Sunday, May 29, 2011

ඔන්න අමාරුවෙන් එකක් අටව ගත්ත...




කාලයක් තිස්සෙ කරන්න හිතාගෙන හිතාගෙන හිටපු වැඩක් තමා බ්ලොග් එකක් ලියන එක.ඒත් නොයෙක් හේතු ( මට ඔය creative වැඩ බෑ කියල වගෙ ) මමම හදාගෙන කල් යව යවා හිටියෙ .පහුගිය දවසක දුමී ගෙ 50 වෙනි පෝස්ට් එකට wish කරන්න comment එකක් දාපු වෙලේ දුමී දුන්න reply එකක් නිසා තමා හිත හදාගෙන වැඩේට බැස්සෙ.

මම අහල තියෙනව ගොවියෙක් කුඹුරු කොටනව දැකල ඒක කොච්චර ලේසිද කියල හාමුදුරු කෙනෙක් සිවුරු ඇරපු කතාවක්, අන්න ඒ වගේ මාත් මේක ලේසියි කියල පටන් ගත්තට යන්තම් පාරෙ ගෙනියන්න පුළුවන් ගානට ගන්නම දවසක් ගියා.
මුලින්ම template එක as it is පාවිච්චි කරන්න බැලුව ඒත් පොස්ට් එකේ අකුරු කුරුමිනි කකුල් වගේ, ඒ ගමන අකුරු ටිකක් ලොකු කරගන්නෙ කොහොමද කියල හොයල බැලුව, ඒ ගමන HTML වලින් tags වගයක් දාල ලිව්වොත් කරන්න පුළුවන් කියල වෙන බ්ලොග් එකක තියනව දැක්ක.ඒත් මම HTML කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ.නම අහල තියෙනව විතරයි.පස්සෙ ඔන්න tutorial එකක් බලල යාන්තමට අකුරු ටික ලොකු කරගන්න පුළුවන් තරමට තේරුම් ගත්ත.ඊට පස්සෙ ඔන්න widgets ටිකක් හෙම දාල යාන්තම් එදා වේල සයිස් එකට පත් කරගත්තෙ.ඔය ටික කරගන්න දවසක්ම ගියා.මොකද මගෙ කම්පීතර දැනුම ඔය අත්‍යවශ්‍ය වැඩ කරගන්න ඕන applications (excel,brio, power point වගෙ ) වලට සීමා වෙච්ච එකක්, ඔයHTML, JAVA, FLASH,PHP වගේ දේවල් කළුද සුදුද කියන්නවත් මම දන්නෙ නෑ.ඉතින් මේ බ්ලොග් එක කවුරු හරි බලනවනම්, මේක නිකම් අමුවට තියෙන්නෙ ඇයි කියල හිතුණොත් , හේතුව ඔන්න ඕකයි.

මෙහෙමයි... මම මෙකෙ වැඩිපුරම දාන්න යන්නෙ පහුගිය අවුරුදු බර ගානක කාලයක් මිනිසුන් අතරෙදි අහන්න දකින්න ලැබුණු දෙවල්.ඒ අරුණහම ඉඳල හිටල හොඳ පින්තුරයක් ගන්න ලැබුණ වෙලාවක ඒවත්,හොඳ පොතක් කියවන්න ලැබුණොත් ඒ ගැනත් මට මතක හැටියට ලියන්නත් හිතාගෙන ඉන්නව.

අනික මම politics and religion මේකෙන් සහමුලින්ම අහක් කරල තියන්න තමයි හිතාගෙන ඉන්නෙ.

දැනට ඔච්චරයි..



20 comments:

  1. මෙහෙම හරි පටන් ගත්තු එක ලොකු දෙයක් . .

    දිගටම ලියන්න අපි වෙලාව ලැබෙන ලැබෙන විදිහට ඇවිත් කියවලා අදහස් දක්වලා යන්නම් . .

