Tuesday, July 19, 2011
සතෙන් සතේ...රුපියලෙන් රුපියල...... තවාන් & the story of baseball glove..
ටික දවසකින් මොකුත් ලියන්න බැරිවුණා.. කාලය තමා උදැල්ල දාන්නෙ... මොකදැ කරන්නෙ... දැන් හිතෙනව මේ ලිවිල්ල නවත්තල දාල, අපේ ලකී,ගිම්හානි , ඔබා, බුරෝ ල වගේ බ්ලොග් කියවන්නයි ලියන අය දිරිමත් කරන්නයි පටන් ගත්තනම් හොඳයි කියල... මගෙ බ්ලොග් එකේ ලියපු පෝස්ට් දෙක තුන කියවල බලද්දි නිකම් monotonous ගතියක් මට තේරෙනව... ඒත් මොකදැ කරන්නේ... මම පටන් ගත්තෙම මට මතක හැටියට පරණ දේවල් ලියන්ඩම නොවැ... බලමුකො ඉස්සරහට බැරි වැඩක්වත් කරල පොඩි චේන්ජ් එකක් කරන්න...
අදත් කියන්න තියෙන්නෙ ඇහුණු කතාවක්...
මේක හරිම දුක හිතෙන කතාවක්... කාටහරි කියන්න පුළුවන් නෙගෙටිව් කතාවක් කියලත්... මක් කරන්නද .. අපි ඉන්නෙ මේ මහපොළොවෙ නොවැ... හැමදේම පොසිටිව් විදිහට ඉවර වෙනවනම් හොඳා තමා...ඒත් හැමවිටම එහෙම නෙවෙන බවනොවැ ඇත්ත....
මට මේ කතාව කිව්වෙ සංචාරක මගපෙන්වන්නෙක්... මිනිහගෙ නම තවාන්.... මුණ ගැහුණෙ තායිලන්තෙදි... මිනිහ කියපු විදිහට තායි බාෂාවෙන් තවාන් කියන්නෙ සූර්යයා කියන එක ලු... සංචාරක මගපෙන්වන්නො ( සමහර ) ඉතින් ඉර හඳ උලා කාපු ,වඳුරන්ගෙන් බණ අහල ජේතවනාරාමෙට ගලුත් ගහල ආපු උන් හින්ද මිනිහ බොරුවක් කිව්වද දන්නෙ නෑ... තවාන් කියන්නෙ හඳටද දන්නෙත් නෑ...
තවාන් හැම තිස්සෙම හිනාවෙලා ඉන්න , හරිම අහිංසක පෙනුමක් තියෙන කෙනෙක්. සාමාන්‍ය තායි ජාතිකයන්ට වඩා තරමක් උස මහත ශරීරයක් තමයි තිබුණෙ.... නමුත් මිනිහ මාත් එක්ක හිනාවුන හැම වෙලාව්කම මිනිහගෙ හිනාවෙ මොකක් හරි වෙහෙසක් වගෙ දෙයක් හැංගිලා තියෙනව වගේ කියල මට හිතුණ...
දවසක් හැන්දෑවෙ අපි හිටියෙ Pattaya වෙරළෙ..[ තායි සංචාරයේ මතක වෙනම.. පස්සෙ වෙලාවක..].කට්ටිය ජෙට් ස්කී පදින්න ලෑස්ති වුණා...මම ඉස්සෙලම පටන් ගත්ත සෙට් එකේ... පැය භාගයක් විතර පැදල මම ගොඩට ආව... ඇවිත් එතන තිබුණු බංකු කොටයක් උඩ වාඩිවුණේ මුහුද දිහා ටිකක් බලා ඉන්න... එහකොටයි මම දැක්කෙ අපිව මෙතෙන්ට එක්ක ආපු තවාන් වැල්ලෙ වාඩි වෙලා මුහුද දිහා බලං ඉන්නව...
මමත් එතනට යද්දි තවාන් අර හිනාවෙන් මූණ පුරෝගත්ත...
"බොමුද බියර් එකක්...?" තවාන් ඇහුව... නාල ගොඩට ඇවිත් තෙත පිටින්ම කූල් බියර් එකක් බොන එකේ ආතල් එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ... මමත් OK කියල අපේ ඇඳුම් තියෙන තැනින් පර්ස් එක අරන් තවාන් ට භාත් සීයක් දුන්න දෙකක් ගේන්න කියල.... මට මතක හැටියට එතකොට San Miguel බියර්[තායිලන්තෙ හරි ජනප්‍රිය බියර් එකක්]එකක් භාත් විසි පහක් විතර ඇති... මිනිහ බියර් දෙකක් අරන් ඇවිල්ල වාඩි වුණා. මට බියර් එක දීල... ඉතුරු සල්ලි දෙන්න හදද්දි මම කිව්ව ඒක තියා ගන්න කියල... මිනිහ ඒ ගමන වැඳල ඒක බාරගත්ත..[කියන්න බැරි වුනානෙ.. තායි ජාතිකයො කෙනෙක් සල්ලි දුන්නහම ගන්නෙ වැඳල... බටහිරයන්ගෙ තැනක් වෙච්ච Pizza Hut එකේ පවා කැෂියර්ට සල්ලි දුන්නහම ගන්නෙ වැඳල... තාමත් එහෙමද දන්නෙ නෑ... මේ කියන්නෙ අවුරුදු නවයක් දහයක් පරණ කතාවක්]
මිනිහ සල්ලි අරන් සාක්කුවෙ දාගන්නෙ නැතුව, මිනිහ හැම තිස්සෙම නයි මල්ල වගේ කරේ එල්ලං ඉන්න sling bag එක ඇරල මම ඒ වෙනකම් කවදාවත් දැකල තිබුණෙ නැති දෙයක් එළියට ගත්ත... ඒක සල්ලි දාන කැටයක්, ඒත් අපි දන්න කාසි කැට වගේ නෙමෙයි ..නෝට්ටු කොළ දාන්නම හදපු එකක්...සල්ලි නෝඅට්ටුවක හැඩේට තරමක් ඝනකමට තුනී ඇලුමිනියම් තහඩු වලින් හදපු, එක පැත්ත්කින් සල්ලි දාන්න කටක් කපපු එකක්... මිනිහ මම දුන්න නෝට්ටුව ඒකට දාගත්ත....
මම ඇහුව මොකද එහෙම කළේ කියල.. මිනිහ එයාට වැඩකරන ආයතනයෙන් ලැබෙන පඩිය විතරලු වියදමට ගන්නෙ.. අමුත්තන්ගෙන් ලැබෙන ටිප් ඔක්කොම එකතු කරනවලු අර වගේ කැටයක...
