Tuesday, August 16, 2011

මේ ගීතය ඔබටත් මග හැරුනාද ?

මම සිංහල බ්ලොග් අවකාශයට ටිකක් අලුත්... ඒක නිසා මේ කරන්ට හදන වැඩේ හරිද වැරදිද කියල හරියටම දන්නෙ නෑ...

කපුටන්ගෙ සිරිතක් තියෙනවලු කෑමක් හම්බවුනාම කා..ක් කා..ක් ගාල කට්ටියට දැනුම් දෙන... අන්න ඒ වගේ වැඩක් කරන්න හදන්නෙ..

අද දාන්නෙ පෝස්ට් එකක් නෙමෙයි ලින්ක් එකක්...

සිද්ධිය මේකයි...

මම බ්ලොග් ලියන්න හුඟක් කලින් කියවපු බ්ලොග් එකක් තියෙනව "ජනූගෙ සටහන්" කියල.. ටික දවසක් ඕක මගඇරිල තිබිල... ළඟදි ආයිත් කියවන්න ගත්ත... ඊයෙ දාල තියෙන පෝස්ට් එකේ තියෙනව අමරදේවයන්ගෙ හරිම ලස්සන ගීතයක්...

මේ කරන දේ කරන්න හේතුව වුනේ ඒ ගීතය.. හේතුව මේකයි.. මම කවදාවත් ඒ ගීතය මීට කලින් අහල නෑ...

මගෙ බ්ලොග් එක බලන්නෙ විස්සක් තිහක් වුනත් ඒ අතරින් ජානුගෙ පෝස්ට් එක මිස් වුන දෙතුන් දෙනෙක් හරි ඉන්නවනම් ඒ අයත් එක්ක මේක බෙදාගන්න හිතුව...

මම මේකට ජනනි හංසකිංකිණි ගෙන් අවසර ගත්තෙ නෑ.. බැන්නොත් ගලවනව කියල හිතාගෙන දාන්නෙ...

ගීතය මේකයි ..."මා තනි කර දා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිඳේවා…!!"



Then.. without further ado......





මෙතැනින් ජනනි ගේ පෝස්ට් එකට ගිහින් ගීතයත් රස විඳල කොමෙන්ටුවක් හෙම දාල යන්ට..

ප.ලි.

ලිව්වට පස්සෙ හිතුන මේ වැඩේ ටිකක් අලියගෙයි කූඹියගෙයි කතාව වගෙ එකක් කියල .. ඒත් කමක් නෑ..

40 comments:

  1. ජනූගෙ බ්ලොග් එකේ සපතේරුගෙ ලින්ක් එකෙන් තමයි මෙතනට ආවෙ.....මේ ගීතය බෙදාගත්ත එක නම් වටිනව.....ඒ තරම් අපූරු ගීයක්,

    ReplyDelete
  2. නියමයිනෙ.... අන්න එහෙම තමයි තියෙන්ඩ ඕනෙ... හැම දේම බෙදාගන්ඩ බෑනෙ... ඒත් බෙදාගන්ඩ පුලුවන් හොඳ දෙයක් තමයි රසය.... බොහොම ස්තූතියි මේ ගීතය බෙදාගන්ඩ හවුල් වෙනවට...
    අනේ... මගේනම නම් හදන්ඩ සපතේරු උන්නැහේ... ඒක ජනූ. ජානු නෙවෙයි.. :-)

    ReplyDelete
  3. අහන්න විදියක් නැහැනේ දැන්. ගෙදර ගිහින් අහලා කියන්නම් හොදේ..

    ReplyDelete
  4. ඇත්තටම මම අහල නැතිවුනත් රවීගෙ කොමෙන්ට් එක නිසා තමා හිතුනෙ තව අහල නැති අය ඇති කියල... හොඳ ගීත රසවිඳින කෙනෙකුට අහල නැතිවෙන්න නොයුතු ගීතයක් නිසා බෙදාගන්න හිතුව..

