේ.කවදාවත් කගෙන්වත් සල්ලි ඉල්ලනව මම දැකල නෑ, ඒත් මිනිස්සු කීය කීය හරි දෙනව මම දැකල තියනව, එ කාලෙ අපිටනම් ඌට දෙන්න තියා ෆිල්ම් එකක් බලන්නවත් සල්ලි නෑ.ඒත් අපිත් ඉඳල හිටල ඔය කඩල පැකට් එකක් සිගරට් එකක් ( දැන් අහන්න එපා ඉස්කෝලෙ යන කාලෙ සිගරට් කොයින්ද කියල ) වගෙ දෙයක් දෙනව.පොර මම හිතන්නෙ ජීවිතේට නාල නැතුව ඇති ,Mob Marley වගේ ඉන්නෙ. ඉතින් ඒ කාලෙ මමත් ටිකක් නාන්න හොරයි( නෑ නෑ .. දැන් නම් එහෙම් නෑ ) ඉතින් අපේ සෙට් එක ඔතනින් යනකොට මට කිණ්ඩිය දානව ඒ අන්න සපතේරු උන්නැහෙගෙ අයිය ඉන්නව කියල. ඉතින් අපෙ එවුන් වඳුරො ටික වගේ හිනා වෙනව.අර පොර දන්නෙ නෑ මුන් නෝණ්ඩිය දාන්නෙ මට කියල..

දවසක් ඔහොම හිනා වෙවී ඔතනින් පාස් වෙද්දි පොර අපිට අත වනල කතා කළා... කරල හොඳ පැහදිලි ඉංගිරිසියෙන් සුද්දගෙ උච්චාරණෙන් පොර කියපි ....

" You buggers are laughing at me because I am different, I am laughing at you because you bloody all are the same "

..කියල, ( "උඹල මට හිනාවෙනව මම උඹලට වඩා වෙනස් නිසා, ඒත් මම උඹලට හිනාවෙනව උඹල සේරොම එක වගේ නිසා" ).

මට නිකම්ම මාරුවෙන් මාරුවට අපෙ සෙට් එකේ එක එකා දිහා බැලුන...




26 comments:

  1. අලුත් අදහසක්, දිගටම ලියන්න,
    නැවුම් දේ කියවන්න කවුරුත් කැමතියි

    ReplyDelete
  2. මගේම පරණ අතීතේ සරිසරන්න වගේම ඔය අනුන්ගේ පරණ කතා වලට හොට දාන්නත් කැමති මට මේ බ්ලොග් එක හරි රසවත් වගේ . කියමුකෝ බලන්න තව පරණ කතා . මට පෙන්නේ මමත් හොඳට දන්නා ඉසවු වලයි ඔයත් කරක් ගහල් තියෙන්නේ. සෝ ඉන්ටරස්ටින් . වෙනස් විදියට හිතනවා කිව්වට අපි හැමෝම තවම පරණ ලින් වල පීනන්න කැමති ගෙම්බෝ.

    ReplyDelete
  3. How can I follow this blog. I keep blogs I follow at the side bar of my blog.

    ReplyDelete
  4. සපතේරු උන්නැහේ . . මේ ලිපිය නම් දර්ෂනය ගැන පාඩමක මූලාරම්භයක් වගේ . .

    කියෙව්වා කියලා දන්වන්න කොමෙන්ට් එකක් දැනට දාන්නම් . . .

    මේ ලිපිය ගැන ආයේ ආයේ කියවලා හිතලා හිතුනු දෙයක් පස්සේ කියන්නම් . .

    දිගටම ලියන්න

    ජය

    ReplyDelete
  5. සුභ පැතුම් දිග ගමණකට!

    බොහොම වටින කතාවක්! කොටුවෙන් පිට හිතුවෙ නැතතං තාම ලෝකෙ පැතලියි මචං.