මොකටද දන්නවද...
තවාන් කාලයක් ආදරේ කරල විවාහ වෙලා තියෙනව චීන ජාතික තරුණියක් එක්ක... එයාලට පුංචි දුවෙකුත් ඉන්නවලු....තවාන්ගෙ පවුලෙ දේපොළ ප්‍රශ්නයක් නිසා මිනිහට ගෙදර අහිමි වෙලා.. දැන් මිනිහට හරියකට ඉන්න ගෙයක් නැහැල්ලු... ඒක නිසා මිනිහගෙ පවුල මිනිහගෙ පුංචි දුවත් අරන් උන්දැගෙ ගෙදර ගිහින්... ඒ පවුලෙ චීන්නු කට්ටිය තවාන් ට දරුව බලන්නවත් දෙන්නෙ නැහැල්ලු... ඉතින් මිනිහ හදන්නෙ සල්ලි එකතු කරල පුංචි ගෙයක් ගන්න... තමුන්ගෙ දුව ව තමුන්ගෙ ළඟට ගන්න...
මට මිනිහ පර්ස් එක ඇරල බෝනික්කෙක් වගෙ පුංචි බබෙක් ගෙ පින්තූරයක් පෙන්නුව.. ඒ පුංචි දුව....
තායි ජාතිකයෙක් එක්ක කතාකරල තියෙන ඕන කෙනෙක් දන්නව ඇති ඔවුන්ගේ ඉංග්‍රීසි උච්චාරණය හරිම දුර්වලයි... තේරුම් ගන්න අමාරුයි.. ඒත් මිනිහගෙ හිනාවෙ හැංගිලා තියෙන දුක මට තෙරුම් ගන්න ඒ කතාබහෙන් හොඳටම පුළුවන් වුණා...
මිනිහ ඒ විස්තරේ කියල මට කිවුව... "මම මෙහෙම සල්ලි එකතු කර ගන්නකොට අර base ball glove එක ගන්න හිතපු දරුවට සිද්ධ වෙච්ච දේ වෙයිද දන්නෙ නෑ" කියල...
මම ඒ ගැන ඇහුවම මට තවාන් ඒ කතාව කිව්ව...
ඒ කතාව මේකයි......
එක කාර්මික ජනපදයක හිටපු එක කර්මාන්ත ශාලා සේවකයෙකුට හිටියලු අවුරුදු දොළහක් වයස පුතෙක්.මේ දරුව හරිම ආසයිලු බේස් බෝල් ක්‍රීඩාවට.. ඒත් අර දුප්පත් කර්මාන්ත ශාලා සේවකයට පුළුවන් වුණේ නැහැ අර දරුවට බේස් බෝල් ක්‍රීඩාවට ඕනෙ කරන අත් වැසුමක් අරන් දෙන්න...අර දරුව තමන්ගෙ අසල්වැසි යහළුවො ක්‍රීඩා කරනකොට ආසාව නිසා යනව ක්‍රීඩා කරන්න... ඔහු පාවිච්චි කරන්නෙ තමන්ගෙ තාත්ත කර්මාන්ත ශාලාවෙ වැඩ කරනකොට පාව්ච්චි කරල අහක දාපු රළු හම් අත්වැසුමක්.. මේ දරුව මේක නිසා අසල් වැසි ළමයින්ගෙ උසුළු විසුළු වලට හැමදාම ලක් වුණා.. ඒ විතරක් නෙමෙයි ඒ අත්වැසුම ඒ දරුවගෙ අතට ලොකුවැඩි නිසා හැමතිස්සෙම ගැලවිලා වැටෙනව...
දවසක් මේ ජනපදයෙ තියෙන කුඩා නගරයට මේ දරුව ගිය වෙලාවක එහි එක් සාප්පුවක වීදුරු කැබිනට්ටුවක ඔහුගෙ වයසට ගැලපෙන බේස්බෝල් අත්වැස්මක් දැක්ක.. ඔහු ආසාව වැඩිකමට ඒ සාප්පුව අයිතිකරුට කතාකරල අර අත්වැසුම අතට දාල බැලුව... හරියටම ඔහුගෙ අතේ ප්‍රමාණයට ගැලපෙන අත්වැසුමක්..! යන්තම් වත් බුරුල් නැහැ.. ඉතින් ගැලවිලා හැලෙන්නැතුව සෙල්ලම් කරන්න පුළුවනි මේ අත් වැසුම තියනවනම්....!! කුඩා අත්වැසුමක් නිසා මිලත් අඩුයි..
ඒත්....,
ඔහු දන්නව ඔහුගෙ පියාට මේ වගේ දේකට වියදම් කරන්න පුළුවන් කමක් නැති වග... ඔහු ඒ අත්වැසුමෙ මිල අහගෙන ගෙදර එනව... ඇවිත් හිතා ගන්නව මම කොහොම හරි ඒ අත් වැසුම ගන්නව කියල... ඔහු කැටයක් අරගෙන ඔහුට ලැබෙන කාසි එකතු කරන්න ගන්නව...
ඔහු කර්මාන්ත ශාලා කළමනාකරුවන්ගේ ගෙවල් වල මිදුලෙ තණකොළ කපන්න, උදුන් වල අඟුරු අස් කරන්න වගේ වැඩ කරල දීල ලැබේන මුදල් කැටේට දාල එකතු කරනව... ඔහු මාසෙකට පස්සෙ නගරෙට යනකොට පපුව ගැහෙමින් යන්නෙ ඔහුගෙ අතට හරියටම ගැලපෙන ඒ අත් වැසුම විකිණිලාද කියල... එත් ඒක තියෙනව.. තාම ඔහු ලඟ තියෙන මුදල් මදි....
ඔහු ඒ මුලු ගිම්හානයම වැඩකරනව ඒත් ඔහුට ලැබෙන කුඩා කාසි එකතුව මදි ඔහුගෙ අත් වැසුම ගන්න... ඔහු වෙහෙස නොබලා ශීත සෘතුවෙත් වැඩ කරනව... පොහොසතුන්ගෙ ගෙවල් වල පියෙසි වල හිම සූරන්න... අඩිපාරවල් පාදන්න වගේ වැඩ අධික සීතල දරාගෙන ඔහු කරන්නෙ අර අත්වැසුම විකිනෙන්නට පෙර මිලදී ගන්න ඔනේ නිසා...
