Tuesday, May 27, 2014

හැබෑටම ගෑනුන් ට බැරි ඇයි...??? Is this the last nail ...???


මේක සුමානයක් විතර පරණ කතාවක sequel එකක් .. වඩාත් නිවැරදිව කිව්වොත් re-make එකක්.. මේ කතාබහ සිද්ධ වුනේ බුකියෙ. ඒත් කතාව අතරමැදදි නවත්ත්න්න සිද්ධ වුණා. ඒක නිසා තමා මෙහෙම හරි මේක ඉවරයක් කරගන්න ඕන කියල හිතුවෙ..

කතාව මේකයි..

ලෝකෙ ගැහැනු පිරිමි ඉන්නෙ දළ වශයෙන් සම සම අනුපාතයකින්..
ඒත්..
අපි පුස්තකාලෙකට හරි පොත් සාප්පුවකට හරි ගොඩවෙලා "ප්‍රබන්ධ නොවන" පොත් රාක්කවල බෑලුවොත්, [විද්‍යාව, ගණිතය , ඉංජිනේරු ශිල්ප, පරිගණක, වගේ ] මොන අංශෙක බැලුවත් වැඩියෙන්ම ලියල තියෙන්නෙ පිරිමි, ඊළඟට ලොවට නව සොයාගැනීම් නව නිපැයුම් කල විද්‍යාඥයින් ඉංන්ජිනේරුවන් ගෙන් අති බහුතරය පිරිමි , ඊළඟට ලෝකෙ බිහිවෙච්ච දාර්ශණිකයො අතරෙ කාන්තාවො නැති තරම් , ලෝකෙ පිලිගත් කිසිම ආගමක ශාස්තෲ වරයෙක් නෑ ස්ත්‍රියක්..

ඇයි මේ ..? කියලයි මම ඇහුවෙ..

මම පස්සෙ කල්පනා කරන කොට වැඩේ තව බරපතලයි .. ඊයෙ පෙරේද මම දැක්ක ලෝක ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුව. පලවෙනි පහලොස් දෙනා අතර කාන්තාවො ඉන්නෙ තුන් දෙනයි. මම හිතුව කමක් නෑ තුන් දෙනෙක් හරි ඉන්නවනෙ කියල. අනේ බැලින්නම් දෙන්නෙක් වෝල් මාට් සමාගම පිහිටවපු සෑම් වෝල්ටන්ගෙ දුවයි , ලේලියි ඒ උරුමය නිසා ලිස්ට් එකේ ඉන්නෙ, අනෙක් කෙනා ලෝරිඑල් සමාගම පිහිටවපු ඉයුජින් ෂුලර් ගෙ දුව ඒ උරුමයෙන් ලිස්ට් එකට එන්නෙ.

කොටින්ම ලෝකෙ කිසිම "ලොකු" වැඩක් කාන්තාවො කරල නෑ..

මට ඇත්තටම ඕන කලේ මේකට විද්‍යාත්මකව ම හේතුවක් තියෙනවද. ඒ කියන්නෙ කාන්තාවන්ට ස්වභාවයෙන්ම "බැරි" ද කියල දැනගන්න.

මේ ගැන නොයෙක් අදහස් පලවුණා.. [ සමහරු කෙලින්ම මාව මරා දමන්නට අවි ගත්ත , ඒවට හුම් මිටි තියන්න හෙංචයියොත් හිටිය  : D  ]. මට මතක හැටියට එකිනෙකට වෙනස් අදහස් කන්ඩායම් නියෝජනය වෙන අදහස් තුනක් මෙහෙමයි ..

සුජීව මුලින්ම සහ පසුව තවත් අය : 
ස්ත්‍රියක ට යම් ක්ෂේත්‍රයක ප්‍රවීණතාවයකට ළඟාවෙන්න අවශ්‍ය වෙන වයස වෙනකොට ඒ අයගෙ මුලු කාලය සහ අවධානය මාතෘත්වයේ වගකීම වෙනුවෙන් කැපකරාන්න වෙනව. ඒ නිසා යම් ඉලක්කයන් වෙත ළඟාවෙන්න බෑ..

