Saturday, March 3, 2012
සුනාමියක් ආවෝ... !!
මෙච්චර කල් කුරුටුගාපු සටහන් කීපයට වඩා මේක වෙනස්...
මේක පුද්ගලික සටහනක්....
ඒත් ඉතින් අර කවුද කිව්ව වගේ සිංහල බ්ලොග් අවකාසෙ ඉතින් දැන් සමාජ ජාලයක් වගේ වෙච්ච් කොට මේකත් ලියල දැම්මම හොඳයි කියල හිතුන... මේක ඉස්සරහට ලියන්න තියෙන තවත් පුද්ගලික සටහන් වලට ආරම්භයක් හැටියටත් ගන්න පුලුවන්...
පහුගිය දවස්වල ටිකදවසකට ජාලෙ පැත්තෙ එන්න බැරිවුණා... එහෙම වුනේ මගෙ මේ එකම ලතාවට හීන් සැරේ අවුරුදු දෙකක් විතර ගලාගෙන ගිය ජීවිතේට සුනාමියක් ආව නිසයි...
සුනාමිය කියන්නෙ මහ පුදුම දෙයක්.... අපිට හිතාගන්න බැරි තරම් විසාලයි.... බලවත්... සුනාමියක් මිනිස්සුන්ගෙ ජීවිතවල මහ බරපතල වෙනස්කම් කරන්න සමත්...
මගෙ ජීවිතේට මේ සැරේ ආව සුනාමිය ආදර සුනාමියක්....
හෝව් ... හෝව්... නෑ... එහෙම දෙයක් නෙමෙයි.... මේ කිව්වෙ .... අපි ජොර්දාන් වල ඉඳල මම ඩුබායි වලට ආපහු ආව වෙලාවෙ ලංකාවෙ පදිංචියට ගිය මගේ බිරින්දෑත් පුතාත් ආයෙත් මෙහේ පදිංචියට ආපු එකයි...
පොඩි අතුරු කතාවක්...
අපි ජොර්දාන් ඉන්න කාලෙ නිවාඩුවකට ගෙදර ගිහින් මට ඉක්මනට ආපහු යන්න වුනා... මාස දෙකකට පස්සෙ මේ දෙන්න එනකොට මම පහුවදා එයාපෝට් යන්න ලෑස්තිවෙලා ෆ්‍රිජ් එක ලඟ වාඩිවෙලා වතුර එකක් බොන ගමන් ෆ්‍රිජ් දොරේ තිබුන නෝට් පෑඩ් එකක පැන්සලෙන් කුරුට්ටක් ලිව්ව... කාලෙකට පස්සෙ අපේ උන්දැගෙ ඇල්බම් එකක් ඇතුලෙ ඕක තියෙනව දැකල මටම හිනා....
ආදරෙත්
මා පුතුත්
නොනවතින කච කචෙත්
රැගෙන තව දවසකින්
එනවාය සමන්තී.. !
ආයෙත් කතාවට...
ඉතින් අවුරුදු දෙකක් තිස්සෙ යාලුවොත් එක්ක කාමරයක් බෙදාගෙන හිතෙන වෙලාවට කාල, හිතෙන වෙලාවට බීල, හිතෙන වෙලාවට රෑට ගෙදර එන ජීවිතේ උඩු යටිකුරු වෙලා ගියා...
ගෙවල් මාරු කරන්න...බඩුමුට්ටු ගන්න අරවද මේවද වැඩ ගොඩ වුනා...
වැඩ ඇරිල ටයි එක සාක්කුවෙදාගෙන දේර පැත්තෙ ගිහින් කන සාක්කුවෙ දාගෙන එන්න ලයිෆ්ස්ටයිල් එක වෙනුවට.. කලින් වැඩ ඇරිල... සුපර්මාර්කට් ගිහින් ගෙදර අඩුවැඩිය ලැයිස්තු වලට බඩු උස්සගෙන ගෙදර යන සිස්ටම් එකට ආයෙත් හුරු වෙන්න වුනා...
ඔය අස්සෙ හාල්පොත වගේ තිබුනු ලැප්ටොප් කබලත් කැඩිල ගියා....
හොඳ දේකුත් කලා... ඕ ලෙවල් කරන කාලෙ ඉඳන් නොයෙකුත් බාධක සම්බාධක මැද පවත්වාගෙන ආපු දුම්බීම අතෑරල දැම්ම...