අන්තිමේදි...,
එක රෑක ඔහුගෙ කැටේ තියෙන මුදල් ගණන් කරල බලපුවහම අත්වැසුම ගන්න ඔනෙ මුදල එකතු වෙලා තියෙනව....!!!
පහුවදා උදේම ඔහු සූදානම් වෙලා නගරයට යන්නෙ ඔහුගෙ අතට හරියටම ගැලපෙන අත්වැසුම ගන්න... ඔහු අර සාප්පුවට ගිහින් අත් වැසුම තිබුණු කැබිනට්ටුව දිහා බලනව...
ඔහුගෙ හිතෙන් බයවෙලා හිටියෙ ඒක විකිණිලාද කියල.. ඒත් ඒක එතැනම තියෙනව...
මේ දරුව සාප්පුව අයිතිකාරයට කතාකරල කියනව "මම සල්ලි එකතු කර ගත්ත... මම මේ අත් වැසුම ගන්නයි ආවෙ" කියල... සාප්පු අයිතිකාරය කැබිනට්ටුව ඇරල අත්වැසුම අරන් අර දරුවට දෙනව.. ඉහවහා ගිය සන්තෝසෙන් ඔහු ඒක අතට දාන්න බලනව...
අනේ....
ඒ මුදල් එකතු කරගන්න මෙච්චර කල් ගතවෙනකොට ඒ දරුව වැඩිල... ඒ දරුවගේ අත දැන් ලොකුයි...
ඔහුගෙ අතට තවදුරටත් ඒ අත් වැසුම දාන්න බැහැ...!!
ප.ලි..
අපි සංචාරය ඉවරකරල එද්දි කට්ටිය සල්ලි එකතු කරල තවාන්ට තෑග්ගක් අරන් දුන්න.. මම කිව්ව මගෙ සල්ලි ඉවරයි සම්මාදම් වෙන්න විදිහක් නෑ කියල... මම අපි එන්න කලින් දවසෙ රෑ තවාන් එක්ක කොෆී ශොප් එකට ගිහිල්ල කෝපි එකක් බීල මට ඒ වෙලාවෙ හැටිය දෙන්න පුලුවන් වුනු උපරිම හැටියට සල්ලි ටිකක් දුන්න අර කැටේට දාගන්න...
පින්තූරෙ ගත්තෙ මෙතැනින්..http://sportsbagblog.com/four-easy-steps-to-breaking-in-your-baseball-gloves/
Subscribe to:
Post Comments (Atom)
"මොනවම හරි හිතුනනම් කියල යන්න..."
ReplyDeleteඅනේ මන්දා මොනවා හිතුනද කියලා..? සමහර කතා වලදී මොනවත්ම හිතෙන්නේ නැහැ..ඒත් කතාවේ හැටියට මොනවාම හරි හිතෙන්නත් ඕන කියලා හිත කියනවා..ඒත්..අනේ මංදා..?
අද උදේම දුරකථන විවේචනයකුත් ලැබුණ.. මේ පෝස්ට් එක දුරුවලයි ය... කවුරුත් කැමති වෙන එකක් නැතිය කියල...
ReplyDeleteමාරෙ කෙටියෙන් කිව්වත් කියන්න තියෙන දේ කියවිලා තියෙනව කොමෙන්ටුවෙන්... බොහොම ස්තුතියි උදේම ආවට..
පොඩ්ඩක් හෝව්... මං කිව්වේ පෝස්ට් එක දුර්වලයි කියන දෙයක් වගේ කියලානං සපතේරුට තේරුම් ගත්තේ ඒක එහෙම නෙවෙයි කියලා කියන්ට ඕන..එහෙම නැත්තං මං කිව්ව දේ තේරුම් ගත්තානං කිසි අවුලක් නැහැ...
ReplyDeleteඇත්තටම මොන වැඩ රාජකාරි තිබුනත් මං අදටත් කොහොම හරි රිංගලා බ්ලොග් විස්සක් තිහක්වත් කියවනවා. පහුගිය කාලේනං දවසට සීයය පන්නලා කියවන දවසුත් තිබුනා.ඒත් ඔය හැම එකකටම කමෙන්ට් කෙරෙනවා අඩුයි.
කමෙන්ට් එකක් කොටන්නනං ඒකට උත්තේජනයක් ලියන කෙනාගෙන් හරි අඩුම ගානේ ඒ ලිපියට කොමෙන්ට් කරපු කෙනෙකුගෙන් හරි ලැබෙන්න ඕන..එහෙම වෙලාවකට අකුරක් හරි කොටන්නේ නැතිව යන්න බැහැ.
මෙතනදිත් මට උනේ එහෙම එකක්..ඒත් මංවත් දන්නේ නැහැ..මං මේ කතාවෙන් කොමෙන්ට් එහෙකට යන්න තරං හේතු උන කාරණාව... ඒත් ඒකවත් නොකියා කොහොමද..ඇත්තටම පෝස්ට් එකක් හිටියට ගත්තාම මෙහෙම ලිපිවලට මං පෞද්ගලිකව බොහෝම මනාපයි..මට ඕන නැහැ ලිපියක අවසානයේදී..ඒක ලියපු කෙනා ගැන හිතන්නවත්..ඒකෙන් ආදර්ශ ගන්නවත් කියන දේට විතරක්ම යන්න... ඒක විස්තර කරන්න මට තේරෙන්නෙත් නැහැ..ඒත් මං කැමතියි..එච්චරයි
නෑ මාරෙ.. "all is well" ..
ReplyDeleteමම අහල තියෙන ගොඩක් කතා වලදි එහෙම තමා... හුඟක් දේ හිතෙනව... මොකවත් කියන්නම ඕන කියල පැහැදිලි නෑ.. .
දුකා ගෙ ජාතිවාදය ගැන ලියපු පෝස්ට් එකට මම තාම කොමෙන්ට් එකක් දැම්මෙ නෑ... හුඟක් දේ හිතුනත් ලියන්නෙ මොකක්ද කියල තාම කල්පනා කරනව...
