Saturday, July 2, 2011
ටැක්සි රියදුරා සහ ආයතනික ප්‍රතිපත්ති
මේක මම අහපු කතාවක්...
මට නම් හොඳින් මතක හිටපු කතාවක්... මම මේකෙ තාම කතන්දරයක් දැම්මෙම නෑනෙ.. ඉතින් මේක ලියල දාන්න ඕනෙ කියල හිතුව...
මට මෙ කතාව කිව්වෙ ජොර්දානයෙ අම්මාන් නගරයෙදි කුලී රථ රියදුරෙක්...
ජොර්දානය ඇවිල්ල මැදපෙරදිග තියෙන වෙනස්ම රටක්...තුන්වෙනි ලෝකයෙ කියන්නෙ.. ආයි ඒකෙ හොඳම එක... ඒ තරම් ආදයම් විෂමතාවයක් තියෙන රටක් මගෙ ජීවිතේට දැකල නෑ...
හොඳම උදාහරණයක් කියන්නම්...
මමයි අපෙ සපතේරු හාමිනෙයි ඒ කාලෙ නැවතිලා හිටියෙ බටහිර අම්මාන් කියන ප්‍රදේශයෙ ගෙදරක... අපි තට්ටු තුනක් තියන ගෙදරක බිම් මහල තමයි කුලියට අරන් හිටියෙ.ඒ ගෙදර අයිතිකාරය Royal Jordanian ගුවන් සේවාවෙ chief pilot... ගෙදර අපි හිටපු කොටස හැර මුලු ගෙදරම ඔහුගෙ පවුලෙ කට්ටිය තමයි පාවිච්චි කළේ... ගෙදර පාව්ච්චියට Mercedes-Benz කාර් එකකුත් අලුත්ම Mitsubishi Montero ජීප් එකකුත්,Hyundai Santa Fe වර්ගයෙ ජීප් එකකුත්,ජොර්දානයෙ මුලින්ම ලියාපදිංචි කරපු ඇන්ටික් Citroën කර් එකකුත් තියෙනව...
ඊ ළඟට....
අපි හිටපු ඒ ගේ පහු වුණ ගමන්ම පාරෙන් අනිත් පැත්තෙ ඉන්නව තව පවුලක්.ඔරිම ඔරිජිනල් බදුවින්වරු... ගෙයි බිත්ති හදල තියෙන්නෙ ලංකාවෙ ගල් වැටි බඳිනව වගෙ ගල් එක උඩ එක තියල... ගේ වටේම බැටළු ගාල...
උදේට මම දකිනව අපේ පයිලට් මහත්තය අර කියපු ඒවයින් එක වාහෙනේකින් airport එකට යනව airbus එක පදවගෙන Newyork හරි Dalas හරි යන්න.. ඒ වෙලාවටම අපේ එඬේර මහත්තය බූරුවගෙ පිටෙ නැගල බැටළු රැළ දක්කගෙන එ පාරෙම යනව හිස් ඉඩම් තියන තැනකට බැටළුවන්ට තණකොළ කවන්න....මවාගන්නකො විෂුවල් එක .....( දැන් නැවතිලා ලියනකොට සඳරු මලයගෙ ගම මතක් වුණා ).
කතාව පිට ගියා... ජොර්දානෙ ගැන වෙනම ලිව්වොත් හොඳා වාගෙ...
ඉතින් මම දවසක් ටිකක් ඈතක ඉඳන් ගෙදර එන්න ටැක්සියකට නැග්ගහම ඩ්‍රයිවර් ඉංග්‍රීසියෙන් කතා කළා...( ඉතින් ඕක ලියන්න දෙයක්ද..?.. ඔව්... ! එහේ 98% ටැක්සි ඩ්‍රයිවර්ල කතාකරන්නෙ අරාබි ) මමත් සතුටු වෙලා වල් පල් කතා කර කර ආව... මට තෙරුන මිනිහ අනික් ටැක්සි ඩ්‍රයිවර්ලට වඩා මොකක්ද වෙනසක් තියෙන බව...
මම ඇහුව තව මොකුත් රස්සවක් කරන ගමන් මේක පාට් ටයිම්ද කරන්නෙ කියල... පොර කියනව නෑ මම කර කර හිටපු රස්සව අතෑරල මෙක ෆුල් ටයිම් කරන්නෙ කියල... බැලින්නම් පොර උපාධිධාරී වාරිමාර්ග ඉන්ජිනේරුවෙක්... ( මට කලින් වැඩකරපු තැන බිස්නස් කාර්ඩ් එකකුත් පෙන්නුව )..