ඉතින් ඔන්න ඔය ජරමර නිසා තමා මට පහුගිය දවස්වල මේ පැත්තෙ එන්න බැරිවුනේ...
මේ පැත්තෙ හුඟක් දේවල් මිස් වුණා..
ලිංගික හුටපට රැල්ල එහෙම්පිටින්ම...[ සන්ඩු සරුවලුත් එක්කම... ]
මාරය යාපනේ ගිය එක...
ජනූ නඟා කරකාර බැඳල ගිය එක...
දුකා අලුත් වියාපාරයක් පටන් ගත්තු එක...
. කීපයක් විතරයි...
. ...............................
දැන් තත්වය සන්සුන්... ඉතාලියට ටිකක් එහා ස්පාඤ්ඤෙ පැත්තෙන් පුංචි ගේ කෑල්ලක් හොයාගත්ත.... [ මෙහේ තියෙන නිවාස සංකිර්ණයක ඒකක වලට දාල තියෙන නම්... lol].බඩු මුට්ටු ටිකකුත් ලැස්ති කරගෙන පදිංචි වුණා.පොඩ්ඩගෙ ඉස්කෝල ප්‍රස්නෙ විතරයි පෙන්ඩින්ග් ලිස්ට් එකේ තියෙන්නෙ...
පරණ ලැපා හදන්නම බැරි තැන අලුතෙන් ලැපකුත් ගත්ත...
දැන් ඉතින්... සෝමතිලක ජයමහ කියනව වගේ...
ලබන නමුත් දුක් පීඩා
කූඩු වුණොත් පුංචි පැලේ
අඹු දරුවන් අතර තුරේ
මට නිම් නැති සුවය දැනේ...
ප.ලි.
මුකුත්ම ලියන්න බැරිව්ච්ච පහුගියකාලෙත් මේ පැත්තට ගොඩවෙලා බලල පොඩි පොඩි රිමයින්ඩර් හෙමත් දීල ගිය හැමෝටම ස්තුතියි...
පින්තූර ගත්තෙ මෙතැනින්..
http://erica-sweetonyou.blogspot.com/2012/02/happy-family-day.html
Subscribe to:
Post Comments (Atom)
යන්තං ඇති ....දැන් ඉතින් මකුළු දැල් කඩල ආපහු පටන් ගමු...සපතේරු උන්නැහේට බැරිනං හාමිනේට කියල හරි අපි මේක ලියවන්න ඕන..:D
ReplyDelete(ටිකක් සද්දෙට)
මෙන්න ඇවිල්ලෝ...කට්ටියම එන්ඩෝ.....
මුලින්ම මේකට ආපු වෙලාවෙත් පලවෙනි කොමෙන්ටුව දාපු ඔබතුමාම මේ යලි පටන්ගැන්මටත් ඇවිත් බැකප් එක දුන්න එකට තැන්කු ඈ.....
ReplyDeleteසපතේරු ළමයා හොඳ වෙලා වගේ. හාමිනේම එන්න ඕන ඉතින් සුනාමියක් අරගෙන...
ReplyDeleteබොහොම සන්තෝසයි මේකෙ මකුළු දැල් කඩා දාලා ආයෙම එළියට ගත්තට. ආසාවෙන් කියවන බ්ලොග් කිහිපයෙන් එකක්. ජය!
ඔය මකුළු දැල් බැඳිච්ච අපි ආසාවෙන් කියවන තව බ්ලොග් කීපපයක්ම තියනවා..ඒවත් සුද්ධ කරන්න අයිතිකරුවන්ට මතක් වේවා...
ReplyDeleteසැටිපිකැට් ඇත්ත...
ReplyDeleteමටත් සුනාමියක්වත් ආවනම්.... :D
ReplyDeleteමම අහල තියෙනව සුනාමියට කලින් මුහුදෙ වතුර අඩුවෙලා තියෙනව දැකල කට්ටිය මුහුදට පැන්නලු මාලු අල්ලන්න.... ආදාට රඟ දැනෙයි.... :D
ReplyDeleteබලාගෙන යනකොට සුනාමිත් නරකම නෑ.
ReplyDeleteඅපොයි ඔයා නැති කාලේ මේ පැත්තේ වෙච්ච ජාති...:D
ඒක නෙමේ පිරිමි තනියම ඉන්න එකට කැමතිද? අකැමතිද? පිරිමින්ගේ පැත්තෙන් මේ අහන්නේ.:)))
මුලින්ම පොඩ්ඩිට පහුවුනු උපන්දින සුබ පැතුම් !!!