    ReplyDelete
  5. ඒ කියන්නෙ බැන්නෙ නෑ.. එහෙනම් තියෙන්න අරිනව..

    ඕං නම හැදුව.. සමාවෙන්ඩ ඈ..

    ReplyDelete
  6. හා හා එහෙම හොඳා... රස්සාව කරන / ඉගෙන ගන්න තැන අල කර ගන්නැතුව..

    ReplyDelete
  7. සිංදුව මේ දැන් අහලා ඉවර උනා. මට ඔයාගේ පෝස්ට් දෙකක් මිස්වෙලා. අය්යෝ දැන් තමා දැක්කේ.


    හරිම ලස්සන සිංදුවක්. මේ විදියට සිංදුව බෙදා ගන්ට හිතපු එකත් ලොකු දෙයක්. ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  8. මම හිතුව මේ අහවලුන්ගෙ කේස් නිසා පොඩ්ඩිට මේ පැත්ත අමතක වෙලා කියල

    ReplyDelete
  9. හරිම ලස්සන සින්දුවක් ... නියමයි

    ReplyDelete
  10. හරිම අපූරු සින්දුවක් මචං . . . ස්තූතියි මේක බෙදා හදා ගත්තට . . .

    ReplyDelete
  11. මගේ ප්‍රියතම ගීයක්
    ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්
    සංගීතය අමරදේවයන්ගේ මයි.
    සින්ග්ලංකා සමාගම නිකුත් කල නෑසෙන ගී සර සීඩී තැටියේ ගීතයක්.

    මේ ගීය ලියන්ට සුනිල් ආරියරත්නයන්ට මුල් වෙන්නේ මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයේ ප්‍රාර්ථනා ගීතය.
    "සරණයි සරණයි තෙරුවන් සරණයි
    දෙවියෝ දෙත්වා ආසිරි සැමදා
    රකිමින් පුත්‍ර දාරාදින් නෑ සිය මිතුරන්
    සසරේ යාත්‍රා සුවපත් වන්නට
    නොබිඳෙන්නට ජීවිත නෞකා
    වේවා සැමට ම සුබ මංගලම් - මංගලම් - මංගලම් -
    සුබ මංගලම්"

    ReplyDelete
  12. ජනු අක්කට වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකකුත් තියෙනව කියලා දන්නේ අදනේ. මම් දන්නේ ජනූ බබා කියලා ලියන බ්ලොගර් බ්ලොග් එකක් විතරයි.

    ඔන්න මාත් ගිහින් බලන්නම්.

    ReplyDelete
  13. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න
    මේ ප්‍රවීනා කියන්නෙත් පොඩි කුමාරිහාමිද?
    අය්යෝ තව ඩින්ගෙන් අර අහවල්ලුදෙන්නා මාවත් කනවා .
    හික්ස්...
    සින්දුව ඇසුවා. අහල නෑ කලින්....

    ReplyDelete
  14. තියෙනව තියෙනව.... හා එහෙනං වැඩපල සේරම පාඩු කරගෙන හරි කමන්නෑ ගිහිං කියවන එකයි ඇත්තෙ මධූ මලයත්

    ReplyDelete
  15. මේක නම් මම දන්නෙ නැති අලුත්ම විස්තරයක්..... ගීතවලට පසුබිම් වෙන කතන්දර කොයිතරම් සුන්දරද??

    ReplyDelete
  16. උඹල වගේ කීපදෙනෙකුට හරි මේ සිංදුව වදින බව දන්න හින්ද තමා සිංහල බ්ලොගර්ස්ලගෙ ethics ගැන හරියටම නොදැන වුනත් මේ වැඩේ කලේ... අපරාධයක්නෙ නොඇහෙන්න අරින එක...

    ReplyDelete
  17. මම ටක්කෙටම හිතුව පොත්ගුල්ල අනිවා ඩෙෆා මේ සිංදුව අහල තියෙන විත්තිය... අහල විතරක් නම් මදෑ... ඔය තියෙන්නෙ අල ගිය මුල ගිය තැන් සේරම... බොහොම ස්තුතියි මේ විස්තර බෙදා ගත්තට.. ඔය විස්තර ටිකම ජනනිගෙ පෝස්ට් එකෙත් කොමෙන්ටුවක් දැම්මනම් වටිනව...