චානක නොහොත් මකරා :
ස්ත්‍රියකගේ මොළයේ ජීව විද්‍යාත්මක වෙනස් කම්. උදා යම් වයසකට පැමිණෙන විට සංකීර්ණ ගැටලු ගැන අවධානය යොමු කිරීම අපහසු බව.

අනූ ඉලංගතිලක :
කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් චක්‍රය නිසා, මාසයක යම් දින සංඛ්‍යාවක් මානසිකව නොසන්සුන් තත්වයෙන් සහ ශාරීරික අපහසු තාවයන් නිසා පිරිමින් ට තරම් එකදිගට යමක යෙදෙන්නට නිදහසක් නැති බව.

සුජීවගේ අනෙක් අදහස :
ආගමික සහ සමාජ විශ්වාස නිසා කාන්තාව පස්සට තල්ලු කරනු ලැබීම.

මට හිතෙන විදිහට පොදුවේ අනෙත් සියලු අදහස් ගොනුවුනේ :
 පිරිමින් විසින් ගෙදර දොර සහ දරුවන්ගේ වගකීම් ගැහැනිය පිට පැටවීම මේ දෙකටම එකවර හේතුවන් බව. ඒ කියන්නෙ කාන්තාවන් ට "බැරි" වෙන්නටත් පිරිමින්ට "පුලුවන්" වෙන්නටත්. මේ ඡායාරූපය ඒ අයගේ සංතෝෂය ට.

හරි.. දැන් මේ ගැන අලුත් වටයකින් කතා කරමු.

පින්තූර මෙතැනින්:
http://redstatefeminists.org/commentaryA.html
http://momgrind.com/2008/06/17/easy-to-operate-stuff-was-invented-because-women-are-stupid-wordless-wednesday/


ප.ලි :
කලින් වතාවෙ ගොඩක් අදහස් පළවුණා.මීට ගොඩක් වෙනස් අදහසක් පළකරල මට මිස් වෙලා නම් සමා වෙන්න.

23 comments:

  1. .
    [ යම් වයසකට පැමිණෙන විට සංකීර්ණ ගැටලු ගැන අවධානය යොමු කිරීම අපහසු බව ]
    මේක ගැටලුවේ ස්වභාවය අනුව. සමහර ගැටලු තියෙනවා Deapth First Searching/ Analyzing කරන්න ඕනෙ ඒවා. මුලින් එක Branch එකක් Analyze කරල ආපහු මුලට ඇවිත් අනිත් Branches ගැන වරකට එක බැගින් බලන්න ඕනි දේවල්. (උදා: චෙස් ) . කාන්තාවන්ගේ මොළයේ කිරියාකාරිත්වය අනුව අපහසු වෙන්නෙ ඒ වගේ දේවල්ලු.

    Breadth First Analyzing වලදි කාන්තාවන් පිරිමින්ට වඩා ඉස්සරහින් ඉන්නවාලු. (උදා: ගෙදර හැම වැඩක් ගැනම අවධානයෙන් ඉන්න එක වගේ දේවල්)

    මේ කාරණයත් එක්ක කාන්තාවො ඉස්සරහින් ඉන්න ක්ෂේත්‍රයි පිරිමි අය ඉස්සරහින් ඉන්න ක්ෂේත්‍රයි ගැන ගලපල බලන්න

    ReplyDelete
  2. වෙලාවට මට ඔය කිව්ව ප්‍රශ්නය අහපු තැන පේජ් එක ඕපන් කරලා තියලා බොහෝ වෙලාවකට පස්සේ ආයේ බලන්න වුනේ. එතැනදි මං ලයික් දමන්න ගියහම ඒක මකා ඇති බව කියන පණිවුඩය ආවා. ඒ පාර මෙච්චර අගනා කොමෙන්ට් ටික අපරාදේ කියලා හිතිලා ස්ක්‍රීන් ෂොට්ස් අර ගත්තා. :D

    ReplyDelete
  3. ඉස්සර ගෑනු ළමයි ගෙයින් පිට යැව්වෙත් නෑනේ. දැන් නම් ටික ටික වෙනස් වෙයි නේද?