සිංහල බ්ලොග් අවකාශෙ තියෙන බහුතරයක් සුරතල් බ්ලොග් අතරේ, බරක් ඇති දෙයක් ලියවෙන බ්ලොග් කිහිපයෙන් එකක් මේක. සපතේරු උන්නැහේගෙ හිත සනසන්න නෙවෙයි මම එහෙම කියන්නෙ. පහුගිය දවස්වල, පළපුරුදු බ්ලොග්කරුවන් කිහිපදෙනෙක් මුල් වී මෙවැනි බ්ලොග් හඳුන්වා දෙනතුරු පුදුම වෙහෙසකින් තමයි කියවන්නට ආස හිතෙන බ්ලොග් එකක් හොයා ගත්තෙ. මං වගේ මෙතනට ආසාවෙන් එන තව බොහෝ දෙනා ඇති. ඒ වගේම, සපතේරු උන්නැහේ ලියන රටාවටත් මම ආසයි. සුරතල් අච්චුවේ බ්ලොග් වැඩිපුර තියෙනවාය කියන එකේ තේරුම, ඒ රුචිකත්වය ඇති කියවන්නනුත් බහුල ඇති. එහෙම අයට මෙහෙම රචනා දුර්වලයි කියලා හිතෙනවනම්, ඒක ඒ අයගෙ අවබෝධය හා රුචිකත්වය. නමුත් අප වැනි අය වෙනුවෙන් සපතේරු උන්නැහේ ඉඩ ලැබෙන අයුරින් දිගටම ලියන්නට ඕන.
ReplyDeleteඅර කොමෙන්ටුවක් සඳහා මොකක් කීමටදයයි නොතේරෙන තත්වෙට මාවත් පත්වෙනවා බොහෝ අවස්ථාවලදි. විශේෂයෙන්, දුකා, වැප්, අකු වගේ අයගෙ බ්ලොග් කියවන්න ගිහාම. හිතේ ඇතිවෙන හැම හැඟීමක්ම වචනයට හරවන්නට අපේ භාෂා දැණුම පොහොසත් නැතුව ඇති.
දැන් මේ කතාව ගැන:
අපිට මේකට මුකුත් කියා ගන්නට අමාරු, අපිත් වෙලාවකට කඳුළු හංගලා හිනාවෙන හින්දා වෙන්නට ඇති. නමුත් ඒ අහිංසක මනුස්සයගෙ බලාපොරොත්තුව කොපමණ දුරද?
අත්වැසුම් කතාවත් එහෙමයි. ඒක ඒ විදිහට අවසන් වේයයි මුලදිම හිතුණත්, ඒ අවසානය කියවනවිට හිත කඩා වැටුණා. සපතේරු උන්නැහේ ඉතා හොඳින් මේ කතාව අපට කියනවා.
මට මතක් වුණා කලකට ඉහත රූපවාහිනියේ පෙන්වූ ඔෂින් ටෙලි වෘත්තාන්තය. ඉතා අපහසුවෙන් ජීවිතය ගැටගහගන්නා ඔෂින් පසුකාලයක තරමක් පහසුවෙන් විසිය හැකි තරමෙ පොහොසත්කමක් ලබනවා. ඇයගෙ මව ඒ වනවිට මහලු වී අසනීපව ඉන්නෙ. මහලු මවට ඔෂින් දෙන සුදු බත් කෑමට නොහැකියි. එවිට ඔෂින් කියනවා, "මම මුළු ජීවිත කාලයම මහන්සි වුණේ ඔබට සුදු බත් කන්නට දීම පිණිස. දැන් මට ඒ හැකියාව ඇති විට, ඔබට එය කන්නට බැහැ." කියලා.
කාලය... අප සැමට එරෙහි වේවිද?
ගොඩ දෙනෙක් මටත් කියනවා බ්ලොග් එකක් පටාන් ගන්ට කියලා.. ඒත් ඉතිං මං දන්නවා ඔයා මුහුණ දෙන ප්‍රශ්නෙට මටත් මුහුණ දෙන්න වෙනවා කියලා.. කාලය මදිකම (සහ කම්මැලිකම) නිසා ලියන්නට බැරිවීම.. ඉතිං එහෙම කරලා කියවන්නන්ට අසාධාරණයක් කරන්ට මං කැමති නෑ, ඒකයි පටාන් නොගෙනම ඉන්නෙ.. :)
ReplyDeleteහැබැයි ඉතිං එහෙමයි කියලා ඔයා පටාන් ගත්ත එක නවත්තන්න එපා.. ඔයාට ගොඩාක් අත්දැකීම් තියෙනවා කියලා මේ ලියපු කතා කීපයෙන්ම තේරෙනවා.. ලියන රටාවත් අපූරුයි, ලියන රටාව monotonous වගේ දැනෙන්නෙ නෑ අපට නං.. ඔයා තාම පටාන් ගත්ත විතරනෙ, ඉතිං තව දිගට යමු.. දිගටම ලියනකොට තමා තේරෙන්නෙ අඩුපාඩු මොනාද, තව හැදෙන්න ඕන මොනාද කියලා.. අනෙක් කාරනේ තමා හැම පෝස්ට් එකම එක වගේ සුපිරි මට්ටමට එන්නෙ නෑ, සමහර ඒවා හොදවෙනවා, සමහර ඒවා ඊට වඩා පොඩ්ඩක් අඩු මට්ටමකින් ලියැවෙනවා.. ඒක ස්වභාවිකයි, ඉතිං ඒක ගැන වදවෙන්ට එපා.. තවත් දෙයක් තමා කියවන හැම කෙනාම එක වගේ අය නෙවෙයි, සමහර පෝස්ට් සමහරුන්ට හොදයි සමහරුන්ට නරකයි, ඒකත් සාමාන්‍ය දෙයක්.. වැදගත්ම වෙන්නෙ මේ විවේචන මැදහත් සිතින් අහන ගමන් දිගටම ලියන එකයි.. ජය.!!
හිතෙනදේ වචන වලට ගන්නේ කොහොමද කියලම මම ත් මේ කල් පනා කරනගමන් . කතාව නම් බොහොම ගැඟීම් බරයි .
ReplyDeleteමම රස්සාවට යනකොට මගේ වයස යන්තම් අවු 20 දැන් මට 22 යි මම අවුරුදු දෙකක්ම රස්සාව කලා මට තිබුනු බයික්කේ විකුනලා දැම්මා ඇරෙන්න මම හම්බ කරපු දෙයක් නම් නෑ ..සතපහක්වත් ඉතිරිකලෙත් නෑ .. ඒත් මට මේ ලිපිය බැලුවාට පස්සේ හිතෙන්න ගත්තා මාත් රුපියල දෙක හරි එකතු කලා නම් මොකද කියලා ..
ඔයා බොහොම ලස්සනට ලියලා තියනවා හිතේ සැක තියාගන්න එපා මම මේ ලියන රටාවට මාර කැමතියි ..