    ReplyDelete
  6. වෙනස් විදිහට හිතන මිනිස්සු ඇත්තටම අඩුයි. එක්කෝ වෙනස් විදිහට හිතුවත් ඒක ප්‍රකාශ නොකර පාඩුවේ ඉන්නවා, ඒත් නැත්නම් ඒක ගැන කතා කරනවා එතනින් එහාට නැහැ. අනිත් අය වෙනස් විදිහට හිතලා මුළු ක්‍රමයට වෙනස් කරන්න හදනවා. ඒකෙන් අන්තිම විදිහට එන අය හුඟාක් අඩුයි.

    මමත් අයිති වෙන්නේ මුල්ම කණ්ඩායමට මම හිතන විදිහට. ඒ වගේම වෙනස විදිහට හිතලා ඒවා හිතේ විතරක් තියාගෙන ඉන්න අයත් මට ගොඩක් හම්බවෙලා තියෙනවා...............

    ReplyDelete
  7. Luckey , බොහෝම ස්තූතියි ඇවිල්ල බැලුවට. ඊටත් වඩා ස්තූතියි කොමෙන්ටුවක් දැම්මට.. මගෙ බ්ලොග් කෙරුවාවට පළවෙනි කොමෙන්ටුව දැම්මෙ ඔබයි...නැවතත් ස්තූතියි !!!

    ReplyDelete
  8. Bindi, අප්‍රමාණ සන්තෝසයි ලියන දේ කියවල කවුරු හරි සතුටු වෙන එක ගැන.ආවටයි , කොමෙන්ටුවටයි ගොඩක් ස්තුතියි !!.. අපි දැන් වෙනස්ව හිතන නිසා තමයි පරණ දේ සතුටක් ගේන්නෙ,පොඩ්ඩක් හිතන්න .. අපි තාම ඒ කාලෙ වගෙ හිතනවනම් ඒ දේවල් හරි සාමාන්‍යයි නේද ?

    ReplyDelete
  9. I wish I could answer your query ! but if you read my first post you would know I do not understand the technicality of these things.. I'm still understanding things by "trial and error" . for your info, today I was waiting sadly , thinking that no one made any comments on my posts... until I realized that I have to approve them to appear. Thanks

    ReplyDelete
  10. දුකා ; මම මිනිසුන් අතරෙදි ඉගනගත්ත එක දෙයක් තමයි,දර්ශනය කියන්නෙ ජීවිතය විසින් මිනිසුන්ට උගන්වනු ලබන දෙයක් වග... ආව කියල දැනගන්න dot එකක් comment එකක් විදිහට තියල ගියත් ඒක ලොකු දෙයක්.. ස්තූතියි

    ReplyDelete
  11. ඉන්දික ; බොහොම ස්තුතියි !! සුබ පැතුමට .
    ඒකනෙ කියන්නෙ, පොඩ්ඩක් හිතපන් එදා ෆර්ඩිනඩ් මැගලන් සමූහයට වෙනස්ව හිතල නැවක් අරන් ලෝකෙ වටේ නොයන්න කී කාලයක් මිනිස්සු බයේ ඉන්නවද ලෝකෙ ගැට්ටට නැවෙන් ගියොත් එතනින් පහළට වැටෙයි කියල..

    ReplyDelete
  12. Hasitha; ...ලෝකෙ සාමාන්‍ය මිනිස් ස්වභාවය තමා පවතින දේට එකඟ වෙන එක, මොකද ඒක ලෙසියි...
    ඒත් පවතින දේ ප්‍රශ්න කරපු මිනිස්සු( ලෝකෙන් හරි තමාගෙන්ම හරි ) තමා ලෝකෙ ඉස්සරහට ගෙනැල්ල තියෙන්නෙ..

    ReplyDelete
  13. මාරයාගේ හෝරාව...June 2, 2011 at 10:36 PM

    දැනුයි මේක අහු උනේ රංගගේ බ්ලොග් එක හරහා..මං තාම කියවන්න උනේ මේ ලිපිය විතරයි..ඒකෙන්ම ඔළුවට ආවේ කියවන්න මෙන්ම හිතන්න දෙයක් අපට හම්බ වෙන තවත් බ්ලොග් එකක් ආරම්භ වෙලා කියලා කියන එක තමා..දිගටම කරගෙන යන්...

