Wednesday, November 30, 2011

දුකට කරන විහිලු... Angel of Death ..!!!


අද තිස් වෙනිදා... මාසෙ අන්තිම දවස...

අලෙවි ඉලක්ක මත වැඩ කරන කාටත් ඒව සම්පූර්ණ කරගන්න තියෙන අන්තිම දවස... අලෙවි ඉලක්ක වලට වැඩ කරන කෙනෙක්ටම තමා ඉතින් මාසෙ අන්තිමට තියෙන පීඩනය තෙරුම් ගන්න පුළුවන් වෙන්නෙ...

මේ මුදල් අවුරුද්දෙ මුල ඉඳන්ම මාසයක් ගානෙ අලෙවි වාර්තා බිඳිමින් අලුත් වාර්තා තියමින් කරණම් ගහපු මට මේ මාසෙ සොරි තමා... එක හේතුවක් ඉතින් එහෙම අලෙවියක් පෙන්නපුවහම මාසෙන් මාසෙ ඉලක්ක ඉහල දාන එක... ඕව ඉතින් කියල වැඩක් ඇතෑ...

ඉතින් සීයෙට අනූ ගානක් කරල පොඩි එහා මෙහාවකින් ගහල යන්න යන ඉලක්කෙ ගැන කල්පනා කර කර ඉන්නකොට ( ඉලක්කෙ කිව්වට ඉලක්කෙමත් නෙමෙයි ... ඇයි ඒක කලහම ලැබෙන පඩියෙන් හතරෙන් පංගුවක් විතර වෙන අමතර පාරිතෝෂික මුදල ගහල යන එක.. ) අද උදේ පරණ යාලුවෙකුගෙන් BBM එකක් ආව... ඒක පොඩි විහිළු කතාවක්...

අන්න ඒ කතාව තමා අද දාන්නෙ... පොඩිම පොඩි විහිළුවක්...

කතාව මේකයි...

මනුස්සයෙක් තමුන්ගෙ පාඩුවෙ නිදාගෙන ඉන්න තැනට මාරය ඇවිත් (නෑ.. නෑ ..මේ මරණය භාර එකා) කියනව .. "මම නුඹව වසර සීයකට මරණයෙන් නිදහස් කරනව... පලයන් ගිහින් තමුන් කැමති දෙයක් කරල හිටපන්... උඹව මැරෙන්නෙ නෑ තව අවුරුදු සීයකට " කියල.

අර මිනිහත් හොඳ ජොලියෙන් ඇවිදින්න යන්න හිතාගෙන පාරට බැහැල යන්න හදනකොටම.. වාහනයක හැප්පිලා එතනම් මැරෙනව...

මිනිහ පර ලෝකෙට ගිය හැටියෙම මාරය හොයාගෙන යනව... "මොකක්ද ඕයි තමුසෙ මට කරපු වැඩේ.. මොකද මාව රැවැට්ටුවෙ..?" කියල අහනව...
.
.
.
.
මාරය කියනව... "සමාවෙයන් මිත්‍රයා... මාසෙ අන්තිම... මට ටාගට් එකට පොඩ්ඩක් මදිවුණා.. !!!"



පින්තූර ගත්තෙ මෙතැනින්..
http://mk-dragon.deviantart.com/

51 comments:

  1. මට මතකයි ඉස්සර බස් කොන්දොස්තරල අතින් පොඩි ගානක් දාල දවසෙ ටාගට් එක හදනව, මොකද ඉන්සෙන්ටිව් දීමනාව ඊට හුඟක් වැඩි හින්ද

    ReplyDelete
  2. ඕ,,,,,,,,,,,,,, " ටාගට් කවර් කිරීම" , මටත් ඇහෙන බොහොම අප්‍රසන්න වචනයක්. බලන් ගියහම මාරයට කියලත් ඒකෙ වෙනසක් නෑ වගේ :D :D

    ReplyDelete
  3. ඕ යේෂ් ඔබා අයියා..අපි එහෙම කොරනවා තමා... සීයට තුන හොයලා හතරට ඔන්න මෙන්න කියලා තියෙනකොට කොහොමද අයියා ඒක අතෑරලා..කරකෝලා දානවා මැෂිම...