( මට එවෙලෙ හැබයි හිනාවකුත් යන්න ආව.. මොකද පොර කියන්නෙ ඇත්ත වුනාට මට මේකෙ අමුතු උත්ප්‍රාසයක් තියෙනව... ඇයි දන්නවද ජොර්දානය කියන්නෙ පොළොවෙ ගලන මෙලෝ වතුරක් නැති රටක් ).
ඒ ගමන මම ඇහුව මොකද ඒ රස්සාවෙන් අයින් වුණේ කියල, පොර කියනව "මම එතන ආයතනික ප්‍රතිපත්ති වලට කැමති වුනෙ නෑ" (I didn't like the company policies over there ) කියල.... පස්සෙ company policies ගැන කතාව ඇදිල ගියා.. මමත් අපේ company තියෙන වැඩකට නැති policies ගැන කිව්ව... එතකොට තමයි පොර මට මේ කතාව කිවුවෙ... ( පොරට මේක කියල තියෙන්නෙ කලු ඇමරිකානුවෙක් ).
කතාව මේකයි......
ඔන්න ලොකු කූඩුවකට වඳුරො පස් දෙනෙක් දානව...
කූඩුවෙ වහලෙ කෙසෙල් ඇවරියක් එල්ලල තියෙනව.. එතනම ඒකට නගින්න ඉණිමගකුත් තියෙනව....
ටික වෙලාවකින් එක වඳුරෙක් ඉණිමගේ නැගල කෙසෙල් ඇවරිය ගන්න හදනවනෙ... එතකොට්ම අනිත් වඳුරන්ට පට්ට සීතල කරපු තද වතුර පාරක් විදිනව....
අර වඳුර අතනින් අහක් වුණ ගමන්ම වතුර නවත්වනව...
ආයි ටිකකින් තව එකෙක් කෙසෙල් ගෙඩි වලට කිට්ටු කරනව... එතකොටම ආයි ජල ප්‍රහාරෙ දෙනව... වඳුර අයින් වුණ ගමන් නවත්වනව...
ඊළඟ පාර.......
වඳුරෙක් කෙසෙල් ගෙඩි වලට කිට්ටු කරනකොටම අනික් වඳුරො සෙට් එක පැනල ඌව නවත්තනව.... ඇයි දන්නවනෙ ඌ ගියොත් අනික් උන්න්ට ශීත ජල ප්‍රහාරය ෂුවර් කියල...
ඊළඟට.... එක වඳුරෙක් අයින් කරල අලුත් වඳුරෙක් දානව... ඌ මේ ජල කතාවක් මොකුත් දන්නෙ නෑනෙ... ඌ කෙළින්ම කෙසෙල් ඇවරියට කිට්ටු කරනව... එතකොටම කලින් ජල ගුටි කාපු සෙට් එක පැනල මූට නෙළනව අම්බානකට... අනේ ඌ පැත්තකට වෙනව... දැන් තව ජලගුටි කාපු එකෙක් අයින් කරල අලුත් එකෙක් දානව ... ඌටත් අර සන්තෑසියම්යි...
මදිවට..... අර ජල කතා මොකුත් දන්නෙ නැතුව අනිත් උන්ගෙන් ගුටිකාපු වඳුරත් පැනල අලුත් එකාට නෙළනව ඌ කෙසෙල් ඇවරියට කිට්ටු කරපු ගමන්ම...
ඇයි..??....... "මෙතන එහෙමයි වැඩ සිද්ධ වෙන්නෙ !!"
ඔහොම එක එක එකා අයින් කරල, අලුත් උන් එකතු කරල දැන් කූඩුවෙ අර මුලින්ම ජල ප්‍රහාරයට ලක් වෙච්ච එක වඳුරෙක්වත් නෑ...
ඒත්...
කොයි වෙලාවක හරි කොයි වඳුරෙක් හරි අර කෙසෙල් ඇවරිය අල්ලන්න හැදුවොත් අනිත් උන් පැනල බිම දාගෙන නෙළනව...
ඇයි...?........"මෙතන එහෙමයි වැඩ සිද්ධ වෙන්නෙ !!"
ඔය කතාව කියල ටැක්සි ඩ්‍රයිවර් මට කියනව.....
"That is how company policies are made..."
