Wednesday, August 10, 2011

ඔබ කවුද... ?

රාමදාන් කාලය නිසා තරමක විවේකයක් ලැබේය, ඒක නිසා ටිකක් වැඩිපුර ලියන්න ලැබේය කියල හිතාගෙන හිටියත් ඇත්තෙන්ම ලැබුණෙ ඉතාම අවිවේකී කාලයක්... මේ මාසෙ ඇතුළත රුපියල් කෝටි හයක විතර සපත්තු අපේ ආදරණීය පාරිභෝගිකයන්ට අලෙවිකිරීමේ ඉලක්කයක් ලැබුණ..( ලේසි වැඩක් කියල හිතන්ට එපා ඩුබායි වල වුනත්..) ඉතින් ගතින් තරමක විවේකයක් තිබුණත් හිතින් " full time engaged in business ".

ඒත් අමාරුවෙන් අටවගත්තු බ්ලොග් එක පාළුවට යවලත් බැරි නිසා කාටත් ප්‍රයෝජනවත් විය හැකි පුංචි අදහසක් සටහන් කරන්න හිතුව... සුබස වත් පාවිච්චි නොකර ලින නිසා අකුරු විනිසෙහි නොයෙක් අඩුපාඩු තිබිය හැකියි..



පහල ඡායාරූපයේ ඉන්න කෙනාව දන්නවද... ?





මේ ඉන්නෙ Les Brown. ඔබ ඔහුව දැනටමත් දන්නවනම් මම කියන්න යන කතාව ඔබ දන්නව ඇති... ඒත් කමක් නෑ.. ආපහු කියවමු.. අපතෙ යන එකක් නෑ...

ඇයි මම Les Brown ගැන ලියන්නෙ.. ?

කාටත් වගේ තියෙනවනෙ අවශ්‍ය තැන් වලදි පාවිච්චි කරන නොයෙක් කියමන්... (Quotes).ඕව ඉතින් අපි කොහෙන් හරි කියවල හරි කවුරු හරි කියනව ඇහිල හරි මතක තියාගත්තු ඒවනෙ... තමුන්ගෙම කියමන් ඇති අයත් නැතුව නොවෙයි... ( ඇයි හත්තිලව්වෙ ඔය කියමන් මුලින්ම කියපු උදවිය.. ). මමත් ඒ වගේ පාවිච්චි කරන quotes තියෙනව...

මම පාව්ච්චි කරන, ඉතාම වැදගත්ය කියල මට හිතෙන, එක කියමනක් මම අහල තියෙන්නෙ ඔන්න ඔය පින්තූරෙ ඉන්න Les Brown ගෙන් .

ඔහු ප්‍රසිද්ධ දේශකයෙක්... ( motivational speaker කෙනෙක් )... අපි කියමුකො උනන්දු කරවීමේ දේශකයෙක් කියල... විශාල මුදලක් අය කරන, ප්‍රසිද්ධ සමාගම් , ආයතන වලට නොයෙකුත් කන්ඩායම් වලට සාර්ථකත්වය ළඟාකරගැනීම ගැන දේශන පවත්වන කෙනෙක්...

ඔහු ඒ අංශයෙන් නොයෙකුත් ගෞරව සම්මාන වලට පාත්‍ර වෙච්ච කෙනෙක්... National Speakers Association වෙතින් පිදෙන ඉහලම ගෞරව සම්මානයත්, Toastmasters international වෙතින් ඇමරිකාවෙ හොඳම දේශකයන් පස් දෙනාගෙන් කෙනෙක් හැටියටත්, ඒ වගේම චිකාගෝ Emmy Award එකකුත් ලබාගෙන තියෙනව..

මම ඔය කියමන පාවිච්චි කලාට, ඕක කියල තියෙන්නෙ Les Brown ය කියල දැනගෙන හිටියට ඕකෙ නිධාන කථාව දැනගෙන හිටියෙ නෑ... ළඟදි දවසක ප්‍රබෝධ් ට්‍රෙහාන් කියල ඉන්දිය ජාතික මිත්‍රයෙක් මට ඔය කතාව කිව්වෙ...

ඒ කතාව මේකයි......

