Saturday, May 12, 2012

කාලය මැව් වෙනසක අරුමේ... Happy Birthday !!!




පුංචිම කාලෙ,
එදාට
අම්ම තාත්ත
ලස්සන ඇදුම්,
පුංචි බෝනික්කො
ගෙනැත් දෙනකං
බලා ඉන්න ඇති...

ගෙනැත් දුන්නම
ඒව බදාගෙන
සතුටින් උඩපනින්න ඇති....



ඊට පස්සෙ කාලෙක,
එදාට
හොස්ටල් එකේ
යාලුවො එකතු වෙලා,
රෑට හොරෙන්
කොට්ටෙ යට තියන
උපන්දින කාඩ්,
පුංචි තෑගි හම්බවෙලා
උදේම සතුටින්
හිත පුරවගන්න ඇති...


ඊටත් පස්සෙ,
පෙම්වතියක් වෙලා,
එදාට
පෙම්වතා
මල් පොකුරු
චොකලට් පතුරු
ගෙනැත් දුන්නම
සතුටින් ඉපිලෙන්න ඇති...
[ හුඟාක්ම ඉස්සර නෙමෙයි ඒ... ]


ඒත් අද...
බිරිඳක් වෙලා
සැමියා රෑ දොළහට වැඩ ඇරිල,
දනි පනි ගාල
ඇරල තිබුන එකම
බොම්බෙ චපාති හෝටලෙන්
බුරියානි එකකුත් ඔතාගෙන
ගෙදර දුවගෙන එනකොට...
දවල් දවසම පුතුත් එක්ක ඔට්ටුවෙලා
මහන්සියට ඔයා නිදි...



සමන්ති.. ඔයාට සුබ උපන්දිනයක් !!!



මැයි 13 දාට යෙදෙන සපතේරු හාමිනේගේ උපන්දිනය වෙනුවෙන් කුරුටු ගෑ සටහනක්....

21 comments:

  1. අම්මෝ ඇතියාන්තම්, සපතේරු උන්නැහේ ඇහැරිලා.

    සුභම සුභ උපන් දිනයක් සමන්ති.

    henryblogwalker the Dude

    ReplyDelete
  2. ගල්මල්-CoralMay 12, 2012 at 11:42 PM

    සුබ උපන්දිනයක් වේවා! දිරිය සොයුරිය.

    තවත් පොස්ට් එකක් වගේ කොමන්ට් එකක් ලියන්න බැරිය. ගල්මල් අඩවියේ කෝමාරිකාවනි දිරිය පොස්ටුවට ඔබ ලියූ සටහන හිතට ආවා:

    //මේ කාන්තාරෙ අපේ ජීවිත එක වෙලාවකට පතොක් ගහකටත් වඩා කටුකයි කියල හිතෙනව...//

    ReplyDelete
  3. සපතේරු සොයුරියට සුබ උපන් දිනයක් වේවා කියලා අපිත් පතන්නම් !

    ReplyDelete
  4. සපතේරු අක්කාට සුබ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  5. සපතේරු සොයුරියට සුභ උපන්දිනයක්. වෙහෙස අඩු ඉදිරි දිවියකට ආසිරි.

    ReplyDelete
  6. සමන්ති අක්කාට සුභ උපන්දිනයක් පතනවා !

    ReplyDelete
  7. සුභ උපන්දිනයක් සමන්ති අක්කේ

    ReplyDelete
  8. තිස්ස දොඩන්ගොඩMay 14, 2012 at 11:15 AM

    හැඟුම්බර සිතිවිලි - නාඳුනන සොයුරියට ප්‍රමාදවූ සුභ පැතුම්!

    ReplyDelete
  9. සපතේරු අක්කාට සුබ උපන් දිනයක් වේවා!!!

    පාටි පාටි පාට ...............................................

    ReplyDelete
  10. හිතට වැදුනා මචං...! සපතේරු හාමිනේට සුභම සුභ උපන්දිනයක් වේවා....!

    ReplyDelete
  11. වෙනදට නම් මොනවහරි කුරුටුගාල දැම්මහම සැරෙන් සැරේ ඇවිත් කවුරුත් මොකුත් කියල තියෙනවද කියල බලල හැමෝටම උත්තරයක් දාන එක සිරිතක් වුණත්, මේක දාපු දවසට පහුවදා අහන්න ලැබුනු ඔබා මාමගෙ වියෝ වීම නිසා ඒ වගේ සතුටක් ඇතුව කොමෙන්ට්ස් බලල එකින් එකට රිප්ලයි කරන්න තරම් හිතක් නෑ....

    පෝස්ට් එක කියවපු, කොමෙන්ටු වලින් සුබ පැතුම් එක් කරපු හැමෝටම මගෙත් සපතේරු හාමිනේගෙත් ස්තූතිය... !!!