( "ඔන්න ඔහොමයි ආයතනික ප්‍රතිපත්ති කියන ඒව හැදිල තියෙන්නෙ" ) කියල.
Subscribe to:
Post Comments (Atom)
මරු . ටිකක් හිනා ගියත් හිතන්න දෙයක් තියෙනවා . . . . :)
ReplyDeleteහාස්‍යයෙන් පිරුණත් සෑහෙන ගැඹුරු කතාවක්.
ReplyDeleteතේරුම් ගන්න ලේසි වෙන්න බදුවින්වරු කියන වචනය ගැන ලියන්න අවසර.
1. බදුවින් කියන එක Bedouin හැටියට ලියුවොත් ආදිතම අරාබි ගොත්‍රයක්, එඬේරු කියන අදහස, වැඩි චිස්තර:
http://en.wikipedia.org/wiki/Bedouin
2. වත්මනයේ බහුලව බාවිතා කරන Bedoun (බදූ) කියන එකේ තේරුම නීත්‍යානුකූල පුරවැසිබාවයක් නැති සම්ප්‍රදායීක අරාබි ගෝත්‍ර යන්නයි. මොවුන් මැදපෙරදිග රටවල අදත් බහුලව ජීවත් වෙති. වැඩි චිස්තර:
http://en.wikipedia.org/wiki/Bedoun
පස්ට කතාව.කරන්නං වාලේ කිරීම
ReplyDeleteඅප්පච්චියේ එහෙනම් මෙතන එහෙමයි වෙන්නේ.. නියම කතාවක් හිතන්න ලොකු දෙයක් මෙතන තියනවා . වඳුරෝ ටිකක් අල්ලගෙන මේ වැඩේ කරලා බලන්න හිතයි .
ReplyDeleteඅපේ ගම කියන තරම් සුන්දර නෑ අයියේ . වියලි කලාපයේ ගමක් නිසා අවු කූටකේ සහ නියගය මැදින් චොර වෙලා ගිය පොලව හතරට පැලිච්ච ගමක් .. අපේ ගම කොලපාට නෑ දුඹුරු පාටයි !
සුශාන්,
ReplyDeleteබොහොම ස්තුතියි ආවටත් .. කොමෙන්ටුවටත්... කොමෙන්ටුව කියෙව්වම මම ලිවීමෙන් බලාපොරොත්තු වුනු වැඩ දෙකම කෙරිල තියෙන බව පේනව.. ස්තුතියි...
ඩීන්,
ReplyDeleteඑක් වරක් නොව දෙතුන් වතාවක් ස්තුතියි, මට විස්තර කරන්න බැරි වුනු දෙයක් පැහැදිලි කලාට... මටත් ඒක මතක් වුනේ මගෙ යාලුවෙක් call කරල මොකක්ද බදුවින් කියන්නෙ කියල අහපුවහමයි...දැන් ඒකත් හරි...
මම මෙතන නම් භාවිතා කලේ සාම්ප්‍රදායික එඬේර ගෝත්‍රිකයින් කියන තේරුමෙන්... ඔවුන්ගෙත් තව ප්‍රාදේශිය උප ගෝත්‍ර තිබෙනව.....එයාලගෙ ජීවිත වල values හරි වෙනස්... හරිම රළුයි... ඔවුන් කතාකරන අරාබි බස පවා වෙනස්... දවසක් ඔය මම කියපු පුද්ගලය එයාව පොටෝ ගහන්න හැදුවයි කියල... කෙනෙකුට කඩුවෙන් කොටන්න ගියා....
බොහෝම ස්තුතියි මේ පැත්තෙ ආවට...
ReplyDeleteදැන් කාලෙ අපි අතින් කෙරෙන හුඟාක් දේවල් ඇයි මෙහෙම කරන්නෙ කියල හිතන්නැතුවනෙ කරන්නෙ...
දැන් හෙට අනිද්දට ඔය පැත්තෙ එන නඩේ දාන පෝස්ට් වලින් විස්තර කෙරෙන් නැතුවයැ ගමේ සිරියාව...
ReplyDeleteමල්ලියා... උඹලගෙ ගම සුන්දර නැත්නම්.. උඹ වගේ සුන්දර මිනිස්සු ඒකෙන් බිහිවෙන්න විදිහක් නෑ...
හික්ස් මරු කතාව.
ReplyDeleteහාස්‍යයත් එක්ක හිතන්නට බොහෝ දේ එකතු කරලා.