සපතේරු උන්නැහේ,
ReplyDeleteදුරකතනයෙන් මේ කතාවට කව්රුත් කැමති වෙන එකක් නැහැ කිව්වෙ ඔයාගෙ හිතවත් අයෙක් වෙන්නැති, ඒක අවංකවම එයාට හිතුන විධිය වෙන්නැති, නුමුත් මේක කියවගෙන යද්දි, ඇත්තටම අග හරියට ආවම පපුවෙ බර ගතියක් වගේ ඇතිවුනා. අපි හැමෝම කැමතිය් හිනාවෙන්න, ඒ වුනත් මනුස්ස ජීවිත කියන්නේ සතුටු සාගරයක් නෙමේ කියල අපි කව්රුත් දන්නවනෙ.
සපතේරු මල්ලියේ,
ReplyDeleteවිවිධත්වය වැඩි තරමට සිංහල කියවන්නාට යන්න එන්න තැන් තියනවා. කැමති අය හොයාගෙන එනකම්, හුඟ දවසක් ඇවිත් නොකියාම ගිහින්, ඉතින් ඊට පස්සෙ ආයෙ ඇවිදින් කලාතුරකින් දවසක (මේ වගේ!!) ප්‍රතිචාරයක් දානකම් පොඩ්ඩක් ඉවසන්න. තාම පටන් අරගෙන වැඩි කාලයක් නැහැනෙ.
ලියැවිල්ල තව සරුසාර වෙන්න නම් ලියන්න ම ඕනෑ. මුලින් මුලින් මම ලියපුවා දැක්කොත් අර බල්ලොත් බත් කන එකක් නැහැ කියලා කතාවක් තියෙන්නෙ, බල්ලෙක් ඒවා කියෙව්වා නම් බත් නොකා ඒක සත්‍යයක් ම වෙනවා!!
ඊ ළඟට තායි භාෂාවෙන් (මේ මම දන්න තරමින් තමයි) සූර්යයාට කියන නම් ගොඩයි. අපි වගේම සූර්යයා කියලත් කියනවා. තවාන් හරියට මගේ නමේ තායි කෑල්ල වගෙ. අරුණි කියන්නෙ උදේ දකින අරුණාලෝකය නැත්නම් sunrise. ඉතින් dtà-wan නොහොත් තවාන් ඒ අර්ථයම කියා පාන නමයි: ตะวัน.
මෙහේ ජීවිතය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ, ලිවීම නවත්වන්න ලේසි නැහැ ඒ නිසා ඉඩ ලැබෙන විදියට ඔය යන විදියට කරගෙන යමු. ලිවීමේ monotonous ගතිය කියනවට වඩා ඔබ ඉදිරිපත් කරන ආර සිත්ගන්නා සුළුයි. එය බ්ලොග් අතර තවත් එකක් වීමට වඩා 'වෙනස් බ්ලොග්' එකක් කරනවා නේද? එයයි අපේ පාඨකයින්ට අවශ්‍ය, පිදිය යුත්තේ.
ReplyDeleteඔබේ රචනය ගැන කියනවා නම් ඇස් තෙත් කලා.
මා කලින් වැඩකර තැනක තායි ජාතිකයින් කිහිප දෙනෙකු වැඩ කරා, හරිම අහිංසක උදවිය ඒත් වැරදිලාවත් කවුරු හරි හිස අල්ලුවොත් කේන්ති ගන්නවා. ඒ කාලයේ අපි හැම පෝයටම වැඩසටහනක් ද වෙසක් පොසොන් වලට විශේෂ යමක් ද කරනවා. ඔවුන් එන්නේ හරිම බැතියෙන්.
සපතේරු උන්නැහේ අරකී ලයිස්තුවේ අය එක්ක තරඟෙට ලෑස්තිවෙනවා නෙවෙයි නේද?
අනේ සපතේරු උන්නැහැ පිස්සු කතා කරන්ඩ එපා. ඔබ තුමා මොනවහරි අලුතින් ලියල තියෙනවද කියල මමත් ගොඩක් වෙලාවට ඇවිල්ල බලන්නෙ ඔබ අතින් ලියැවෙන රචනා වල මොකද්දෝ කියාගන්ඩ බැරි වටිනාකමක් තියෙන නිසා. වැඩේ කියන්නෙ ලිපිය කියවල ඉවර උනාම එහි ගැබ්වූ අරුත ගැන නැවත නැවත හිතනවා මිසක් මොකක් කියන්ඩද කියල තේරෙන්නේ නෑ. අර පාදඩයගෙ කතා දෙකම ඒ වගේ. අපිට අපි ගැනම හිතන්ඩ පොළඹවනවා. මම ඒ ලිපි දෙකටම බොහොම කැමතියි. ඒත් මොනවා කියන්ඩද කියල හිතාගන්ඩ බැහැ. මේ ලිපියත් ඒ වගේ තමා. ඒ නිසා මුකුත් නොලිව්වට අපි ඔබේ ලිපි බොහොම අසාවෙන් කියවනව. නමුත් මීට පස්සෙ අනිවාර්යයෙන්ම මොනවා හරි කමෙන්ටුවක් ලියනවා. ඔබ තුමාව දිරිමත් කරන්ඩ. බ්ලොග් එක ෆලෝ කරන්ඩ විදිහක් තියෙනවනන් ලේසියි. එතකොට පෝස්ට් එකක් දාපු අලුතම මේ පැත්තේ එන්න පුළුවන්. නැත්තන් ඉතිං මේ වගේ පරක්කුවෙලා තමයි.
ReplyDeleteඔයාට පුළුවන් Google Reader එකේ subscriptions වලට මේක ඇඩ් කරන්න.. එතකොට අලුත් පෝස්ට් එකක් ආව ගමන් indicate කරනවා, වැඩ වැඩි වෙලාවක නම් එතනම ඉදන් කියවන්නත් පුළුවන් නේ..
ReplyDeleteබොහොම ස්තුතියි ඩොක්ට නලිනි.... පොඩ්ඩක් shake වෙලා හිටපු වෙලාවක මේ වගේ කොමෙන්ටුවක් දුන්නට...
ReplyDeleteමේ රිප්ලයි එක දාන දැන් වෙනකොට නම් ඔක්කොම හරි... මම බැනර් එකකුත් එකතු කලා බ්ලොග් එකට අලුතින්..
මමත් සමහර දේවල් සැලසුම් කරද්දි මට තාමත් තවාන් මතක් වෙනව... අවුරුදු දහයක් විතර ගත වෙලත්... මට එදා ඒ තරමට ඒක දැනුන... එතකොට කොලු වයසෙ හිටපු මට අද තාත්තෙක් වෙලා හිතනකොට.. තවමත් ඔහුගෙ දුක්බර හිනාව මතක් වෙනව...