    //ලෝකෙ කිසිම "ලොකු" වැඩක් කාන්තාවො කරල නෑ//
    හැබෑට කිසිම ලොකු වැඩක් කරලම නැද්ද ??!

    PS: මේ...පරිගණක ක්ෂේත්‍රයේ නම් කාන්තාවෝ කිසි දෙයක් කරලා නෑ කියන්න බෑ. ලෝකේ පළමු පරිගණක ක්‍රමලේඛනය ලිව්වෙත් එඩා ලව්ලෙස් කියන කාන්තාව නේ. :P

    ReplyDelete
  4. මගේ නං අදහස වෙන්නෙ මේ කියපු කාරනා සියල්ල අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන් කියන එක. උදාහරණයක් විදියට කලකට ඉස්සර කෙල්ලන් ඉංජිනේරු පීඨයට ගියා අඩුයි. සෑහෙන්න අඩුයි. මේක කාන්තා මොලයේ කේස් එකක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  5. ගැහැණු අයගෙ මොළය සහ පිරිමි අයගෙ මොළය ගත්තාම විශාල වෙනසක් තියෙනවා. ඒ තොරතුරු සංවිධානය කරගන්න විදිහෙ.

    ආදරය, මාතෘත්වය, ගෙදර, ලයිට් බිල්, අල්ලපු ගෙදරට එහා ගෙදර, facebook, රෑට උයන එළවලු, හෙට කඩෙන් ගේන දේවල්.. මාළු කාරයාගෙ සද්දෙ, ටෙලිෆෝන් බිල, දරුවාගෙ ක්ලාස් එකට පයින් යන්න තියන දුර සහ සැමියා ගෙදර එන වෙලාව.. මේ ඔක්කොම ගැහැණු මොළය ඇතුළෙ එකකට එකක් Combine වෙලා තමයි වැඩ කරන්නෙ. ඒ බැඳීම බිඳින්න බැරි තරම්ම සංකීර්ණයි. එක දෙයක් හිස් වෙනකොට ඊට සමාන තොරතුරක් එතැන්ට පුරව ගන්න අපි නිරායාසයෙන්ම ක්‍රියාත්මකයි.

    වාසනාවට පිරිමි එහෙම නෑ.. හරි පිළිවෙළයි. මනස! කාමරය ඇඳුම් වැඩ රාජකාරි තියා පරිගණකයවත් පිළිවෙළට නැති පිරිමි අයගෙ මොළය හරි පිළිවෙළයි.. හරියට ලොකර් සිස්ටම් එක වගේ. එකක ඇරෙනකොට එකක් වැහෙනවා. ආදරයට කොටසයි. තාත්තාගෙ වගකීම් කොටසයි.. රැකියාව කොටසයි.. එක දොරක් ඇරෙද්දි.. අනික වහනවා.. අවධානය යොමන්නෙ එක තැනකට විතරයි.

    ඒ නිසා තමයි. රස්සාවට යන තාත්තාට හවසට ළමයාව එක්ක එන්න කියලා බාරදෙන එක ටිකක් අවධානම්.

    හැබැයි මේ ක්‍රියාවලියෙදි පිරිමියෙක් වැටුණොත් වැටුණාමයි.. ගැහැණිය මහ ඉහළකට නොනැග්ගාට, කවදාවත් වැටෙන්නෙ නෑ..