ReplyDelete"මෙතන එහෙම තමයි වෙන්නෙ." කොම්පැණිවලට විතරක් නොවෙයි, විශ්වවිද්‍යාල, පාර්ලිමේන්තු ඇතුළුව අනෙක් හැම තැනකමත් වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ එහෙම තමයි. උදාහරණ කියන්නට ගියොත් නිමක් නැතිවෙනවා.
සමාජ ස්ථර අතර පරතරය- හරියට ශතවර්ෂ කිහිපයක පරතරයක් වගෙයි, අල්ලපු වැටේ වුණාට.
ඒ වගේම ජීවත් වෙන රටට හා යුගයට අදාල නොවන ඉහළම සුදුසුකම් ගත් මානවකයාගේ කතාව- ඇහුව ගමන් හිනා ගියාට, හිතන්නත් දෙයක් තියෙනවා එතන.
කවදත් වගේ රසයි ගුණයි එකට කැළතුණු පෝස්ට් එකක්.
මට මේක දැකලා තව කතාවක් මතක් වුනා.
ReplyDeleteඔය තැන් තැන් වල තියනවනෙ පොඩි පොඩි කුටි දෙයියො එක්ක මිනිස්සුන්ට ගණුදෙනු කරන්න අවස්තාව දෙන,,(දේවාල ද ? )....ඔන්න ඔය වගේ තැනක හිටියා එක්තරා පූසාරි කෙනෙක්..මෙයාට ලොකු ප්‍රශ්ණයක් තිබුනා..හැමදාම උදේ දෙවියන්ට පූජාව තිබ්බට පස්සෙ ගෙදර ඉන්න බළල් තඩියා මේක හොරා කනවා. පුසාරි මේක වළක්වන්න ක්‍රමයක් සොයා ගත්තා.ඒ තමයි හැමදාම පූජාව තියන්න ඉස්සර වෙලා බළලාව ලනුවකින් ගැට ගහන එක.
දැන් හැමදාම උදේට පූසාරි බළලාව ගැට ගහනවා.ඊ ළඟට තමයි පූජාවෙ කටයුතු. හවසට කුටිය පවිත්‍ර කරන වෙලාවට කෑම ටික බළලාට දාලා බළලාව නිදහස් කරනවා.
කාලයක් ඔහොම ගතවුනා..දැන් පූසාරිත් වයසයි බළලත් වයසයි. පුසාරි සමහර වෙලාවට මේ පුජාවෙ කටයුතු තමුන්ගෙ පුතාට පවරනවා. පුතත් පුසාරි කරන විදියටම පූජාව තියනවා. බළලා ගැටගහන එකත් ඒ විදියටම කෙරෙනවා. හැබැයි පුතා දන්නෙ නැහැ මේ බළලාවෙ ගැට ගැහිල්ලෙ නිධාන කතාව..මිනිහා හිතුවෙ මේක පූජාවෙ කොටසක් කියලයි.
පුසාරිට ඕක පුතාට පහදලා දෙන්න අවශ්‍යතාවයක් වුනෙත් නැහැ. කොහොම හරි වැඩේ කෙරෙනවනෙ...
ඔන්න වයසට පත් වුන පුසාරි මෙලොව හැර ගියා.පුතා තමයි දැන් දේවාලෙ කටයුතු බලා කියා ගන්නෙ. හේතුව දන්නෙ නැති වුනත් පුතා පූජාවට පෙර බළලාව ගැට ගහන නිසා ප්‍රශ්නෙකුත් නැහැ.
ඔන්න එක දවසක් හවස බළලා ලිහලා දාන්න පුතා දකිනවා බළලත් අවසන් ගමන් ගිහින් ඉන්න විදිය...පුතා හොඳටම බයවෙනවා...
වලක් කපලා බළල් කුණ වලලපු පූසාරි පුතා ඉස්සර වෙලාම කරන්නෙ පහුවදා උදේ පූජාවට ඉස්සර ගැට ගහන්න බළලෙක් හොයන්න යන එක..
ආයතනික ප්‍රතිපත්ති ඔහොමම තමා. මේක දෙන්ඩම වටින කීප දෙනෙකුට ඔන්න ලින්ක් එක මේල් කලා. කියවද්දි මටත් මතක් උනේ ලකීගෙ කතාව. මම අහල තියෙන විදිහට නම් ඒක ඇත්තම කතාවක්ලු.