    ReplyDelete
  18. මධුරංග මල්ලිගෙ අනිත් පැත්ත මට වුනේ... මම ජනනිගෙ "ජනූගෙ සටහන්" බ්ලොග් එක කියවන්න ගත්තට හුඟක් පස්සෙ තමා අර අනිත් බ්ලොග් එක දැක්කෙ.. අර නිල්පාට බව්ව හෙම ඉන්නෙ... හැබැයි මලේ මම නම් හිතන්නෙ "ජනූගෙ සටහන්" තමා වැඩිය හොඳ...

    ජනනි තාම දන්නෙ නෑ මම දවසක් ඇනෝ කොමෙන්ටුවක් දැම්ම ( මම එතකොට බ්ලොග් ලියන්නෙ නෑ ) එයාගෙ පුංචිව මතක් කලා කියන්න කියල.. වැරදියට හිතුවද දන්නෙත් නෑ.. ඇත්තටම එයාගෙ පුංචි මගෙ හොඳ යාලුවෙක් පොඩි කාලෙ ඉඳන්...මම ජනනිගෙ මුලු නම දැනගත්තෙත් අපේ හාමිනේගෙ ෆේස් බුක් එක හරහ ඒ පුංචිගෙ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකෙන් ( එයාලත් යාලුවො) ( මම එෆ් බී පාවිච්චියක් නෑ ).

    ReplyDelete
  19. ගිම්හානිට මම රහසක් කියන්නද...

    මගෙ බ්ලොග් එකේ මුලින්ම ප්‍රවීනා කියල කොමෙන්ට් එකක් දාපු වෙලාවෙ.. මම පොඩ්ඩි කියල රිප්ලයි කලාට පණහට පණහ තියාගෙන කලේ... බැනුමක් රි රිප්ලයි එකක් විදිහට ආවෙ නැති නිසා මම හිතපු විදිහ හරි කියල දැන ගත්ත...

    සින්දුව ඇහුවනම්, සින්දුව හොඳනම් ජනනිටයි ස්තුතිය හිමි..

    ReplyDelete
  20. හි හි හි.... පුංචිව මතක් කරන්ඩ කියල කමෙන්ට් එක දැම්මෙ අපේ සපතේරු ද??? කවුද අප්ප දන්නෙ...??
    මං ඒත් ඒක දැකල කල්පනා කලේ දැන් මං පුංචිට ඔයාගෙ යාලුවෙක් ඔයාව මතක් කළා කිව්වාම ඊ ලඟට එයා කවුද? තියල ඇහුවාම මං මොනවද කියන්නෙ කියල
    ලඟදි මුණගැහෙයි එයාව දං කියන්නං සපතේරු උන්නැහේ පුංචිව මතක් කරන්ඩ කිව්ව කියල

    ReplyDelete
  21. මේ වගේ ගීත අලුතින් බිහි නොවීම ගැන කණගාටුයි.

    ReplyDelete
  22. සපතේරු උන්නැහේ හරි. ප්‍රවීනා කියලා කියන්නේ පොඩි කුමාරිහාමි අක්කා තමා. 100%ක් ෂුවර් !!!

    ReplyDelete
  23. maru rahasa hek hek.

    ReplyDelete
  24. මා ගොඩාක් කැමැති සින්දුවක්, සන්තකයේ තිබුණත් කාලෙකින් ආයේ ඇහුවේ. බොහෝම ස්තුතියි නැවත අහන්න සැලැස් වූවාට.

    ජනූ සටහන් වලටත් තුති කරලා ආවා.

    අඩවි දෙකටම තුති, පිං මෙවැනි සුමියුරු ගීත මතක් කර දෙන එකට.