    ReplyDelete
  2. "අනික මම politics and religion මේකෙන් සහමුලින්ම අහක් කරල තියන්න තමයි හිතාගෙන ඉන්නෙ"
    දෙකම හරි විනාසයක් තමා අබිං වගේ :)

    ඉතින් සිංහල බ්ලොග්කරණයේ දිගු ගමනක් යන්න ප්‍රාර්ථනා කරනවා ඔබට

    ReplyDelete
  3. දුකා , මං වගේ පට්ට ආධුනිකයෙකුගෙ පළවෙනි පෝස්ට් එකටම ඇවිත් කොමෙන්ටුවක් දාන්න තරම් "පළල් හිතක්"(හින්දි යෙදුමක් )තිබීම ගැන ඔබට ස්තූතියි..!!!

    ReplyDelete
  4. Hasitha ; ...බොහොම ස්තුතියි සුබ ප්‍රාර්ථනාවට,
    කතාවට කිව්වට අබිං වගේ කියල හුඟ දෙනෙක් දන්නෙ නෑ ඇයි එහෙම කියන්නෙ කියල, Hasitha නම් දන්නව ඇති..
    අබිං කියන දේ කාපු කෙනාට නොකා ඉන්න බෑ, නොකාපු කෙනාට අන්තිම අප්පිරියයි.

    ReplyDelete
  5. ඔන්න පලවෙනි එක කියෙව්වා . අය්යෝ ඔයා අඩු ගානේ power point වත් දන්නවා . කාලෙක ඉඳන් ගෙදර ඉන්න මම දැනන් හිටියේ e - mail යවන්න යි බ්ලොග් කියවන්නයි විතරයි . අපේ පොඩි උනුත් දන්නවා මට වැඩිය. සිංහල බ්ලොගර්ස් යුනියන් එකේ තියෙනවා බ්ලොග් එකක් පටන් ගන්න හැටි . ඒ ඔස්සේත් තව බ්ලොගින් සිංහලෙන් කියලා බ්ලොග් එකකිනුත් තමයි මුලික දේ ඉගෙන ගත්තේ. සත් සමුදුරේ දිනේෂ් ගොඩක් උදව් කළා මුලදී. මම මේ කියන්න හැදුවේ පොද්ද පොද්ද ඉගෙන ගත් හැටි . තවමත් හුඟක් දේ දන්නේ නැහැ. කමෙන්ට් approve නොකර ඉබේ පලවෙන හැටි ඔය කාගෙන් හරි දන්නා කෙනෙක් ගෙන් අහගන්න . වෙන වැඩ නැතුවය ඕව approve කර කර ඉන්න .අනික අදහසක් දෙන කෙනත් කැමතියි එක ඒ වෙලාවේම පළවෙනවට . හැබැයි වැදගත්මදේ තමයි හිතට වැදෙන දෙයක් ලියන එක. පහුගිය දවස් වල මාරයා , රංග අභීත ඇතුළු බ්ලොග් ලොව නමක් දිනු අය අපි වගේ අලුත් අයගේ ඇඩ් දාන්න ඉඩ දුන්න. ඒ බ්ලොග් වලට ගිහින් පොඩ්ඩක් හඳුන්වල දෙන්න .මම නම් ආයේ ඔක්කගේම ඇඩ් දා ගත්ත . මුකුත් හිතන්න එපා මේ නවකයෙක්ගෙන් පොඩි ඔත්තුවක් විතරයි. රසවත්නම් ගොඩක් අය කියවනවා.

    ReplyDelete
  6. ගොඩාක් ස්තූතියි ඇවිත් බැලුවට.. මම කොමෙන්ටු ඉබේම appear වෙන හැටි කාල් ගාල ගාල හොයා ගත්ත, දැන් හරි..
    ඔයාගෙ බුරතිනො කතාවට කොමෙන්ටුවක් ලිව්ව ඒත් යන්නෙ නෑනෙ.. error message එකක් එනව blogger එකෙන්.

    ReplyDelete
  7. මාරයාගේ හෝරාව...June 2, 2011 at 10:46 PM

    "අනික මම politics and religion මේකෙන් සහමුලින්ම අහක් කරල තියන්න තමයි හිතාගෙන ඉන්නෙ."