    ඔසප් චක්‍රය හා ඒ ආශ්‍රිත සංකූලතා නිසා මොළයේ ක්‍රියාකාරීත්වයට පොඩි පොඩි පීඩන එල්ල වෙන එක හැබෑව. ඒත් ඒක ගැහැණියව දුර්වල කරන්නෙ නෑ. සමාජීය ආගමික පසුබැම නිසා පස්සට දාපු ගැටලු තිබුණත්! අද වෙනකොට ඒවා සෑහෙන්න අඩුයිනෙ. හැබැයි ගෑණු පිරිමි තරම් ප්‍රැක්ටිකල් නෑ.. ගෑණුන්ට තර්ක කරන්න පුළුවන්. දිනන්න පුළුවන්. න්‍යායාත්මකව. ඒත් ප්‍රා යෝගිකව පිරිමි තරම් ගෑණුන් දක්ෂ නෑ.. ඒ වැඩේට. ඒකත් මොළය හා සම්බන්ධයි.

    ඒත් මේ ලෝකෙ දක්ෂ ගෑණු නැතිවම නෙවෙයිනෙ. ප්‍රමාණය අඩුයි. ඇත්ත. ඒ තර්කය සහ යථාර්ථය පිරිමින්ට වැඩිපුරත්, සිහිනය සහ දැකීම ගැහැණුන්ටත් වැඩිපුරත් පිහිටලා තියෙන නිසා. ඇයි එහෙමනං ගෑණු ලේඛකයො අඩු! ගැහැණු තමන් විසින් පවරගත්ත වැඩ නිසා වෙලාව මදි වෙලා. ලියන අයට ඇයි සම්මාන අඩු!! ඇරියස් ටික ඉස්සල්ලා කවර් කරන එකයි ගැහැණු අයගෙ ලිවීමේ එකම අරමුණ. ඒත් කවදාවත් ඇරියස් ඉවර වෙන්නෙ නෑ. එකක් ඉවර වෙන්න එකක් එනවා.. එයාලාගෙ පොත් වුණත් යථාර්ථයට කිට්ටු නෑ කියලා ඔයාලාම දැකලා ඇති..

    ReplyDelete
    Replies
    1. ගැහැණු මොළයට එක වර වැඩ කීපයක නිරත වෙන්න පුලුවන් (multitasking)
      උදා හරණයකට ගැහැණියකට රෙදි මදින ගමන් ටීවි එකේ යන කතාව බලන්න පුලුවන්, ටෙලිපෝන් එකෙන් කතා කරනගමන් මහන්න පුලුවන් වගේ...

      පිරිමි මොළයට එකවර එක වැඩක විතරයි නිරත වෙන්න පුලුවන් (single tasking)
      උදාහරණයකින් කිව්වොත් තාත්තා කෝල් එකක් ගන්න කොට නිතරම ටීවි එකේ සද්දෙ අඩු කරන්න කියන්නෙ ඒ වෙලාවට අවධානය යොමු කරන්න පුලුවන්නේ කෝල් එකට මිසක් ටීවි එකට නොවන නිසා..

      Delete
    2. මට බස් එකේ යන ගමන් මල් කඩ කඩ යන්න බැරි උනාට එයාට එහෙම පුළුවන් වෙන්න හේතුව ඒකයි එහෙනම්.

      Delete
  6. By all means, marry. If you get a good wife, you'll become happy; if you get a bad one, you'll become a philosopher. :D

    ReplyDelete
    Replies
    1. රන්දුනා දැන් උඹ කියන්නේ වාසනා ෆිලෝසොෆර් කෙනෙක් කියල එහෙනම් ඈ :D

      Delete
    2. වෙන්ඩැති........... :D :D :D

      Delete
  7. හේතු හොයන්ඩ කලින් සපා, අර "ලොකු වැඩ" ලිස්ට් එකට තව එකතු වෙන්ඩ ඕන නේද?
    වැඩිපුර මිනී මරන්නෙ
    මාරාන්තික රිය අනතුරු සිදු කරන්නෙ
    ත්‍රස්තවාදි නායකයො වෙන්නෙ....