Les Brown ඉතාම දුප්පත් පසුබිමකින් එන කෙනෙක්... ඉපදිලා සති දෙකකින් ඔහුව දරුකමට හදාගන්න අරන් තියෙනව.. ඒත් කමකරු පවුලක කාන්තාවක් විසින්... කොහොම හරි ඔහුව පාසැලට ඇතුලත් කරල තියෙන මේ කාන්තාව.. ඒත් ඔහු පස්වෙනි ශ්‍රේණිය දක්වා ගියාට පස්සෙ ඔහු අධ්‍යාපනය ලැබිය හැකි, ඒත් දුර්වල මානසික තත්වයක් ඇති (educable mentally retard) ළමයෙක් හැටියට හඳුන්වල ඔහුව ශ්‍රේණියක් පහලට දාල විශේෂ පංතියකට දාල තියෙනව.. එතැන් ඉඳන් හැමෝම ඔහුට සලකල තියෙන්නෙ මැට්ටෙක් හැටියට... මේ සිදුවීම ඔහුගෙ හිතට වැදිල.. ඔහුත් මම "වැඩ බැරි" කෙනෙක්ය කියන මානසික මට්ටමේම ඉඳල තියෙනව..

ඔය අතරෙදි තමයි Les ගෙ ජීවිතය වෙනස් කරපු කියමනක් ඔහුට අහන්න ලැබිල තියෙන්නෙ...

දවසක් ඔහු තමගෙ යාලුවෙක් මුණගැහෙන්න ඒ යාලුවගෙ පන්තියට ගිහින් වාඩි වෙලා ඉඳල තියෙනව.. ඒ අතරෙ ඒ පන්තියට උගන්වන ගුරුතුමා ඇවිත්... ඔහුට දැනිල නැහැ Les මේ පන්තියෙ කෙනෙක් නොවෙන බව... ඔහු යම් ක්‍රියාකාරකමක් දීල ඒක කලු ලෑල්ලෙ කරන්න කියල Les ට කියල තියෙනව.. Les කිව්වලු මට බැහැ කියල.. ගුරුතුමා ඇහුවලු ඇයි බෑ කියන්නෙ කියල... Les කිව්වලු මම මේ පන්තියෙ නෙමෙයි.. මම වැඩ බැරි පන්තියෙ ළමයෙක් ඒකයි මට බැරි කියල... එවෙලෙ ඒ ගුරුතුමා කියපු කියමන තමයි.. Les ගෙ හිත වෙනස් කරල ඉදිරියටම ගිහිල්ල අද ඔහු ඉන්න සාර්ථක තත්වෙට එන්න උදවු වෙලා තියෙන්නෙ... ඒ කියමන තමයි අද ඔහු Quote එකක් හැටියට පාවිච්චි කරන්නෙ..

මම මගෙ බ්ලොග් එකෙත් ගෙදර හදපු බැනර් එකක් වගේ එල්ලල තියෙන්නෙත් ඔය කියමන තමයි...

Les Brown ට ඔහුගෙ යාලුවගෙ පංතියෙ ගුරුතුමා කියපු දේ මේකයි...

Someone's Opinion Of You Doesn't Have To Become Your Reality ( ඔබ ගැන යම් කෙනෙකුගේ මතය, ඔබගේ ජීවිතයේ යතාර්ථය විය යුතු නැත..)







මට මේ වෙලාවෙ තව පුංචි කතාවක් මතක් වුනා... මේ දවස්වල පාසැල් නිවාඩු කාලය නිසා කුඩා දරුවන්ට ආදර්ශමත් කතන්දර අරන් ඒව චිත්‍ර , පුංචි අනුරූ වගේ දේවල් ඇසුරෙන් සකස් කරල පුංචි කුටි වල ප්‍රදර්ශනය කරල තියෙනව අපේ Shop එක තියෙන Mall එකේ... මේ කතාව දැක්කෙ ඒ එකක..

ඒ කතාව මේකයි......