    එහෙමම වෙන්න ඕන කියලනං මම හිතන්නේ නැහැ..මොකද මිනිහෙකුගේ අත්දැකීම් වැඩි වෙන්න වෙන්න ය ගැන තියෙන දැනුමත් වැඩි වෙනවා..අද ඕය දේවල් ගැන කතා කරන වැඩි හරියක් තමන් ඉන්න වට පිටාවෙන් ඔබ්බට අඩිය තියලා තියෙන අය නෙවෙයි..මිනිස්සු අතර..ජීවත් වෙච්ච අය නෙවෙයි..සමාජයේ විවිධත්වය දැකපු අය නෙවෙයි..ඒ වගේ අය උඩ පැන පැන ඒ ගැන කතා කරනකොට සමාජයේ ගැටිලා තෙම්පරාදු වෙච්ච චරිතයක් වගේ කියලා හැගෙන (මේ ගැන හරියටම දැනට කියන්න බැහැ..තවම පෝස්ට් 2යි නේ ඒ දෙකට අනුව හිතට වැටුන දේ මම කිව්වේ) ඔබ වැන්නකුගෙන් ඒ දේවල් ගැන ලියවෙන එක නරකක් වෙයි කියලානං මම හිතන්නේ නැහැ...

    ඔන්න බලන්න මෙතනම වෙනස..මේක ලියාගෙන යද්දී දැක්කේ හසිත මලයගේ කොමෙන්ටුව..එකම දේ ගැන අපි අතර කොයිතරම්නං වෙනස් මතයන් තියේද..?ඒක තමයි මේ බ්ලොග් ලෝකයේ තියෙන සුන්දරම දේ මම දකින විදියට...

    අනිත් කාරණාව තමා දැනට මේ බුලොග් එකේ තියෙන පෙනුමට මම නම් බොහෝම ප්‍රියයි..ඒ වගේම ඉක්මනට ලෝඩ් වෙනවා...මම ඉල්ලීමක් හැටියටම කරන්න කැමතියි ඒ සරලත්වය දිගටම තියා ගන්න උත්සහ කරන්න කියලා...

    ඒ එක්කම අර ගැජට් එකක් තියෙන්නේ ඊමේල් හරහා අළුත් පෝස්ට් එකක් දාපු ගමන් අපට දැනුම් දීමක් කෙරෙන..ආන්න එහෙම එකක් දාගත්තනං අපිට ඒක ලොකු පහසුවක්...ඒ ගැනනම් දුමීගෙන් ඇහැවුවත් කියා දෙයි..මොකද මාත් ඔය අනං මනං ගැනනං තාමත් "වැඩ බැරි දාස කෙනෙක්"

    සුභ පතනවා දිගු ගමනකට...!

    ReplyDelete
  8. මාරයා: මම දුමීගෙ බ්ලොග් එක හරහ ගිහිල්ල සිංහල බ්ලොග් කියවන්න ගත්තහම හිතා ගත්ත එක දෙයක් තමා මේකෙ ඉන්න කට්ටිය හුඟක් සමානකම් තියන අය බව. IT professionals ල එතකොට විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයො නැත්නම් ඒ වගේ තැන්වල උගන්වන අය.. මේ වගේ.. ඒ අතරෙ මම දැකපු වෙනස්ම කෙනෙක් ඔබ..ඇත්තෙන්ම ඔබ වගේ කෙනෙක් මෙතන නොහිටින්න වෙළෙන්දෙක් ( Retailer ) වෙච්ච මම මේ වැඩෙට අත නොගහන්න තිබුණ...ඉතින් ඒ ගැන ඔබට ස්තුතියි. ( බලන්න අපි නොදන්නව උණාට අපි කරන දේවල් අනිත් අයගෙ ජීවිත වලට බලපාන හැටි...)

    මෙහෙමඉ මම politics & religion මේකෙන් අහක් කරල තියෙනව කිවුවට, ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මගෙ දෙශපාලනයක් නෑ කියල, හැම මිනිහෙක්ම දෙශපාලන සත්වයෙක්,ඉතින් මේ තරම් මිනිසුන් අතරෙ ගැවසිච්ච මටත් දෙශපාලනයක් තියනව...