ඔව් බුරෝ... පටන් ගත්ත එකේ තව ටිකක් දුරට ලියලම බලනව...
ReplyDeleteඒක නෙමෙයි ආයුබෝවන් මේ පැත්තෙ ආවට...
මම කොතැනකදි හරි බුරෝට කියන්නමයි හිටියෙ... ඔයා පාව්ච්චි කරන බුරතීනො කියන නමට මම හරි කැමතියි.. පේන්නෙ ඔයා හොඳ රුසියන් කතා රසිකයෙක් වගේ... එත් ඔයාට බෑ මායි සපතේරු හාමිනෙයි එක්ක හැප්පෙන්න...
අපි දෙන්නගෙ අවුරුදු හතරක් වයස එකම පුතාගෙ උප්පැන්නෙ නම දන්නවද...... " නිකීතා " !
සඳරු මලේ උඹට එහෙම දෙයක් හිතෙන්න තරම් දෙයක් ලියවුනා නම් ඉතින් මේකට වටිනාකමක් නිකම්ම ලැබුන...
ReplyDeleteමලේ උඹට නම් කියන්න ගොඩාක් දේවල් තියෙනව.. වෙලාවක ඊයක් වත් එවන්නම්... උඹ හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්... මොළෙන් ගේම ගහපන්.. කාලය කියන්නෙ පුදුම දෙයක්... උඹට තාම හොඳටම තියෙනව... මම උඹේ වයසෙදි උඹට තියෙන අත්දකීම් වලින් සීයෙන් පංගුවක් වත් තිබුනෙ නෑ... උඹ ඒ වාසිය ජීවිතේට ප්‍රයෝජනවත් විදිහට යොදාගනින්...
ප.ලි..
උඹ බයික් එක වික්කෙ අර නිල් ඇස් කෙල්ලට පේන්න අලුත් එකක් ගන්නනෙ :D
ඔව් ඔබා... හොඳට දන්න කියන කෙනෙක්... නරකට කිව්ව නෙමෙයි... මම හොටු කොල්ලෙක් වගේ ඤුරු ඤුරු ගෑවට...
ReplyDeleteඇත්ත ලෝකෙ මිනිස්සු අතරෙ ජීවත් වෙලා බැලුවම හිතෙන්නෙ සතුටින් ඉන්න අයට වඩා දුකින් ඉන්න අය වැඩියි කියල...
අරුණි අක්කේ...
ReplyDeleteපුදුම සන්තෝෂයි ඔයා මේ පැත්තෙ ආපු එක ගැන...
ඔව් තව ටිකක් ලියලම බලනවා...
මම තාම ඔයාගෙ පරණ පෝස්ට් රීවස් එකට කියෝගෙන යනවා.... අර කියන විදිහෙ ඒවනම් හම්බවුනේ නෑ... ගොඩාක් නොදන්න දේවල් ඉගෙන ගත්ත... ඉංග්‍රීසියෙන් විතර කියවල තිබුණ විෂයයන් ගැන ඔයා සිංහලෙන් ලියල තියෙන දේ කියවන එක හරිම උනන්දුජනකයි... ඔයාගේ ද්වි භාෂා දැනුම ගැන වෙලාවකට ඉරිසියා හිතෙනව :D....( මම දෙකෙන්ම දුර්වලයි - කියවීමේ අතුරු ඵලයක් හැටියට ලැබුනු භෂා දැනුමක් මට තියෙන්නෙ )
ඔයා තායි භාෂාවත් දන්නවද...
එහෙනම් තවාන් එයාට පුලුවන් ඉංග්‍රීසියෙන් අහස පෙන්නල... "මයි නේම් සන්" කිය කියා කියල තියෙන්නෙ ඕකයි...
ඔව් දිගටම මම මමම වෙලා ඉන්න තීරනය කලා..
ReplyDeleteබොහොම සතුටුයි මේ පැත්තෙ ආවට...
ඔව් මම දැකල තියෙන හුඟාක් තායි ජාතිකයන් ආගමට කිට්ටුයි... පිලිපදිනවද නැද්ද දන්නෙ නෑ... ඒත් ආගමික සිරිත් විරිත් පිලිපදිනව..
----------------------------------------------------
දැනට ඒ සෙට් එක ඒ වැඩේ කරගෙන ගියාවෙ....
ආයුබෝවන් කිව්වා පොත්ගුල්ලා... මේ පැත්තට ගොඩවුනාට...
ReplyDeleteනෑ නෑ.. එහෙම කොමෙන්ටුවක් දාන්නම ඕනෙ කියල නෑ... කියවන එකනෙ වඩා වැදගත්... කාලය කියන එකේ අමාරුව හොඳටම දන්න කෙනෙක් මම... කොමෙන්ටු දැම්මෙ නෑ කියල බින්දුවක්වත් තරහක් අමනාපයක් නෑ ඕං...
බුරා පහල කියල තියෙන එක තමා හොඳම විදිහ.. මමත් පාවිච්චි කරන්නෙ google reader තමා..
බුරෝ.. බොහොම ස්තුතියි අදහසට... සින්ඩි වලට වඩා ලේසියි ඇත්තටම ත්මන්ට ඕනෙ බ්ලොග් ටික රීඩර් එකට දාගන්න එක..
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ...හරිම ලස්සන සංවේදී පෝස්ට් එකක්. පොඩ්ඩක්වත් හුරතල් නෑ...:D
ReplyDeleteඔයාගේ භාෂා විලාශය හරිම අපූරුයි. දිගටම ලියන්ට.
හහ් හිතන් ඉන්නේ රුසියන් කතා ගැන, ඔයයි හාමිනෙයි එක්ක හැප්පෙන්ට බෑ කියලා නේද? ලියලා බලමු...:)
බොහොම සංතෝෂයි පොඩ්ඩි මේ පැත්තෙ ආපු එක ගැන..
ReplyDeleteකුමාරිහාමි කෙනෙක් ආවහම සතුටු නැද්ද අප්පා... ස්තුතියි කොමෙන්ටුවට...
නෑ.. නෑ... මේ මම කිව්වෙ රුසියන් කතා ගැන තියෙන පිස්සුව ගැනයි... අපි නිකීතට ඒ නම දැම්මෙ "නිකීතාගේ ළමා කාලය" මතක් වෙලා..