ගෙම්බො රංචුවක් කැලයක් මැදින් ගමනක් යනව.. එක පාරටම මහ විසාල ගැඹුරු වලක් තිබිල ඕකට ගෙම්බො දෙන්නෙක් වැටෙනව... මේ දෙන්න ඉතින් බය වෙලා ... මේකෙන් උඩට යන්නෙ කොහොමද කියල උඩ පනින්න බලනව.. අර උඩ ඉන්න ගෙම්බො කට්ටිය අඬු පඬු වීසි කර කර කෑ ගහනව ." අපිට උඹල ගැන දුකා..යී.. ඒත් මහන්සි වෙන්න එපා... උඹලට මේකෙන් උඩට එන්න බෑ...ඈ.." කියල.. මේක ඇහිල අර උඩ පනින්න ගත්ත එක ගෙම්බෙක් බයටම පපුව ගැහිල මැරිල වල ඇතුලටම වැටෙනව... අනිත් ගෙම්බ මේ කෑ ගගහ දඟලන ගෙම්බො ටික දිහා බල බලා පුළුවන් උපරිම වීරිය දාල පැනල උඩට එනව... අනිත් ගෙම්බන්ට පුදුමයි ... අපි මෙච්චර කෑ ගහද්දිත් මූ ගානකටවත් නොගෙන ගොඩ ආවනෙ කියල...

රහස මොකක්ද දන්නවද...
.
.
.
.
.
.
.
ඒ ගෙම්බ බිහිරියි...
ඌ හිතල තියෙන්නෙ අර කට්ටිය උඩ ඉඳන් අඬු වන වනා චියර් කරනව කියල...


පින්තූර ගත්තෙ මෙතැනින්..
http://www.bigbrothercj.com/
http://dimdima.com

38 comments:

  1. ආදර්ශමත්ම කතා දෙකක්

    ReplyDelete
  2. හිතට වැදුනු කතා දෙකක්.....

    ReplyDelete
  3. කතාව නම් සහතික ඇත්ත සපතේරු උන්නැහේ...

    අපි ඉතින් ඔය ඉන්දියන් කාරයෝ ගැන උන් ඉස්සරහම ඉඳන් කියන කතා උන් දන්නවනම් නේද ? අපි මොනවා කිව්වත් ඔය අගේට හිනාවෙලා කතාකරලා වැඩත් කරගන ඉන්නෙ..

    කොහොමත් අපට හම්බ වෙන ඔපීනියන් වැඩි හරියක් වැඩේ කෙරෙන පැත්තට වැඩිය නොකෙරෙන පැත්තටනෙ බර....

    ReplyDelete
  4. නියම කතා

    ReplyDelete
  5. ඔපීනියන්ස් නම් අනන්තයි. ඒත් ඒව්වයෙන් වැඩක් ඇති ඒව සොයා ගන්න එක නෙව කෙළිය. අනික ගොඩක් ඔපීනියන් දෙන්නෙ කටට ආවට මිසක් ඒ දෙන අයවත් ඒ ගැන විශ්වාසයෙන් නෙමෙයි.

    කතා දෙකටම බොහොම ස්තූතියි !

    ReplyDelete
  6. බොහෝ අගනා ආදර්ශ කතා දෙක, බෙදාගත්තාට බොහෝම ස්තුතියි.

    ඔබ බ්ලොගයේ බැනරය දාපු දාම ඒ අදහස ගොඩාක් හිත්ගත්තා.

    තමා වැඩකාරයා කියා හිතාගෙන ඉන්න කෙනෙකුට වැරදුනොත්, බලාපොරොත්තු වූ හැටියට ඉදිරියට යන්න බැරි වුනොත් දරාගන්න අමාරුයි. ඒත් බැරි එකා කියා ලේබල් ගැහුන කෙනෙක් දශමයක තරම් ඉදිරියට ගියත් ඒක ලොකු ජයග්‍රහණයක්. තවත් උත්සාහ කරනවා.

    ReplyDelete
  7. සපතේරු උන්නැහෙත් නියම ආදර්ශමත් කතානෙ කියන්නෙ

    ReplyDelete
  8. රසවත් මෙන්ම ආදර්ශමත් කතා දෙකක්. අර මුල් කතාවෙ එන ගුරුවරයානම් නියම ගුරුවරයෙක්.