    ඒ වගේමයි ආගමත් මම හිතන විදිහට ආගම හා දර්ශනය තමා මිනිහෙක්ට විනය දෙන්නෙ.. මම කියන්නෙ මේ බොරු සදාචාරය ගැන නෙමෙයි.. තමා අනුන්ට කරදරයක් නොවී ජීවත් වීම තමයි මං විනය කියල කියන්නෙ...ඉතින් මමත් ආගමිකයි. ඒ වගේම බෞද්ධ දර්ශනය තේරුම් අරන් ජීවත් වෙන්න උත්සාහ කරනව.....

    නමුත් මම ඔය දෙක මේකෙන් ඈත් කරල තියා ගන්න හදන හේතුවත් මම බහු ජනවාර්ගික.. බහු ආගමික.. බහු සංස්කෘතික ..බහු දේශපාලනික මිනිසුන් අතර ජීවත් වෙද්දි ඇති කරගත් විනය නිසා.. මොකද ඔය දෙකම තමා මත කවුරු හරි පටවනවට සාමාන්‍යයෙන් මිනිසුන් කැමති නෑ...

    ඒත් ඔබගේ අදහසට මං ඉතාමත්ම ගරු කරනව... ඉදිරියගැන අපි බලමු...

    ReplyDelete
  9. මේ බ්ලොග් එක අමුවෙන් තියෙනවයි කියල හිතුණෙ නෑ. පැහැදිලිව පෙනෙන හින්දා ඇහැට ලේසියි. අනික, සෝබන වැඩ කොච්චර තිබුණත් වැඩක් නෑනෙ කියවන්න දෙයක් නැත්නම්. ඔයාගෙ මුල් පෝස්ට් දෙක දැක්කහම හිතෙනවා හුඟක් වටින බ්ලොග් එකක් වෙයි කියලා. දිගු ගමනකට සුභ පැතුම්.

    ReplyDelete
  10. ස්තූතියි අදහසට....

    මම වෘත්තියෙන් retailer කෙනෙක් (වෙළෙන්දෙක්) ... අපිට ඔය නොයෙකුත් visual merchandising .. වැඩ ( අදාල සිංහල වචනය දන්නෙ නෑ ) කරන්න වෙනව... අපේ බඩු ආකර්ශනීය විදිහට පාරිභොගිකයන්ට ඉදිරිපත් කරන්න.... මම ඒවයෙදි ලමයින්ව train කරල තියෙන්නෙ" less is more " .. කියන theory එකට...

    ඉතින් ඒ සරල බව තුලින් අදාල දේට වැඩි අවධානයක් ලැබෙයි කියල මම හිතනව...

    දැනටම එහෙම දකින කෙනෙක් සිටීම සතුටක්...

    ReplyDelete
  11. ඔන්න මම ඔබට සුබ පතනවා.. මං වගේම එකෙක් නේ.. මාත් ඔහොම මොන මල ඉලවුවක්වත් නොදැන තමයි මේකට අද වැටුනේ අන්තිම පේලිය හරහා. අපරාජිතය තමයි මගෙ ගුරා බ්ලොග හදාගන්න. අය්යෝ ඌ මට බැනපු තරමක් බ්ලොගක් පටන් ගන්න කියල.. හැබැයි ඒක අදහසකට මට එකඟ වෙන්න බැහැ. ලෝකේ හැමදේම දැන් ආගමත් දේශපාලනයත් එක්ක ගැට ගැහිලා තියෙන හින්ද කොහොමද ලියන්නේ ඔවුව අතැරලා ? තමුන්ටම වැට කඩුලු පනවා ගන්න එපා ඔහේ ලියන්න මං වගේ.. ලියන්නේ තමුන්ගේ අදහස්නේ..

    ReplyDelete
  12. සුබ පැතුවාට ස්තුතියි...

    ආගම සහ දෙශපාලනය ගැන මාරයට ලියූ පිලිතුර ඩිංගක් බලන්න...

    ReplyDelete
  13. ඔන්න පොස්ට් ආපස්සට කියවන් ආවා.

    මෙතැන අමු ගතියක් නැහැ. Simply minimalist ගතිය ගොඩාක් හොඳයි. ඕං ඉතිං පටන් ගත්ත දෙය ලස්සනට, හරබරව දිගටම කරගෙන යන්න .. සුබ පැතුම්!