ReplyDeleteපොඩ්ඩි මී උගුලෙ කතාව අහල නැද්ද..? එලියෙ ඉන්න මීයන්ට පේන්නෙ ඇතුලෙ ඉන්න උන් චීස් කකා ජොලියට එහෙ මෙහේ දුවනව වගෙ... ඉතින් ඇතුලට යන්න මයි හිත.... ඇතුලෙ ඉන්න උන් එලියට එන්නමයි හිත....
සුනාමියට ජය!!!!!
ReplyDeleteතැන්කූ ඈ...
ReplyDeleteහැමදාම වෙසක් නැහැ කියන්නේ ඕක තමා...
ReplyDeleteඅපිටනං ඉතිං හැමදාම වෙසක්...:D
ඔහොම යං.... පොසොන් එනකොට දෙගොඩ තලාගෙන එයි....
ReplyDeleteමේ එනෝ . . . .
ReplyDeleteකෙල්ල මතක්වෙද්දි පාලුයි දුකයි තමයි . . ඒත් මගෙ මනාපෙ තනියෙන් ඉන්න
ReplyDeleteලබන නමුත්දුක් පීඩා
ReplyDeleteකූඩු උනොත් එහා පැලේ
අඹු දරුවන් නැති අතරේ
මට නිම් නැති සුවය දැනේ
ෂ්.. ෂ්.. කට .. කට...
ReplyDeleteමං ඒත් බැලුවා ගූගල් රීඩර් එකට වැරැදීමක් වත් වෙලාද කියලා.. නෑ බොලේ මෙන්න සපා ඇත්තටම පෝස්ට් එකක් දාලා.. :)
ReplyDeleteමට මතක්වුනා 'දිවැස හෙලනු මැන' නාට්‍යයේ මෙන්න මේ පද දෙක...
ReplyDeleteපාළුව තනිකමයි හදවත රජයන්නේ..
ළදකට පමණි එය සුව කල හැක්කේ..
මම සපතේරු උන්නැහෙගෙ කොමෙන්ට් කියවලා තියෙනවා මිසක් බ්ලොග් එකට ආපු බවක් මතක් නෑ. දැන් ඉඩ ලැබුනු වෙලාවට එනවා.
ReplyDeletehenryblogwalker the Dude
පෝස්ට් එකක් කිව්වට.. මුට්ටියක් දාල බැලුවෙ... ආපහු එන්න කලින්.... කවුරුත් කියවන්න එයිද කියල...
ReplyDeleteආයුබෝවන් henryblogwalker the Dude, ...... මමත් Dude ගෙ කොමෙන්ට්ස් මිසක් සිංහල බ්ලොග් එක කියවල නෑ.... පහුගිය දවස්වල නෙට් එක නැතුව හිටපු කාලෙ දවසක් දුකා එක්ක කතාකරකර ඉන්න වෙලාවක දුකා තමයි කිව්වෙ "මට හිතෙන හැටි" බ්ලොග් එක ගැන.... දැන් ඉතින් ජාලෙත් හරිගිය එකේ ඇවිත් කියවන්න ඕන...
ReplyDeleteවෙල් කම් බැක් කිව්වා. ලියන්නකො බලන්න ඉස්සර වගේම..
ReplyDeleteආයුබෝං කිව්වා... ලියමු ලියමු...
ReplyDeleteඉතාලියට පොඩ්ඩක් මෙහා කිව්වා, අනෙ මටත් තියෙනවා ඔය සාජා පැත්තෙයි, ඩුබායි වලයි කීප පලාතක් බැරිද නම් ටික හොයා දෙන්න? සුභ පැතුම් අලුත් ජීවිතේට
ReplyDeleteඅපිට කොයින්ද සුනාමි ;D
ReplyDeleteඅම්බෝ සෑහෙන කාලෙකට පාසේ සපත්තු අයියෑ පෝස්ට් එකක් කියවන්ඩ පුලුවන් උනේ.
ReplyDeleteදැන් එහෙනම් ආයෙමත් ලියමු.
සාදරයෙන් පිළිගනිමි සපතේරු උන්නැහේව. දුකාත් දෙය්යනේ කියලා අලුත් බිස්නස් එකකට අතගහලා තියෙන්නේ!