    ReplyDelete
  25. බොහෝමත් ස්තුතියි ගීතය ගැන විස්තර ගොන්නට.

    ReplyDelete
  26. ඩීන් අයියා.. සතුටුයි කවුරුත් කැමති දෙයක් බෙදා ගන්න උදව්වක් වෙන්න ලැබුනු එකට...

    ReplyDelete
  27. මම ජනූ ෆලෝ කලේ නෑ මෙච්චර කාලෙකට. බොහොම ස්තූතියි මේ සින්දුව බෙදාහදා ගත්තාට. දැනගෙන උන්නෙ නෑ මෙහම සින්දුවක් ගැන මේ කියනකන්ම.

    ReplyDelete
  28. මට පේන්නෙ ජනනි කලේ පුදුම ටැංකිවු එකක් දෙන්නම ඕනෙ වැඩක්... මේ සින්දුව අපේ generation එකටම මගෑරිලා තිබිල තියෙන්නෙ...

    ReplyDelete
  29. පොත්ගුල්ල ඔහොම හිටියට සිංහල සාහිත්‍යය ගැන ඇවිදින encyclopedia එකක්..

    ReplyDelete
  30. සිරාවටම ඔන්න මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් හරහා මධු අය්යාගේ උත්සහයේ ප්‍රතිපලයක් විදිහට ආවත් හොද බ්ලොග් දෙකක්ම හම්බ උනා. ගොඩාක් ස්තුතියි හැමෝටම

    ReplyDelete
  31. අනේ අප්පේ......... මං මේ නිකන්ම නිකන් සාමාන්‍ය රසිකයෙක් විතරයි.
    සපතේරු උන්නැහැ මං ගැන කියාපු දේ ඇහැ ගැහුනෙ දැනුයි.
    ඕ ලෙවල්, ඒ ලෙවල් විතරයි විභාගයක් කියල කරල තියෙන්නෙත්. ඒ ලේවලුත් පාස් බාගෙට. වැස්සකටවත් කැම්පස් ගිහින් නෑ. ඔය සින්දුවක් අහල, පොතක් කියෝල, චිත්‍රපටියක් බලපු එක විතරයි කරල තියෙන්නෙත්. ඕක ඉතින් හැමෝම කරනදේමනේ. අවන්කවමයි කියන්නේ මට නං ඔච්චර credit එකක් වටින්නෑ.

    ReplyDelete
  32. මේක මං බලපු පෝස්ට් එකක් ඒ වුනාට කොමෙන්ට් එකක් දැම්මෙ නැත්තෙ ඇය් කියල මතක නැහැ

    ReplyDelete
  33. කරුණාකර මට ඊමේල් එකක් දාන්න:

    galmal.coral@gmail.com

    ReplyDelete
  34. කාලෙකින් මේ පැත්තට මේකෙ අයිතිකාරයා ඇවිල්ලා නැති හැඩයි...මේවා මෙහෙම වල් වදින්න දෙන්න වටින තැන් නෙවෙයි..අනික අපි මේවයෙ ඇවිල්ල පදිංචි වුනේ බොහොම බලාපොරොත්තු ඇතිව..ඔය තියන වැඩක් නවත්තලා හරි පොස්ට් එකක් දැම්මනම්......

    ReplyDelete
  35. @ලකී
    මමත් මේ හිත හිත ඉන්නේ ඕකමයි.

    ReplyDelete
  36. ගරුතර ලකී සහ පොත්ගුල්ලා මැතිඳුනි,

    අලුත් පාසැල් වාරය ආරම්භ වීමට ආසන්න නිසා ඒ කට්ටියටත් සපත්තු අන්දලම එන්න ඉන්නෙ. හෙටින් ඉවරයි... ඒ ඉවරවුනු ගමන්ම එනවා.. ඊට කලින් මකරන්දයට ගිහින් ලිස්ට් එකක් බාර දෙන්නත් තියෙනව..

    ReplyDelete
  37. මමත් මේ බලාගෙන ඉන්නව.

    ReplyDelete