    ReplyDelete
  9. මාරයා...August 11, 2011 at 11:56 AM

    මං කල්පනා කලේ කන් ඇහිලා හරි කමක් නැහැ අර ගුරුවරයා කියාපු දේ අර හාදයගේ ඔළුවට වැටුනේ නැත්තං මොකද වෙන්නේ කියලා..?

    හැබැයි එහෙනං සිද්ධ වෙන එක දෙයක් මං ටක්කෙටම දන්නවා..සපතේරුට මේකේ එල්ලන්න වෙන මොකක් හරි පාඨයක් හොයා ගන්ට වෙනවා...එහෙම උනානං මුංදෑ මේකේ මොනවා එල්ලයිද..?

    කෝකටත් මාත් මොනවා හරි මේකේ ලියලා යන්නං..කවදා හරි මොනවා හරි එල්ලන්ට පාඨයක් හොයන කෙනෙකුට අරගෙන එල්ලා ගන්ට්...

    "අනිත් උන්ට ඕන ඕන විදියට ජීවත් වෙන්ට හිතෙන එවුන් මේ ලෝකෙට වැඩක් නැත..මන්ද එහෙම උන් දැනටමත් ඕනෑ තරං ඇති නිසාය.."

    (කොහොමද මගේ පඬි ටෝක... පොඩ්ඩක් හොයලා බලන්ට ඕන ඕක මීට කලින් කවරු හරි කිව්වද කියලා..?එහෙම උනොත්නං වස නෝන්ඩිය...)

    ReplyDelete
  10. නියම කතා දෙකක් යාලුවා . මම මේ බ්ලොග් එකට මේතරම් ආස මෙහේ ආවට පස්සේ මට මොනාහරි ගෙනියන්න ලැබෙන නිසා .

    ReplyDelete
  11. ආයිබෝං කිව්වා.. බොහොම ඉස්තුතියි මේ පැත්තෙ ආවට... නැවත එන්න

    ReplyDelete
  12. ආයුබෝවන් හරේ...

    කියවන එක්කෙනෙකුගෙවත් හිතට වැදුනනම් "මගෙ සතුටද එයමයි "

    ආවාට ස්තුතියි..!

    ReplyDelete
  13. ලකී මම හින්දි කතාකරන්න බොහොම අමාරුවෙන් ඉගෙනගත්ත... උන්ටත් අපි කරන දේ කරන්න බැරි වෙන්න... උං දන්නෙ "මචං" කියන්න විතරනෙ..

    ReplyDelete
  14. ආයුබෝවන් නදී..

    ටැංකිවු ඈ..

    ReplyDelete
  15. ආයුබෝවන් නවම්..

    මොකද අතින් පයින් යනවයැ... හෝල් සේල් එකේ දෙන එකයි ඇත්තෙ.. ඔපීනියං ගන්න එකා මකබෑවිලා ගියත් මොකද...

    ස්තුතියි ආවට..

    ReplyDelete
  16. බැරි එකා කියල ලේබල් ගහන උදවිය අඟලක් වත් ඉස්සරහට යන්න උදව් වෙන්නෙ නැති එකනොවැ ඩීන් අයිය මේ ලෝකෙ සිරිත...

    ReplyDelete
  17. // අර මුල් කතාවෙ එන ගුරුවරයානම් නියම ගුරුවරයෙක්.//

    ලමයින්ට ගහල කන් අඩි පලන ගුරුවරු ඉන්න ලෝකෙ...

    නලිනි දැන් අසාධ්‍ය තත්වෙන් සාධ්‍ය තත්වෙට ඇවිත් ඇතැයි හිතනව...

    ReplyDelete
  18. ඔබ අයියා..

    අනික්වත් දන්නව...

    ReplyDelete
  19. මාරයා...

    එළ ටෝක..

    සිරාවට ඕක හොඳට සුද්දගෙ බාසාවට හරෝගෙන මම ලමයි ට්‍රේනින් කරන කොට පාව්ච්චි කරන්න ගන්නව... කතෘ භාග හෙම ඉල්ලනව නෙමෙයි ඕං...

    ReplyDelete
  20. සඳරු මල්ලි...

    එක්කෙනෙක් වත් එහෙම දෙයක් ගන්නවනම් ලියන්න ගත කරපු කාලයෙන් වැඩක් වුණා කියල හිතෙනව...