ReplyDeleteකමක් නැහැ කොහොම හරි මකුළු දැල් එහෙම කඩලා මේ විදියට හරි පොස්ට් දාපු එක ගැන සතුටුයි.
ReplyDeleteඅපොයි මම පාරවල් හොයල දුන්නොත් එලට තියෙයි.... මේ ලඟදි අපි කට්ටිය මගදි මුණගැහිල අපේ ගෙදර යන්න ගියා... මගේ ගෙදර යන පාර මටම හොයාගන්න බැරිවෙලා රුචක ය ළඟ තිබුනු පෙයාර්ස් ද ඇපල් ද කියන ටැලිපෝන් එකට පින් සිද්දව්න්න පාර හොයා ගත්තෙ...
ReplyDeleteදවසක එනවාමයි... මගාරින්න බෑ ලොක්කා...
ReplyDeleteඔව් මලේ.... හුඟ කාලයක් මගෑරුනා... දැන් හරි...
ReplyDeleteඔව් ඩීන් අයියා... දැන් ලියන්න ඕන ආපහු...
ReplyDeleteහප්පේ යන්තං ඇවිල්ල ඉන්නෙ, මගෙ සපත්තු කුට්ටමත් අබලන් වෙලා.....
ReplyDeleteඇයි ඔබී ගහන්නෙ සපත්තුවෙන්ද..??
ReplyDeleteසපත්තුවෙන් ගහන්නවත් මොකියක් වත් හොයාගන්න බැරි එකා ගැන දුක හිතෙනව ;-))
ReplyDeleteදෙන්නං අද. මං මේක ප්‍රින්ට් කරං ගිහිල්ල ගහනව බොලැයි ගෙදර දොරේ. එතකොට බලාගන්න බැරිය අප්‍රේල් මාසෙ රඟේ.. හෙහ් හෙහ්
ReplyDeleteවෙල්කම් වෙල්කම් සපා. මදැයි ආයෙම එන්න ගිය කල ඈ.......
ReplyDeleteඑක්කියක් හොයාගෙන්නෙ සපත්තුවෙන් කන්න විතරමයිද ? ;)
ReplyDeleteඇයි බොට වගේ දිව දාන්න...
ReplyDeleteඔය ඉතිං ඔබා මං ගැන දන්න තරම තමා.. :P
ReplyDeleteදැන් එහෙනම් දිගටම ලියනවනේ....!!!
ReplyDeleteසපතේරු උන්නැහේ ආයෙත් වැඩ අල්ලලා කියලා දැනගත්තාම හිතට දැනුන සතුට මට මෙතන ලියලා පෙන්වන්න බෑ ..
ReplyDeleteඉතින් ආයෙමත් වතාවක් නොලියා ඉන්න හිතන්න එපා ..
හා එහෙනම් අපි එනවා ආයිමත් සපාව බලන්න..හැබැයි වැඩි කල් අරගන්නෙ නැතුව ලියන්න..නොලියපු කාලෙ දේවල් ගොඩක් ඇති නේද ?
ReplyDeleteකොච්චර එකක්ද ආපු එක . පුංචි ගෙදර සතුට පිරේවා !!
ReplyDeleteකෝ ! සපත්තු සාප්පුව පුස් කනවෝ...
ReplyDeleteහප්පේ සපතේරු අයිය දැක්ක කල්!!! එහෙනං ඕං ආයෙමත් සුපුරුදු විදියට ලියන්ඩ එන්ඩ!!!
ReplyDeleteඅහ් සපා අය්යා අද තමා බ්ලොග් එකට ගොඩ උනේ......
ReplyDeleteපට්ට ඈ..... මේ පොස්ට් එක විතරයි තාම කියෙව්වෙ .... ඉතුරුටිකත් හෙමිහිට කියවන්න ඕනෙ....
ආදරෙත්
මා පුතුත්
නොනවතින කච කචෙත්
රැගෙන තව දවසකින්
එනවාය සමන්තී.. !
හෙ හේ..... මටත් හිනාගියා මේක කියවලා
ඔන්න එහෙනම් නිකිත වයි අක්කවයි දෙන්නවත් මතක් කරගෙනම අපි මාරු වෙනවා
සපතේරු උන්නැහේ. මොකද බොලං සද්දයක් නැත්තේ?
ReplyDelete