    ඔය ආදී වශයෙන්?
    :D

    ගැහැණු අය පවුලෙ වගකීම් කරට ගන්න එක ලොකුම හේතුවක් මම දකින විදිහට. සහකාරියට රස්සාවට යන්න, බිස්නස් එක ඉහළට ගෙනියගන්න ඉඩ ඇරලා, ළමයි බලාගෙන ගෙදර වැඩ ටික කරගෙන ඉන්න පිරිමි අය හම්බෙන්නෙ ඉතාම කලාතුරකින්නෙ. එච්චර ඕන නෑ, අඩු ගානෙ ළමයෙක් ලෙඩ වුණ වෙලවටවත් ගෙදර නතර වෙලා ළමයා බලාගන්න පිරිමි අය අඩුයි. හුඟක් වෙලාවට සහකරුගෙ දෙමවුපියන් බලා ගන්න එකේ ඉඳල, ගෙදරක සේරම වැඩ ගැන හොයා බලන්න වෙන්නෙ ගැහැණු අයට. ඒ නිසා රැකියාවට, උසස් අධ්‍යාපනයට හෝ විනෝදාංශයන්ට වෙලාව/ ශ්‍රමය වැය කරන්න වෙන්නෙ හුඟක් අඩුවෙන්.
    තවත් එකක් තමයි අනුන්ගෙ සිහින වෙනුවෙන් තමන්ගෙ සිහින අතරමග හැලීමට සිද්ද වෙන එක. ළමා කාලෙදි නැත්නම් තරුණ කාලෙදි තමන් කරන්න ආස දේවල් ගැන හීන මැව්වට, හුඟක්විට විවාහයෙන් පස්සෙ සහකරුගෙ හීන ඉටු කර ගැනීම පිණිස තමන්ගෙ හීන යටපත් කරගන්න වෙනවා කාන්තාවන්ට. එහෙම නැත්නම් දෙමවුපියන්ගෙ හීන- මුණුපුරෝ හදන ඒවා වගෙ දේවල් නිසා. ඔච්චර ලොකු දේවල් තියා, අඩුම ගානෙ විවාහෙකින් පස්සෙ තමන්ගෙ යාළුවන් ආස්සරේ කරන්නවත්, යාළුවො එක්ක ගමන් බිමන් යන්නවත්, ක්‍රීඩාවල නියැලෙන්නවත් ලැබෙන්නෙ නෑ හුඟක් ගැහැණු අයට.
    මේ දේවල්වලට හුඟක් බලපාන්න ඇත්තෙ ගැහැණු ළමයින්ව පොඩි කාලෙ ඉඳන් වැඩිහිටියන් සහ සමාජය විසින් හැඩ ගස්වන්නතේ විදිහට අනුන් වෙනුවෙන් තමන්ගෙ ජීවිතය කැප කරවන්න නිසා වෙන්නැති. ළමයින්ව එක සමාන ලෙස සළකා අනුග්‍රහය දෙනවනම්, මේ හුඟක් දේවල් ඉදිරියෙදි වෙනස් වෙයි.

    ReplyDelete
  8. අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් අවුරුදු 50 කින් 60 කින් වෙනස් කරන්න බෑ. තවම ගැහැණුන්ට අධ්‍යාපන අයිතිය ලැබිල ගත වෙලා තියෙන්නෙත් දශක ගානක් විතරයි.... තව අවුරුදු 4000 කින් විතර මේ තත්වය වෙනස් නොවී තියෙයිද? ඒ වගේම ඔය මොළය ගැන කථාත් පරිණාමීය සාධක නෙ නේද?
    ඉතින් අපි තව දුරටත් පරිණාමය වෙනව කියල හිතුවොත් ඔය මොළයෙ ස්වභාවයත් වෙනස් වෙයි.

    ReplyDelete
  9. අර මූනු පොතේ උඹ මේක දාපු වෙලාවේ දාපු කොමෙන්ටුව ආයේ දානවද නැද්ද? එතන ෆේක් උන් ඇවිත් බැන්නත් දන්න කියන උන්නේ බන් . . ඒත් මෙතන එහෙමද?