    ReplyDelete
  12. පරක්කු වැඩියිද මන්ද . කමක් නැහැ ඒත් පිළිගන්න මගේ සුබපැතුම . ඕක තමයි අපි කාගේත් කතාව .අපිත් ලංගම තියෙන සති අන්තේ තමයි එලියට ගිහින් කාල වත් එන්නේ උපන් දිනේට . සපතේරු හාමිනේට කේක් කෑල්ලක් එවන්න තිබුන ළඟක නම් . අපේ ලොක්කිගේ 12

    ReplyDelete
  13. කාලෙකට පස්සේ ඒකටත් සුබ පැතුම් හාමිනේගේ උපන් දිනේටත් සුබ පැතුම්

    ReplyDelete
  14. ලකීසිරිMay 19, 2012 at 4:47 AM

    සමාවෙන්න ඕන සුභ පැතුම ප්‍රමාද වුනාට..
    අලුත් අවුරුද්ද දවසේ ඔබ දෙපලගෙන් ලැබුන ආදරණිය සංග්‍රහයෙ සුවද තවමත් තියනවා. ඇය වැනි බිරිඳක් ලැබුන , නූඹ වන් සැමියෙක් ලැබුන ඔබ දෙපලම වාසනාවන්තයි.
    සපතේරු හාමිනේට සුභ උපන්දිනයක් පතමි.

    ReplyDelete
  15. සමා වෙන්ඩ සපතේරු අයියෙ... මොකක් හේ හේතුවකට මම ෆලෝ කරනව වුණත් මගේ වර්ඩ්ප්‍රෙස් රීඩරේ ඔයාව පෙන්නන්නෙ නෑ.. අක්කට සුබම සබ උපන්දිනයක් පතන්ඩ නං පරක්කු වැඩියි... ඒත් ආයෙමත් කුරුටු ගාන්ඩ ආව එක ලොකු දෙයක්!!

    ReplyDelete
  16. සුභ උපන් දිනයක් සපතේරු උන්නැහේ.. අනේ ගොඩක් හේතුසාධක නිසා මට බ්ලොග් ලියවිල්ලත් කියවිල්ලත් මග ඇරුනා. සියලු පැතුම් ඉටුවේවා කියා ප්‍රාර්ථන කරනවා.

    ReplyDelete
  17. අඩේ මේ පෝස්ට් එක මට මඟ ඇරිලා නිවාඩු මාසේ දාපු එකක් නිසා . .. උඹ වගේ එකෙක් ලබන්න සමන්ති වාසනාවන්තයි වගේම සමන්ති වගේ බිරිඳක් ලබන්න උඹ හරිම වාසනාවන්තයෙක් . . උඹලගේ හැම හීනයක්ම හැබෑ වෙලා හිත් හැමදාම සතුටින් පිරී තිබේවා . ..

    ReplyDelete
  18. ඔන්න බලහංකෝ.. මේ පෝස්ට් එකක්වත් මට ඇවිත් නැහැනේ කලින් රීඩරේට... එසේ මෙසේ වැරදිද වෙන්නේ ඉතිං...

    පරක්කු උනා කියලා අහිතක් නැතිව මෙන්න මේ සූටි සුභ පැතුමත් සපතේරු හාමිනේට බාර දෙන්න මාර මලයගෙන් කියලා...

    හැබැයි මං දවසකින් අක්කට වඩා වැඩිමල්...

    ReplyDelete
  19. සපතේරු අක්කට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා පතනවා !!! ඒ වගේම නිදුක් නිරෝගි ච්‍ර ජිවනය පතනවා මං...
    මම පරක්කු වැඩිද මන්දා. කමක් නෑ. සුබ පැතුම නේ වටින්නේ.

    ReplyDelete
  20. Your Affiliate Money Printing Machine is waiting -

    And earning money online using it is as easy as 1-2-3!

    This is how it works...

    STEP 1. Input into the system what affiliate products you want to push
    STEP 2. Add some push button traffic (it takes JUST 2 minutes)
    STEP 3. See how the affiliate system explode your list and sell your affiliate products all for you!

    So, do you want to start making money??

    Check it out here

    ReplyDelete
  21. Do you understand there is a 12 word sentence you can tell your man... that will trigger intense emotions of love and impulsive attraction for you deep within his heart?

    Because hidden in these 12 words is a "secret signal" that triggers a man's instinct to love, admire and care for you with his entire heart...

    12 Words Who Trigger A Man's Love Response

    This instinct is so hardwired into a man's mind that it will drive him to try better than ever before to make your relationship as strong as it can be.

    In fact, fueling this influential instinct is absolutely binding to achieving the best possible relationship with your man that as soon as you send your man a "Secret Signal"...

    ...You will immediately find him open his mind and heart for you in a way he's never expressed before and he'll perceive you as the one and only woman in the world who has ever truly fascinated him.

    ReplyDelete