සපතේරු උන්නැහේ, බ්ලොග් අවකාශේ තියෙන සුවිශේෂ බ්ලොග් එකක් විදිහට ඔබ බ්ලොගය රැගෙන ඇවිත් තියෙන්නේ ඔබගේ තියෙන සුවිශේෂ ලිවීමේ ශෛල්‍යය නිසා. මේ පෝස්ට් එක මම කියෙව්වේ දැන් දවස් දෙක තුනකට කලින්. වැඩ කර කර ඉන්න අතර ලැබිච්ච විනාඩි දෙක තුනක ඉස්පාසුවේදි තමයි කියවලා දැම්මේ. පස්සෙ කමෙන්ට් එකක් දානව කියලා ගියාට වෙලාවක් කලාවක් ලැබෙන්නෙ නැති තරම් දැන්. ඔබගේ සාර්ථකත්වයට මොනවට සාක්ෂියක් තමයි දැනට මේ ලැබිලා තියෙන උණුසුම් කමෙන්ට් අතැඹුල. මගෙන් උණුසුම් සුභ පැතුම්....!
ReplyDeleteපලපුරුදු බ්ලොග්කරුවෙක් අඳුන්නලා දුන්න හන්දා තමයි මමත් මෙතනට ආවේ. මම ඉතින් එච්චරම පලපුරුදුකාරියක් නම් නෙමේ. හැබැයි හොඳ බ්ලොග් එකක් අඳුනගන්න පුලුවන් කෙනෙක්. ඔයාගේ භාෂාව හැසිරවීම හරිම අපුරුයි. සංවේදී කතාවක්, ඉතා සරලව, හිතට කාවදින විදියට ඉදිරිපත් කර තිබීම තමා මෙහි විශේෂත්වය හැටියට මම දකින්නේ. මම නම් ඔය අපබ්‍රංශ භාෂාවලින් ලියන බ්ලොග්වලට චුට්ටක්වත් කැමති නෑ. මොනදේ උනත් කියවන්න හිතෙන්නේ තමුන්ගේ අදහස්වලට ගැලපෙන, තමුන්ගේ හදවට කිට්ටු දෙයක් නම් පමනයි. තමුන්ගේ රුචිකත්වය අනුව එක, එක්කෙනා තමන්ට කැමති ඒවා කියවයි. හැමෝම ඉතින් එක මට්ටමේ නෑනේ. අපි වෙනුවෙන් දිගමටම ලියයි කියලා මමත් බලාපොරොත්තුවෙනවා.
ReplyDeleteමගෙනුත් උනුසුම් සුබ පැතුම්!!!
දුමී..
ReplyDeleteමෙහේ තියෙන කාර්යබහුල කම ගැන මම හොඳට දන්නව... ආපු එකටත් දිරිගැන්වීමටත් බොහෝම ස්තුතියි...
බ්ලොග් ලියන්නෙක් හැටියට ඔබ හොඳට දන්නව ඉතින් ලැබෙන කොමෙන්ටු නොවැ අපේ ඉන්ධනේ..
ආයුබෝවන් කියල පිළිගන්නව මේ පැත්තට... මෙහේ ආවට ඔබටත් අර හඳුන්වාදුන් බ්ලොග් කරුවාටත් ස්තුතියි...
ReplyDeleteඔබත් අර මම පෝස්ට් එකේ සඳහන් කරපු දිරිගන්වන්නන්ගෙ සංගමේ කෙනෙක් වගේ... ලියන අයම කොමෙන්ට් කර ගන්නවට වඩා තවත් අය මේව කියවල රසවිඳින බව මතක් කරදෙන ඔය කණ්ඩායම හරිම වටිනව මේ බ්ලොග් අවකාසෙට...
නැවතත් ස්තුතියි... නැවත එන්න..
මම ආවෙ නං ඔයාගෙ කමෙන්ට් එකෙන්, එතකන් මම මේ බ්ලොග් එක දැකල නෑ..මොනව කරන්නද?
ReplyDeleteපෝස්ට් එක ගැන නං කියන්න වෙන්නෙ හුඟක් දේවල් හිතෙනව, ඒත් ඒව වචන වෙන්නෙ නෑ, (හැබැයි බ්ලොග් එකවත් පෝස්ට් එකවත් අසාර්ථක නිසා නෙවෙයි ඒ, එක හුස්මටම කියවගෙන යන්න පුලුවන් විදියට ලියවිල තියනව..)
ස්තූතියි පිලිගත්තට, පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න, හැකිනම් ඔයාගේ පුංචි නිකීතාගෙ ෆොටෝ එකක් දාන්න . ( කරදරයක් නැතිනම් )
ReplyDeleteආයුබෝවන් කිව්වා...
ReplyDeleteබොහොම සතුටුයි මේ පැත්තෙ ආව එක ගැන.. දැන් දැනගත්ත නොවැ. ඉවර තියෙන හැටියකට එන්න.. මමත් ඒ පැත්තෙ මුලින්ම ආවෙ කළාමැදිරි බලන්න..
අහ්ලිගතො ගොසයිමස්...
ඔය ඉන්නෙ.. පින්තූරෙ උඩ click කරල බලන්න.. දැන් මීට වඩා චුට්ටක් ලොකුයි...
ReplyDeleteඑයා ගැන කියන්න හුඟාක් දුක හිතෙන කතාවක් තියෙනව... තාම ලියන්න හිත හදාගත්තෙ නෑ... අපේ දුක් තව අයටත් බෙදල ඒ අයට තියෙන දුක් තවත් වැඩි කරන්නෙ ඇයි කියල හිතෙන නිසා...
මම නම් හිතන්නේ දුක බෙදාගන්න තරමට ඒක අඩුවෙනවා කියලා. පුංචි නිකීතාගේ කතාව අහන්න අපි කැමතියි. එතකොට ඒ වෙනුවෙන් මොනවා හරි කරන්ට පුලුවන් නම්, (අඩුම ගනනේ කතා කරන්ටවත් ) ඒකත් ලොකු දෙයක් කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteලස්සන, හුරතල් පුතෙක්....
ඇස්වහක් කටවහක් නැහැ ඔන්න පුංචි නිකීතා ගොඩාක් ලස්සනයි. දුක හිතෙන කතාවක් තියෙනවා කිව්වමත් මට හරිම දුකයි. ඒත් මේ පුංචි පැටියට තෙරුවණ් සරණයි ..........
ReplyDeleteනිකීතා නේපාල් පැටියෙක් වගෙයි, හරි අහිංසක පාටයි.
ReplyDeleteපුංචි නිවැරදි කිරීමක්...
ReplyDeleteArigatou gozaimasu...
බොහොම ස්තුතියි චේජනා ඒක පෙන්නල දුන්නට..