    දැන් මේ සපා කලෙත් මාරයා..නැහැ නැහැ මගේ ඩුප්ලිකේට් එකා.. කරපු දේමද..? දන් මේක බලන ගැනුම්කාරයෝ එහෙමත් ඉන්නවද..සිහි කැඳවීමක් කෙලින්ම කරන්න බැරි බඩු ටික රිලීස් කර ගං යකෝ කියලා කෙලින්ම කියන්න බැරි...:D:D:D

    ReplyDelete
  4. ටාගට් ටාගට් එහෙ බැලුවත් ටාගට් මෙහෙ බැලුවත් ටාගට්!!!
    සපතේරු අයියලට අඩු ගාණෙ ගතමන්ට් එකක් වත් ලැබෙනව.. අපි ටාගට් කවර් කරන්නෙ අතිං කාල...

    ReplyDelete
  5. //ඇයි ඒක කලහම ලැබෙන පඩියෙන් හතරෙන් පංගුවක් විතර වෙන අමතර පාරිතෝෂික මුදල ගහල යන එක.. //

    අනේ ඉතින් මේක ගහලා ගියාද?

    ReplyDelete
  6. ගිය සතියෙ සෙට් උන වෙලාවෙ අපිටත් එන්න කිවුව සේල් එකක් කියල.
    බලාගෙන ගියහම ඒක ටාගට් කවර් කරන සේල් එකක් වගේ............... :DDD

    ReplyDelete
  7. හරි බඩුම තමා..මං හිතුවා හරි.. මේකත් මාරයට එහා ලෝකයා...:D

    ReplyDelete
  8. පොච්චියේ අපේ ඩෙෆිසිට් කවර් වෙන්න අපි සපත්තු ගත්තොත් පොඩි කඩයක් දැම්මැහැකි ලංකාවෙ...

    ReplyDelete
  9. ආයුබෝවන් හරී..

    ටාගට් වලින් නම් මාරයට වත් ගැලවෙන්න බැරිවෙලා ...

    ReplyDelete
  10. අනේ බං , අපේ මේ සිල්ලර වෙලඳාමෙ ඉතින් එහෙම එකපාර රිලීස් කරගන අපිව ගොඩදාන්න බඩු ගන්නෙ ඉතින් ඔය ඉඳල හිටල එන අප්‍රිකාවෙ කල්ලො තමා... උන් මේ බ්ලොගේ කියවන්නෙ නැති එක නෙ වැඩේ...

    ReplyDelete
  11. හංසකිංකිණි නගේ ,
    ටාගට් කලත් නැතත් වෙනසක් නැත්නම් ඉතින් කට්ටිය උනන්දු කරවන්නෙ කොහොමෙයි...

    ReplyDelete
  12. පොඩ්ඩි ,දවස තාම තරුණයි... රෑ වෙනකම් බලනව... ඒත් බඩු බනිස් තමා මේ පාර...

    ReplyDelete
  13. ආයුබෝවන් රුචා..

    ඒක නේන්නම් බං වැඩේ.. එහෙම කරලවත් මේක ගොඩදාගන්න බැලුවෙ... :D

    ReplyDelete
  14. ටාගට් කවර් කිරීම කියන්නෙ ක‍ටුනායකදි ලබාපු බොහොම අප්‍රසන්න අද්දැකීමක්.

    ReplyDelete
  15. මචෝ ප්‍රොඩක්ෂන් ටාගට් කවර් කරනව කියන එකත් අමාරු තමා ඒත් නැහිල හරි කලෑකි... ඒත් සේල්ස් ටාගට් ගොඩදානව කියන එක පන යන මඟුලක්...

    ReplyDelete
  16. දුක තමා රංජනී . . අපි ඇවිත් ඩිරාහ්ම්ස් සීයක මක්කවත් ගත්තට උඹේ ටාගට් එකට බලපෑමක් නොවෙන නිසා ඔන්න ඔහේ උඹේ දුක් මූන බලන්න නෑවිත්ම ඉන්නම් බන්

    ReplyDelete
  17. හෆොයි...මාරයා ඕන්න ඔහොමයි ටාගට් කවර් කරන්නෙ !

    ReplyDelete
  18. උඹ දැක්කනේ බුකියේ..මං ටාගට් කවර් කලේ වේලපහම...:D

    ReplyDelete
  19. කළු එවුන්ට පුරුදු කරමු බ්ලොග් කියවන්න..
    බ්ලොග් කියවල අපෙ සපාගේ සපත්තු ගන්න..
    අනේ... මූට ටාගට් එක කවර් කරන්න..
    අපි කළු එවුන්ට පුරුදු කරමු බ්ලොග් කියවන්න...