    ReplyDelete
  14. ඩීන්..

    ස්තූතියි අන්තිම ( මුල්ම )පෝස්ට් එක දක්වා කියෙව්වාට...ඔබේ සුබ පතුම් ගොඩක් වටිනවා.. බ්ලොග් ලෝකයේ අකුරු අහුලන ආධුනිකයෙක් වන මට..

    ReplyDelete
  15. කාබේරි කෙල්ලට පින් සිද්ද වෙන්න අපිත් ඔන්න බැලුවා වැඩේ (දැනට) හොදයි

    සුදු ගාමිණි අයියා

    ReplyDelete
  16. ඔක්කොම කියෙව්වද?...

    මේකෙ ඔය දකුණු අත පැත්තෙ තියෙන links වලින් නෙලුම් විල කියන එක click කරල, ඒකෙ අලුත්ම ලිපිය සහ පහලින් යන විචාර බලන්න... මම තනි කරෙන් ගේමක ඉන්නෙ..

    ReplyDelete
  17. මාරයාගේ හෝරාව...July 10, 2011 at 8:44 AM

    හා හා ඔබ තනිවී නොමැත..සැඟවී සිට සහය දෙන්නන් එමට සිටී..එහෙත් තවමත් හැලිය රත් වී නොමැත..

    ReplyDelete
  18. ඇඟේ වතුර ටික යන්තම් ලේ වුනා....

    ප.ලි
    ඔය උඩින් කොමෙන්ට් එක දාපු කෙනත් හොඳ සඳැසෙක් ඒකයි කිව්වෙ..

    ReplyDelete
  19. භය
    ඔන්න බබෝ ඇතින්නියා
    ගල්අරඹේ සිටින්නියා
    ඌ ඇවිදින් ගිල දමතැයි
    ඌට බයේ නිදන්නියා

    කිරි එරවා එන්ට ගියා
    කිරි මුට්ටිය ගගේ ගියා
    කිරි නැතිවෙයි කියා සිතී
    බයේ බයේ නිදන්නියා

    අම්මා මළ බව අසලා
    බිය වැදිලා හද සසලා
    නින්දෙදී මා හැඩු හැටි
    නුදුටු වෙහිද හද ගැහිලා

    ඔන්න බබෝ බිලු එනවෝ
    අඩන ලමයි අල්ලනවෝ
    ඌ ගෙනයයි කියන බයෙන්
    ගෙත˛ලට වී මා සිටියෝ

    ටිකිරි ටිකිරි ලිදට ගියා
    කබරගොයා දියබරියා
    අබිමානා බකමූණා
    මුන්ට බයේ වයස ගියා

    මහසෝනා රීරි යකා
    බෝදිලිමා මෝහිනියා
    රෑපානේ නියත නියා
    සිටියෙමි රෑ තනිව නොයා

    දෙමාපියන් වැඩිහිටියන්
    නෑදෑයින් හිත මිත˛රන්
    උන්ට බයේ නොකරපු වැඩ
    කියල වැඩක්නෑ බලපන්

    හැදියාවයි ක˛ල සිරිතයි
    හෙල උරැවයි බොදු බැතියයි
    මේ උවදෙස් වලට බියෙන්
    කෙතරම් දෑ අත්හලේද

    පිය බිරියයි නැන්දම්මයි
    මයිල නුවයි මාමණ්ඩියි
    නෑනන්ඩියි ඇගෙ මිනිහයි
    නිසා බයේ හිටියෙ නැද්ද

    ලොක˛ දෝනියි බෑනන්ඩියි
    පොඩි ලේලියි පුංචි පුතයි
    කී කී දේ කරන්නෙ දැන්
    උන්ට බයේ නෙවෙයි ද මම්

    වැස්සට බයයි තෙමුනොත් ලෙඩ වෙන හින්දා
    අවුවට බයයි අවුවත් සැර වැඩි හින්දා
    සීතට බයයි සීතෙන් වෙවුලන හින්දා
    සුලගට බයයි සුලගෙන් වැනසෙන හින්දා