ReplyDeleteහැබැයි මම ඒක නොදැනම නෙමෙයි එහෙම ලිව්වෙ.. මට ජපන්නු ඒක කියනව ඇහෙන්නෙ එහෙමයි...
යොෂිහිකො වතනබේ කියල පරන ජපන් හිතවතෙක් මතක් වෙලා ඇතිවුනු හිතවත් සම්ච්ච්ල් සිතුවිල්ලක් හිතේ ඇතුවයි එහෙම ලිව්වෙ..
San kyuu !
ඕක ටිකක් පරණ එකක්.. ලැප් එකේ තිබුණු නිසා දැම්මෙ.. දැන් නම් මව් තුමියගෙ පාටට හුඟක් කිට්ටුයි.. හෙට අනිද්දට කාල් ලුවිස් වගේ වෙයිද දන්නෙ නෑ...
ReplyDeleteජොර්දාන් වල හිටපු කාලෙ සීතලටද දන්නෙ නෑ ටිකක් සුදුවට හිටිය.. දැන් අම්මයි එයයි ලංකාවෙ ඉන්න නිසා හරි පාට ඇවිල්ලද කොහෙද..
මේ ඊයෙ පෙරේද..
ඔයාලට හිතාගන්න බැරි තරම් දුක කතාවක් ඒක... මම වෙලාවක කියන්නම්... ලෝකෙ කිසිම අම්ම තාත්ත කෙනෙකුට එහෙම දුකක් වෙන්න හොඳ නෑ....
ReplyDeleteමගෙ නම් මේ හින්ද දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසෙ පවා තරමක් හෙල්ලිලයි තියෙන්නෙ...
ReplyDeleteහුඟාක් ස්තුතියි කරුණාවට...
ඔයාට එයාගෙ පින්තූරයක් බලන්න හිතුනෙ මට මේ කතාව බ්ලොග් හිතවතුන්ට කියන්න කාලෙ ඇවිත් වෙන්න ඇති...
කාර්ය බහුල නිවාඩුවක් නිසා ටික දවසක් බ්ලොග් අවකාශෙන් ඈත් වෙලා හිටිය නිසා පොස්ට් එක බලන්න වුනේ අද තමයි. පොස්ට් එකේ කොමෙන්ට් හරහා ඇවිත් නිකිතා ගැන ඔබ නොකියා කියන දේ ගැන නම් පොඩි බයක් දැනුනා. සමහර විට මගෙ පුතත් ඔය වයසෙම හුරතලෙක් නිසා වෙන්න ඇති.
ReplyDeleteදුක සතුට හැම දේම බෙදා ගන්න නෙ යාලුවො ඉන්නෙ. ඒ නිසා ඒ ගැනත් ලියන්න.
කවදාවත්ම දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසය නැතිකර ගන්න එපා.නිකීතාගෙ අම්මට කියන්න හැමදාම හවසට බුදුන් වැඳල , පිරිත් කියන්න කියලා. පුතාවත් ලඟින් ඉන්ඳව ගන්නවා නම් ගොඩක් හොඳයි.මමත් හැමදාම බුදුන් වැඳල කරන ප්‍රාර්තනා ගොන්නට නිකීතවත් ඇතුල් කරගත්තා.
ReplyDelete" දුක බෙදාගත්ත තරමට අඩුවෙනවා, සතුට බෙදා ගත්ත තරමට වැඩිවෙනවා" කියල කතාවක් තියෙනවනේ.ඒ නිසා අපි දුක බෙදා ගනිමු.
බ්ලොග් වලට ඇනෝ ID වලින් ලොග් වෙලා කොමෙන්ට් හෙම දානකොට ඒත් මම හිතුව කොහේ හරි ගිහින් තමා කියල... ලංකාවට ගියාද... මෙහේමද හිටියෙ...
ReplyDeleteමේ ප්‍රශ්නෙදි අපිට නෑයින්ට වඩා යාලුවො හරිම වටිනව... වැඩියෙන්ම විවිධ අදහස් ලැබෙන නිසා... නෑයොත් ඉතින් අපි වගේම හිතන නිසා value addition එකක් වෙන්නෙ නෑ...
ඔබට බොහෝම පින්...
ReplyDeleteහපොයි..අපි වගේම හිතන නෑයෝ ?.......එහෙම අය ඉන්නෙ වේයන්ට තමා. උඩින් අපි වගේ හිතුවට යටින් වලවල් කපන නෑයෝ තමයි වැඩි හරියක් ඉන්නෙ. මම නම් විශ්වාස කරන විදියට අදහස් වලින් මොන වෙනස් කම් තිබුනත්, තරහ මරහ ඇති වුනත් අන්තිමට අපට ඉතුරු වෙන්නෙ තමුන්ගෙම සහෝදර සහෝදරියනුත්, ඒ හා සමාන මිතුරු මිතුරියොත් විතරයි කියලා.ඒත් ඒක හැම වෙලාවෙම ඇත්ත නොවෙන තැනුත් මම දැකලා තියනවා.
ReplyDeleteඔව්...පහුගිය දවස් වල ලංකාවට ගියා. ආපහු ආවත් තවම හිත එහේ..ඒක ආපහු ලැබුනම තමයි පරන බ්ලොග් ටික කියවන්න වෙන්නෙ..
සපතේරු උන්නැහැ අලුතෙන් මොනවහරි ලියනකන් අපි කියවන්ඩ බලාගෙන ඉන්නව.
ReplyDeleteමේ කතාව කියෙව්වට පස්සේ ගොඩක් දේවල් නම් හිතුනා. ඒත් ඒවා වචන වලට පෙරලන්න තමයි අමාරු.
ReplyDeleteමිනිස්සුන්ව ගොඩක් වෙලාවට ජීවත් කරවන්නේ බලාපොරොත්තු. බලාපොරොත්තු නැත්නම් ඒ මිනිස්සු මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා.
ඒත් ජීවත් වෙලා ඉන්න කාලේ ඒ බලාපොරොත්තු වලින් ඉටු කරගන්න ලැබෙන්නේ කීයෙන් කීයයිද !!!!!
ඔන්න මට හිතුන දේවල් වලින් ටිකක් කිව්වා. :)
ඔන්න ලිව්ව..
ReplyDeleteසැටිපිකැට් ඇත්ත..
ReplyDeleteමම මේක වෙන තැන් වලත් කියල තියෙනව... බලාපොරොත්තු තමා ජීවිතය දුවවන ඉන්ධනය...
ReplyDelete