    ReplyDelete
  21. අනගි කතා දෙකක්.
    ඔයගේ බ්ලොග් එක මට ටිකක් මිස් වෙලා .

    ReplyDelete
  22. කමක් නෑ ... දැන් ආයෙ ආවනේ...

    ReplyDelete
  23. මටත් හුඟ කලකින් එන්න බැරි වෙලානේ . අනේ ඇත්තට ලමෙක්ගේ ජිවිතේ නැති බංග කරන්නත් ඇති කරන්නත් ගුරුවරයෙක්ගේ එක වචනයක් ඇති. අපිත් දන හෝ නොදැන ඔය වරද කරනවනේ . ''මම නම් හරි බයයි ළමයෙක්ට ඔයාට ඕක කරන්න බැහැ'' කියන්න . ඒත් සමහර වෙලාවට අපිත් ඔය දේ කරනවා. . අපොයි සමහර ය දෙන උපදෙස් දැක්කම හිතෙනවා අර ගෙම්බා වගේ වුනා නම් හොඳයි කියලත්. වාසනාවකට වගේ දැන් නම් උපදෙස් දෙන්න ගියොත් ටෙලිෆෝන් බිල් ගෙවන්න වෙන හින්ද කවුරුත් ඒ කරදරය කරන්නේ නැහැ . අනික බොහොමයක් උපදෙස් නැතුව දෙය්යනේ කියල ඉන්න එකෙන් තේරුම් ගත්ත අපිටත් යමක් කරගන්න හැකි බව . අත්දුටුවයි. වැඩිය උපදෙස් පිළිපැදීම හරි බයානකයි.

    ReplyDelete
  24. සපතේරු උන්නැහේගේ බ්ලොග් එකට ආපු පලවෙනිම අවස්ථාව මේක. කතාව කියවන්න කලින් ඉස්සෙල්ලාම කලේ කමෙන්ට් ටික කියවපු එක. කමෙන්ට් ටිකෙන් කතාව කියවන්න උනන්දු කලා.

    ඇත්තටම ආදර්ශමත් කතා දෙකක් !!!!
    තමන්ට හරියි කියලා හිතෙන දෙයක් තියෙනවනම් ඒ දේ කලාම හරි. අනිත් අයගේ කීම අහලා පසුබට වෙන්නේ මොකටද !!!!!

    ReplyDelete
  25. සහතික ඇත්ත... මිනිස්සු අපිව මානසිකව වට්ටන්න එක එක කතා කියනවා. එත් අපි ඒවා ගණන් ගන්නවා කියන්නේ අපි එයාලව දිරිමත් කරනවා වගේ වැඩක්. ඒ වෙලාවට කරන්න තියෙන්නේ ඇහුනේ නෑ වගේ අපේ ගමන අපි යන එක....

    ReplyDelete
  26. ඔව් අර අනාගත ජනාධිපති බලන්න ගියාට පස්සෙ මේ පැත්තෙ ආවෙම නැහැනොවැ...

    මේ කතාව විතරක් නෙමෙයි... ගුරුවරු නිසා තමුන්ගෙ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තු අය කොච්චර ඉන්නවද... හොඳට නරකට දෙකටම...

    ReplyDelete
  27. ආයුබෝවන් මදුරංග මල්ලී..

    සියලුම උපදෙස් අහක දානවට වඩා හොඳ විදිහ තමාට වැදගත් උපදෙස් හඳුනාගැනීමයි..

    ReplyDelete
  28. ආයුබෝවන් සමාධි නංගී..

    අමාරු වෙලාවක දිරිමත් කරනව වෙනුවට තවත් වට්ටන්න හදන අයගෙ උපදෙස් ගැනයි මම කියන්නෙ ඕං..

    ReplyDelete
  29. අයියේ ගෙම්බෝ දෙන්නගේ කතාවෙන්නම් සෑහෙන ආදර්ෂයක් ගන්න පුළුවන්... අපිට හූ කියන එවුන්.. කියන එව්වා ඈහෙන්නේ නෑ වගේ ඉන්න පුළුවන් නම් අපිටත් දිනන්න පුළුවන්...