ReplyDeleteරාජකීය කතාව .. ඔන්න ඔහොම තමයි බොහොමයක් කොම්පැනි වැඩ කරන්නේ.. අපේ එකත් එහෙම තමයි.. ඒ අස්සේ මට මතක් උනා කැම්පස් එකේ මනෝ විද්‍යාවට දීපු කෙස් එකක්.. ඒකත් ඔය වගෙයි. විසඳන්න තිබුනේ කොහොමද කෙසෙල් ඇවරිය ගන්නේ කියල වතුර පාර නොකා.. එකට උත්තර ලියන්න තිබුනේ නිර්නාමිකවයි .. මං ලිවුවා එලියට ගිහින් වතුර කරාමේ වහල ඇවිත් ඊට පස්සේ කෙසෙල් ඇවරිය ගන්නවා. කියල තව එකෙක් ලිවුවා ඇමති තුමා එවුව කියල හයියෙන් කියල ගියාම අරු වතුර පාර ගහන්නේ නැහැ කියල. ඔක්කොම සමෝසමේ බැනුම් නම් ඇහුවා.
ReplyDeleteහිතන්න ගොඩක් දේවල් ඉතුරු කරපු කතාවක්.
ReplyDeleteලිපිය කියෙව්වේ දවස් ගානකට කලින්.
උඹේ ලිපි වලට කොමෙන්ට් කරන්න . . මොකක් ලියන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා.
ඒ දේවල් ලියන සරල රටාව වගේම ලිවීමේ තිය තියෙන බර නිසා මට නම් මොන වගේ දෙයක් කියන්නද කියන එක ප්‍රශ්නයක්.
අපූරු ලිපියක්.
හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරපු කතාවක්.
දැනට එහෙම විතරක් කියන්නම් . ..
සිංගල් ඩබල් ට්‍රිබල් ටැංකියු..!
ReplyDeleteඇත්තටම ඩොක්ට නලිනි මේක අද කාලෙ හුඟාක් තැන් වලට පාවිච්චි කරන්න පුලුවන් උපමාවක්... මගේ රාජකාරියෙ කොටසක් අලෙවි කන්ඩායම් පුහුනු කිරීම... මම ඒ වගේ වෙලාවල් වලදිත් මේ කතාව පාවිච්චි කරල තියෙනව...
ReplyDeleteලකී.. ඒක මරු කතාව.. මට ඔය වගේ කතා හරි ප්‍රයෝජනවත් වෙනව ඔය sales teams train කරන වෙලාවල් වල අර monotonous ගතිය නැති වෙන ගමන්ම පුහුනුවටත් අදාල වෙන්න කියන්න..
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තෙ ආවටත්, කොමෙන්ටුවටත්.. ඒ වගේම කීප දෙනෙකුට දැන්නුවටත්...නැවත එන්න..
ReplyDeleteඉතින් හරි උත්තරේ මොකක්ද?
ReplyDeleteදැන් මටත් ඔය වගේ කේස් එකක් වෙලා තියෙන්නෙ උඹේ නරසීහ ගාථා පෝස්ට් එක කියවල…පෝස්ට් එක දෙපාරක් කියෙව්ව… clip එක කීප සැරයක්ම ඇහුව…
ReplyDeleteමචෝ උඹ දීපු 4514671 නොම්මරේ වැඩකරන් නෑනෙ…කීප වතාවක්ම බැලුව.. ම්හු..බඩු වැඩ නෑ.. උඹ වැඩකරන තැන රාජකාරි වෙලාවට ෆෝන් පාවිච්චි නොකරන ප්‍රතිපත්තියක්වත් තියෙද ? බුද්ධිට කතා කරල අහන්න ඉන්නෙ..
හුගාක් "ආගම්" බිහි වෙන්නෙත් ඔය ක්‍රමයටම තමා...
ReplyDeleteප්‍රශ්න කිරීමෙන් තොර ඇදහීම...
ඔව් මාරයා... මම හිතන්නෙ "ආගම" කත් "ජීවන දර්ශනය" කත් වෙනස ඕක තමා.... ( ඇදහීම සහ අවබෝධ කර ගැනීම..)
ReplyDeleteඅදමය් ඉස්සෙල්ලම මේ පැත්තෙ ආවෙ. පරණ පෝස්ට් ටිකත් හෙමීට කියවන්න ඕනෙ.