    ඇනෝලා මාව මරන් කයි . . කොටින්ම අපේ මේ යාලු ගෑනු ටිකම ඇනෝ ඇවිත් කුරුසෙට තියලා ඇණ ගහයි කියලා බයයි . .

    XX දෙනවද වෙඩි කනවද . . .

    ඒ හින්දා ඔන්න ඔහේ ඒක නොකියා ඉන්නවා කියලා හිතුවා බන් :P :D

    ReplyDelete
  10. පොඩි එකෙක් එක්ක අම්මෙක් විඳින දුක තාත්ත කොච්චර ආදරේ උනත් ඒකෙන් 10% වත් කරන්න බැරි කම කියන දේවල් දෙක දැක්කම පේනවා කාන්තාව මේ අතින් ඉස්සරජ්හට නොයන එකට හේතු. ඒ වගේම පිරිමින්ගේනුත් බරගානක් යට තමාට අවශ්‍ය "තැනට යාමට" බැරි වෙන එක ප්‍රධාන හේතුවක් කුටුම්භය. අනික ඔය කියන සිරා පොරවල් පුද්ගලික ජීවිතයේ වගකීම් පැහැර හරි අයයි.

    ReplyDelete
  11. උත්තරේ සිම්පල්

    ඔක්කොම 'ලොකු' වැඩ ටික පිරිමි ටික කරද්දී, ඉතුරුවෙන 'වැදගත්' අටෝ රාශියක් වැඩ ටික ගැණුන්ට කරන්න තියෙන හින්ද

    ReplyDelete
  12. අර ඉස්සරල කිව්ව වගෙ ගැහැණිය තාම කුස්සිය මුල්ලෙන් සහමුලින්ම එලියට ඇවිත් නෑ.ඉතින් කොහොමද ලොකු දේ බලාපොරොත්තු වෙන්නෙ. ඔය ඔක්කොම දේ හොයාගත්ත මිනිස්සු ආවෙ ගැහැණියගෙ බඩෙන් සපා.
    බුදු හාමුදුරුවො ඔය ගැන කිව්වෙ මෙහෙමයි "ඉත්ථිපි පණ්ඩි‍තෝ හෝති තත්ථ තත්ථ විචක්කණා" මට මතක හැටියට ඒකෙ තේරුම ස්ත්‍රිය සමාන බුද්ධිමතෙක් කියන එකයි.. ඒ කිව්වෙ අවුරුදු දෙදාස් පන්සිය හැටකට ඉස්සර..

    ReplyDelete
  13. මේක හරි බයානක මාතෘකාවක්නෙ.

    ReplyDelete
  14. උඹ කරන්න හදන්නේ අපිට ගෙවල්වලිනුත් එලියට බහින්න වෙන වැඩක්.

    ඕකට ඉතින් ඕච්චර කෑ ගහන්න ඕනේද?

    ReplyDelete
  15. ඕක සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක්, ඇත්තමයි. ඔන්න කාලක්‍රියා කරලා හරි ඊටත් එහා ගිහින් බග්‍යවන්ත වෙලා හරි එහෙමත් නැත්තන් බෝධිසත්වම වෙච්ච වෙලාවකට වගේ ඕවට උත්තර නිකන්ම එලි බහිනවා, එතකොට ඉතින් මේවගේ ලියන්න වෙන්නනේ උත්තර. හෙක් හෙක්.

    ReplyDelete
  16. අද හෙටම ගෙදරින් එලවයි වගේ , ඉන්න තැනක් හොයාගන්නම බැරිවුනොත් කතා කරහන්

    ReplyDelete
  17. කෙල්ලන්ට පුළුවන් රෙද්ද තියා....මහ ලොකුවට යන්නේනම් රට හොල්ලන්න...
    අන්තිමට හොල්ලන රෙද්දක් නෑ ඇනගෙන පාඩුවේ අයින් වෙලා බලං ඉන්නවා....

    ReplyDelete