    ReplyDelete
  30. හූ කියන උන්ගෙන් පරිස්සම් වෙන ගමන්.. වැදගත් අවවාද බාර අරන් ජීවිතේ හදා ගන්නත් ඉගෙන ගම්මු..

    ReplyDelete
  31. බලන්ට මට මේ පෝස්ට් එකත් මිස්වෙලා. බිහිරි වෙලා නෙමේ මේ දවස්වල පොඩ්ඩි ඉඳලා තියෙන්නේ අන්ධවෙලා...හපොයි.

    හොඳ කතා දෙකක්...:)

    ReplyDelete
  32. ඔන්න එකෝමත් එක රටක බ්‍රේක් ඩාන්ස් දාන හැකරල්ලෙක් හිටියලු. ඌ තරං නටන්ඩ දස්සයෙක් මුළු කැලේම හිටියේ නැතිලු. මේක බලන් හිටපු කැරපොත්තට මාර ජෙලස්. ඉවසගන්ඩම බැරි තැන හැකරැල්ලට ගේමක් දෙන්ඩ ප්ලෑන් එකක් ගැහුවලු. ඌ හැකරැල්ල ලඟට ගිහිල්ල මෙහෙම ඇහුවලු.
    "මචන්, උඹේ ඩාන්ස් එක නං මාරයි. හැබෑට කොහොමද ඔහොම නටන්නේ? මටත් කියල දීපන්කො. උඹ ඉස්සෙල්ලම වම් පැත්තේ ඉස්සරහම කකුල නේද තියන්නෙ? ඊට පස්සේ දකුණු පැත්තේ විසි දෙවෙනි කකුලද? නැත්තන් වම් පැත්තේම තිස් අටවෙනි කකුලද? එතකොට දකුණු පැත්තේ අටවෙනි කකුල තියන්නෙ කොයි වෙලාවෙද? අර සයිඩ් එකට අල කරලා තියන්නෙ වමේ දොළොස් වෙනි කකුල නේද?"
    එදා ඉඳල හැකරැල්ල කකුල් තියන්ඩ ඕනෙ විදිහ හිත හිතා ඉන්නවා මිසක් නටා ගන්ඩ නං බැරි උනාලු.

    සපතේරු උන්නැහැ ලියපු කතා දෙක කියෙව්වම මට ඔය කතාව මතක් උනා. තිබ්බේ යුස්ටයින් ගොඩාඩ් ගේ සොපීගේ ලෝකය පොතේ. පරිවර්තනය කලේ රානි සේනාරත්න රාජපක්ෂ මහත්මිය.

    කතා දෙක නං මසුරං.

    ReplyDelete
  33. ඔය... මම කිව්වෙ නැත්ද... අර අහවලා තමා අහවලා...

    ReplyDelete
  34. පොත්ගුල්ලා..

    බොහෝම ස්තුතියි කතාවට... හැබැයි පුතෝ කරගත්තෙ පවක්ද පිනක්ද කියලනම් මම දන්නෙ නෑ...මම මේකෙන් හොඳ cooperate lesson එකක් ඉගෙනගත්ත... වැඩකරනකොට හම්බවෙන පඬියන්ව අන්නවන්ඩ මේකෙන් හොඳ ( නරක ? ) ආදර්ශයක් ගත්ත...

    ReplyDelete
  35. වටින කතාවක් එක්ක ජිවිතේට පාඩමක්... ගොඩාක් ස්තුතියි යාලුවා

    ReplyDelete
  36. සපතේරු උන්නැහේගේ බ්ලොග් එක ආපු මුල්ම දවසෙම කියවපු පොස්ට් එක ගොඩක් හිතට දැනුනා..ගොඩක් වටිනා , ජිවිතේට පාඩමක් කියාදෙන කතාවක්...

    ReplyDelete
  37. මමත් ඔබේ සටහනට මුලින්ම ආවේ , වැදගත් අදහසක් දෙන ලිපියක් ,

    ReplyDelete
  38. කවුරු මොනවා කිව්වත් තමන් විසින් තමන් ගැන තක්සේරු කරගන්න ඕනේ. ඒත් අධි තක්සේරුවත් හොඳ නැහැ

    ReplyDelete