    ReplyDelete
  14. බොහොම ස්තුතියි ගොඩ වුනාට..

    මට හිතෙන හැටියට ලියන්නො හැම කෙනෙක්ම කරන්න ඕනෙ කියවන්නො හිතන්න යොමු කරවන එක..

    ReplyDelete
  15. වෙනස් විදිහට හිතන්න මිනිස්සු බයයි; එහෙම හිතන උන්ටත් බයයි. ඒකනෙ එහෙම කෙනෙක් දැක්කොත් එක්කො තමන්ගෙ ගොඩට දා ගන්න හදන්නෙ; එහෙම බැරි වුණොත් ගෝත්‍රයෙන් පිටමං කරන්නෙ. :D
    වෙනස් විදිහකට හිතන බ්ලොග් එකක්... ජීවිතේට වැදගත් වෙන මෙවැනි පාඩම් එක්ක දිගටම එන්න.

    ReplyDelete
  16. බොහොම ස්තූතියි ආවට....
    " ගැටලු අතිකරගැනිමේදී සිතූ ලෙසටම කොයිතරම් සිතුවත් අපිට ගැටලු විසඳාගත නොහැකිය " - මට මතකහැටියට අයින්ස්ටයින් ලොක්ක කියල තියෙන්නෙ...

    ReplyDelete
  17. Good start; keep it up!

    ReplyDelete
  18. බොහොම වෙලාවට අපි පිස්සන්ය කියල හිතන අය එහෙම ඉන්නේ ජීවිතේ හුඟක් දුර දැනගෙනයි.. ඒ අය අපිට හිනාවෙනවා කියල මටත් හිතිලා තියෙනවා.. කතාව නවයයි.. දෙන අදහස බොහොම ගැඹුරුයි.. මං ආයිත් ආයිත් එන්නම් ඔක්කොම කියවන්න.

    ReplyDelete
  19. ආවට ස්තුතියි...

    සබ්බේ පුතග්ජනා උම්මත්තකා... කියලත් තියනවනෙ...

    අපි උන්ටපිස්සො කිව්වට අපිත් පිස්සොද කවුද දන්නෙ...

    ReplyDelete
  20. බොහෝ විට පිස්සන් හැටියට ලේබල් වදින්නේ සාමාන්‍ය දෙය අසාමාන්‍ය හැටියට දකින්න උත්සාහ කිරීම වුනත් ඒතැන තියෙන්නේ out of box ගතිය කියලා හිතෙන වාර අනන්තයි. පුංචි උදහරණයක්; සැපදිල්ලා වගේ ගහකින් ගත් කිරිවලින් රබර් ෂීට් නිෂ්පාදනය කරන්න ගිහින් වැරදීම චූයින්ගම් හඳුන්වා දෙන්න වලට මුල පිරුවා කියනවා.

    දර්ශණය සම්බන්ධ පොස්ට් දෙක නම් සරළයි, උපරිමයි.

    ReplyDelete
  21. ඩීන්,

    මා විශ්වාස කරන බොහෝ දේ ඉගෙන ගත්තේ මිනිසුන් අතරින් මයි... වෙනස්ව සිතන මිනිසුන් නොවෙන්නට මේ ශිෂ්ඨාචාර බිහි නොවෙන්නට තිබුනා නොවේද ?

    ReplyDelete
  22. [...] පාර අයිනෙ හිටපු පාදඩය ගැන.ඒ කතාව මෙතැන ඇති. මේ කථාවත් පොර ගැනම [...]

    ReplyDelete
  23. මාත් ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ වෙනස් විදිහකට හිතන්න. ඒත් අමාරුම වැඩේ තමා ඒක. කොච්චර වෙනසක් කරන්න හැදුවත් අමාරුයි.

    ReplyDelete