    ReplyDelete
  20. මටත් තියනව මාසෙ ටාගට් එකක් . . මට ඒක කවර් කලත් එකයි නැතත් එකයි. කවර් කලා කියල ලැබෙන ලබ්බක් නෑ . . . කවර් නොකලොත් ලොක්ක බනින්නෙත් නෑ . . . මොකද . . . සේල්ස් කරන්නෙ මම නෙමේනෙ . . . මට තියෙන්නෙ ප්‍රඩක්ෂන් ටාගට් . . . .

    ReplyDelete
  21. දෙයියනේ කියල , මම වැඩ කරන තැන ටාගට් නැහැ.මහජන සේවයට ටාගට් නැහැනේ. ඉන්ටෙන්සිව් ද මොනාදත් නැහැනේ.හැබැයි මාසෙ අන්තිමේ වාර්තා නම් කෝටියයි තව එකයි.

    ReplyDelete
  22. මමනං ඔය ජාතියේ රස්සාවල් තාම කරලා නෑ...දැංනං එකම ටාගට් එක සිකුරාදා පන්නන එක..මොකද ඊලගට එන්නේ බොනසුරාදානේ.....

    ReplyDelete
  23. ඌ නම් මාර මාරයෙක් තමා...

    ReplyDelete
  24. අන්න බලන්න පිංවතුනි මනුස්සයා අමනුස්සයා වෙන තැන් :-)

    ReplyDelete
  25. හික්...හික්... බලාගෙන ගියාම මාරයත් කරන්නෙ ලේසි පහසු රස්සාවක් නෙමෙයි වගේ...

    මමත් කවදාවත් ටාර්ගට් තියෙන රස්සා කරලා නැහැ
    (කරන්න ලැබෙන එකකුත් නැහැ)

    ReplyDelete
  26. අසරණ මාරයත් සපා වගේමයි බලං ගිහාම. :D

    ReplyDelete
  27. මයියාත් ටාර්ගට් වලට සම්භන්ද ජොබ් එකක් උ/පෙ ලියපු අළුත කරලා තියෙනවා...මුල් දවස් වල එපා උනා....පස්සේ පොඩි ක්‍රමයක් හදා ගත්තා...උත්තරය උනේ 'සාමුහිකත්වයයි.'......අරයාට අඩු එක මේයාගෙන් දේනව...මේයාට අඩු එක අරයගෙන් ගන්නවා.....අන්තිමට සේල්ස් කරන අයයි කොම්පැනියයි ඔක්කොමල දිනුම්....වින්-වින් සි‍ටුවේශන්...

    ReplyDelete
  28. ඒක වෙන්න ඇති ඕකට මාරය කියන්නෙ..

    ReplyDelete
  29. මූණ නම් හංගගෙනවත් ඉන්නම් මචෝ... ගමේ යන්න කලින් ඇවිත් යන්න වරෙන්

    ReplyDelete
  30. උඹ පණ දාගෙන හදන මාලු ටික විකුනගන්න අරුන් ඉතින් මාරයටත් එහා බොරු කිය කියා ඇවිදිනව ඇති..

    ReplyDelete
  31. ආයුබෝවන් වත්..

    මහජන සේවයට ටාගට් නැති එක නම් අපරාදයක්... ඒ වගේම ඉන්සෙන්ටිවුත් දෙන්න ඕනැ...

    ReplyDelete
  32. මරන්න වටින මාරයෙක් ඌ...

    ReplyDelete
  33. ආයුබෝවන් බංඩාර..

    ඒකත් යස ටාගට් එකක් තමා.. :D

    ReplyDelete
  34. මාරයා වුනත් ගැලවීමක් නෑ මාසෙ අන්තිමට... මනුස්සයො කොහේද..?

    ReplyDelete
  35. වැඩකරන තැනින් නුදුන්නත් ලොකු පුතේ ටාගට් එකකට වැඩ කරන එක වටිනව...

    ReplyDelete
  36. අපි නම් බොරුවක් කිව්වොත් සපත්තුව මග කැඩෙයි වැඩිම උනොත්... අරූ එහෙමද..?