ReplyDeleteමටත් ඔය වගෙ අත්දැකීම් කීපයක් තියෙනව, වැඩ කල තැන් වල. මං හිතන්නෙ මට විතරක් නෙමේ, ඉගෙනගන්න, වැඩකරන විතරක් නෙමේ ජීවත් වෙන ඕනෙ කෙනෙක් දැකල ඇති, මිනිස්සු තේරුමක් නැති වැඩ කරනව, හොයන්නෙ බලන්නෙ නැතුව ඒවා දිගටම කරගෙන ආපු දේවල් හින්ද.
මේ පාර වත් නාවනම් කාගෙ හරි පෝස්ට් එකකට කොමෙන්ට් කරපු තැනකට ගිහින් ආඩපාලි කියන්නයි හිතාගෙන හිටියෙ....
ReplyDeleteපැමිනීම ගෞරවයක්...ස්තුතියි...!!
කොතනත් වෙන්නේ අන්තිමට ඕකමනේ. හැමදාම අරයා කරපු නිසා මෙයා කරන නිසා කරන දේවල් තමයි හැමතැනම තියෙන්නේ.
ReplyDeleteබොහොම ස්තුතියි ආවට...
ReplyDeleteකවුරු හරි පවතින ක්‍රමය ප්‍රශ්ණ නොකලොත් හැමදාම එකම දේ...
මම අදමයි මේ පැත්තේ අවේ. නෙලුම් විලට ඇවිල්ල නිසදැස් කවියට ආඩපාලි කියන්නේ කව්ද කියල බලාගන්න හිතුන. බලන කොට හොඳ අසූ පිරූ තැන් ඇති සහෘදයෙක් වගේ පේන්නෙ. අනෙක් ඒවත් හෙමිහිට කියවන්නම්.
ReplyDeleteඔය බදුවින් වරු ගැන කියන කොට මට මතක් උනේ "ඩේවිඩ් ලීන්" ගේ "ලෝරන්ස් ඔෆ් ඇරෙබියා" චිත්‍ර පටිය. එකේ "ඕමාර් ෂෙරිෆ්" රඟපාන්නේ බදුවින් කෙනෙක් හැටියට නේද?
ලිපිය බොහොම රසවත්.
ජෝර්දානයත් ටිකක් ලංකාව වගේ නේද?
ReplyDeleteඅම්මාන් කිව්වහමත් නිකං ලංකා ගතියක් තියෙනවනේ
බොහෝම ස්තුතියි ආවට...
ReplyDeleteලෝරන්ස් ඔෆ් ඇරේබියා චිත්‍රපටයෙ අර කැනියන් වගේ ප්‍රදේශ රූපගත කර තියෙන්නෙත් ජොර්දානයෙ...
නැවත එන්න..
බොහොම ස්තුතියි ඇවිත් කොමෙන්ටුවක් දැම්මට...
ReplyDeleteහුඟාක් නෙගෙටිව් පැති වලින් නම් ජෝර්දානයයි ලංකාවයි සමානයි... ඒත් මිනිස්සු ගත්තහම නම් ලංකාවෙ මිනිස්සු හුඟාක් ඉස්සරහින්...
කෝ අයියෝ තාම හලෝ පාරක් නෑ නේ . .
ReplyDeleteඔබතුමාගේ අංකය දෙන්ට මම කතා කරන්නම් . . හික්ස් . .
නෑ නෑ හදිසියක් නෑ . . . හෙමීට කතා කරමු.
ජෝර්දාන් පොලීසිය දඩ ගහන හැටි ගැනත් ලියන්න පුළුවන්ද?
ReplyDeleteකතාව ඇත්ත උනත් හරි වඳුරෙක් ආව දාට අනික් උන් එක්ක ගේම ඉල්ලන්නෙ නැද්ද? සමහරවිට පැරදෙයි. දින්නනත බැරිම නෑ නෙ!
ජොර්දාන් පොලීසිය ගැන ජෝර්දානය ගැන ලියන පෝස්ට් එකකට ඇඩ් කරන්න ඕනෙ...
ReplyDeleteඇත්ත කතාව එහෙම ගේම ඉල්ලපු වඳුරො නිසා තමා මිනිස් සමාජය මේ තරමින්වත් ඉස්සරහට ඇවිත් තියෙන්නෙ..
පට්ට කතාවක් නේ අයියා !!!!
ReplyDeleteගොඩක් වෙලාවට අලුතින් දෙයක් කරන්න යනකොට ආයතනික ප්‍රතිපත්ති හරහට හිටිනවා.