    කන්නට බයයි CHEMICAL සැර වැඩි හින්දා
    බොන්නට බයයි වක˛ගඩු ක˛නු වෙන හින්දා
    නින්දට බයයි හෙට වැඩ වැඩි වෙන හින්දා
    නින්දට යන්නෙ නොබියව කවදද මන්දා

    දරැවන් ලෙඩවේද කියලා එහෙන් බයයි
    තරගෙන් පරදීද කියලා එහෙන් බයයි
    විපතක් සිදුවේද කියලා එහෙන් බයයි
    ඕක˛න් පිටුපාද කියලා එහෙන් බයයි

    ලොක්කා බනී කියලා හිතෙනකොට බයයි
    මක්කා කළත් වරදී දැයි එහෙන් බයයි
    සොක්කන් කරේයයි හිතෙනකොට තව බයයි
    ඉක්කා නොවැටෙන්න හේත˛ව බයම තමයි

    හරියට කන්නෙ නෑ ලෙඩදුක් වලව බයෙන්
    හරියට බොන්නෙ නෑ වැඩිවෙයිද යන බයෙන්
    හරියට අදින්නෑ වියදමට ඇති බයෙන්
    හරියට කතා නෑ වරදීද යන බයෙන්

    ගමට බයයි එහි කරදර වැඩි හන්දා
    නගරෙට බයයි එහි ඊටත් වැඩි හන්දා
    ඇසුරට බයයි නොමගට පෙලඹෙන හන්දා
    තිනිකම හොදයි නිති බය පවතින හන්දා

    බසයට ගොඩවුනා හැප්පෙයි කියල බයයි
    ඒකෙන් බැස්සහම හප්පයි කියල බයයි
    ජන ගග ත˛ලදි කොල්ලාකයි කියල බයයි
    තනිවුනු විටදි තනිකම හින්දාම බයයි

    නිවසින් පිටදි මංපහරන්නන්ට බයයි
    නිවසෙදි දොර කඩාගෙන ඒදෝද බයයි
    කැළයට ගියා වනමුරැගන් වේද බයයි
    ලැග්මට තැනක් නෑ නිබදම බයම තමයි

    වනේ ගිජිදාය දුටහොත් වනසාය
    ලිදේ පනිදාය වැටුනොත් ඌ කාය
    අතෙකින් කරවැලෙකි අතකින් දඩුබෑය
    බයේ බැරි කමට මිනිහා පැණි කෑය

    අනේ දොස්තරය දුටුවොත් වනසාය
    ග˛නේ නැති අඹුට දැනුනොත් හිස කාය
    අතෙකින් බෙහෙත් පෙති අතෙකින් මීටරය
    දියවැඩියා කරැත් හොරැහින් පැණිකෑය

    කොලෙස්ටරෝල් හින්දා බැහැ තෙල් කන්න
    දියවැඩියාව හින්දා බැහැ පැණි කන්න
    පපුවේ හතිය හින්දා නැහැ ලුණු කන්න
    මේවට බයේ නැහැ ලුණු ඇඹුලින් කන්න

    උපදින්නට බයයි මරනෙට යන හන්දා
    මරනෙට බයයි යලි යලි උපදින හන්දා
    හිනැහෙන්නට බයයි කදුලත් ලග හන්දා
    බයෙන් මිදෙන්නේ කොහොමද අනෙ මන්දා

    බය ගැන හිතෙනකොට මටනම් හරිම බයයි
    දැන් මට තියෙන්නේ අවසන් නොවන බයයි
    දිග වැඩිවීම පිලිබදවත් ටිකක් බයයි
    බය ගැන නොසිතන්නෙ බයටම තිබෙන බයයි

    දෙන්නට බයයි අගහිග කම් වෙන හන්දා
    ගන්නට බයයි දෙන්නේ කොහොමද මන්දා
    ඉන්නට බයයි නිති යන්නට වෙන හින්දා
    යන්නට බයයි යන එන මං නැති හින්දා

    ReplyDelete
  20. මේ යන විදිහත් නරකම නෑ. කොටින්ම අයියා ලියන දේවල් වල හැටියට අපි ලියන එවුවා මොනාද කියලා හිතෙනවා.

    ReplyDelete