    ReplyDelete
  37. මමත් ලංකාවෙ ඉන්න කාලෙ ඖෂධ මාෆියාවෙ වැඩ කරද්දි එහෙම කරල තියෙනව... මොකද ඉන්සෙන්ටිව් එක එන්නෙ ඉන්දියාවෙ මව් සමාගමෙන්... එකෙක් ඕවර් බජට් කරල අනික හිස් අතින් යවන්නෙ මොකටද... විසි පස් වෙනිද වෙනකොට සමාලෝචනේ කරල වැඩේ දෙනව...

    ReplyDelete
  38. මට පේන විදියට මාසෙ අග වෙනකොට සිටි සෙන්ටර් එක පැත්තෙ යන එක ඇඟට ගුන නැහැ වගේ.......

    අපිට ඔය ඉදලා හිටලා ඩෙඩ්ලයින් එකක් ලැබුනට ඔය වගේ ටාගට් නම් නැහැ. තියන එකම ටාගට් එක ඉක්මනට ගෙදර යන එක තමයි.

    ReplyDelete
  39. අපොයි ඔව් හාමුදුරු කෙනෙක් ආවත් සපත්තු විකුණලයි අරින්නෙ... අපි ඉතින් අර ඇස්කිමෝලට අයිස් ක්‍රීම් විකුණන වංශෙ නොවැ...

    ReplyDelete
  40. ඔය ටාගට් මොනවද ගෙදර උන්දෑ දෙන ටාගට් මලපුවාම. :-)

    ReplyDelete
  41. very hard to comment . difficult to cut and paste.

    ReplyDelete
  42. ඒ ටාගට් මිස් වුණොත් බඩුම තමා... :D

    ReplyDelete
  43. අපිට තීන ටර්ගට් එක්ක ඔව්ව මොනාද බං? ප්‍රොජෙක්ට් එක වෙලාවට ඉවර කරගන්න ඕන. ප්‍රොෆිට් වෙන්නත් ඕන. වෙලාවට ඉවරකරන්න වැඩිපුර කට්ටිය දාන්න වෙනව, ඔවෙර්ටයිම් කරන්න වෙනව, ප්ලාන්ට්ස් ඕන වෙනව, එතකොට කොස්ට් එක නගිනව. කවදහරි ප්‍රෙෂර් නැගල අපි මැරෙනව!

    ReplyDelete
  44. මරයට ටාගට් එකක් තියෙනවනම් පොලිසියට තියෙන එකේ වැරද්දක් නැහැ නේ

    ReplyDelete
  45. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete
  46. අපේ පැත්තෙත් සෙට් එකක් ඉන්නවා උන්ගේ කම්පැණියේ ටාගට් කවර් කලාට පස්සේ සති දෙක තුනක් එක දිගට නිකම් ඉන්න දෙනවා වැඩට ගියාට වැඩත් නැහැ ඒත් පඩි තියෙනවා :))

    ReplyDelete
  47. ආයේ ලියනවද නැත්තං ලිස්ට් එකෙන් එළවන්නද..?
    :D:D:D

    ReplyDelete
  48. අපිට නම් එකම ටාගට් එකයි. අලුත් වෙන ටාගට් නෑ. එකම එකයි "ජීවිත ජීවත් කරවීම". මාරයත් හරි විහිලු කරන්නේ

    ReplyDelete
  49. කෝ තාම ටාගට් කවර් කරනවද ? අලුත් මොකුත් ලියන්නේ නැද්ද ?

    ReplyDelete
  50. "සරත්,

    සංවේදී හිතක් සියුම්ව කම්පනය කරවන කතාවක්....ඉංග්‍රීසි රචනාවේ පවා එය ඉතා හොඳින් ගැබ්ව තිබුණා.. ඔබ එය තවත් තීව්‍ර කලා...

    සරත්, නුදුරු අනාගතයේ දවසක මට ඔබත් සමග බෙදාගන්න පුද්ගලික අත්දැකීමක් තිබෙනවා... මන්ද එය බෙදාගත හැක්කේ එය මා තරමටම නැතත් යම් තරමකට විඳ(වා) ඇති ඔබ වන් අයෙක් සමග නිසා..."
    සපතේරු උන්නැහේ

    මේ ඔබ බොහෝ කලකට පෙර මගේ බ්ලොග් එකේ ලියු සටහනක්.. තාමත් මන් බලන් ඉන්නවා ඒක අහන්න .. මොකද දැන් නොලියන්නේ ?

    ReplyDelete