Friday, July 27, 2012

Negative thinking හොඳම එක සහ මැරෙන්න කලින් බලන්න වටින තැනක් ගැන සටහනක්...

ඇත්තෙන්ම මේ සටහන ලියවෙන්නෙ සෘණාත්මකව හිතන මිනිහෙකුට ඒ අතින් කොයිතරම් දුර යන්න පුළුවන්ද කියන එක ගැන පොඩි කතාවක් කියන්න...
ඒත් ඒකතාව කියන්න යන ගමන් තලාගන්න යස පඳුරක් තියෙනව... ඒක නිසා ඒකත් තලාගෙනම යන්න හිතුව... මේ පඳුර තලන්න වෙන්නෙ මළ මුහුද (Dead Sea) ගැන පොඩි අවබෝධයක් කියවන්නාට ලබා  දිමත් , පලස්තීන ජනතාව ගැන යාන්තම් සඳහන් කිරීමත් අර කතාවට අදාළ වෙන නිසා...

ඒ දෙකම කරගන්න, මළ මුහුදට යන්න ලැබුණ අවස්ථාවක් ගැන සුලු විස්තරයක් ඉස්සෙල්ලම... ජෝර්දානයේ අම්මාන් වල ඉන්න අයට එකදවසෙන් ගිහින් එන විනෝද ගමනක් අවශ්‍යනම් යන්න තියන හොඳම තැන මළ මුහුද... අම්මාන් ඉඳන් කිලෝමීටර් හැත්තෑවක් විතර දකුණට වෙන්න තමා මළ මුහුදෙ නැගෙනහිර ඉවුර පිහිටල තියෙන්නෙ... බොහොම අපූරු ගමනක්... ගස්කොළන් අඩු කැනියන් (canyon ) වගේ පේන කඳු අතරින් පහළට බහින්න තමයි තියෙන්නෙ දිගටම...අතරින් පතර තැනකදි හයිනාවෙක් හෙමත් දකින්න බැරි නෑ... ( හයිනාවන්ට දඩයම් කරගන්න වල් සතුන් අඩුවුණත් මේ කඳුවල ජීවත් වෙන එඬේරුන්ගෙ බැටළුවෙක් එළුවෙක් ඩැහැගන්න එක තමා උන්ගෙ වැඩේ... )

මේ සිතියම බැලුවම පේනවනෙ පලස්තීනය කියල රටක් නැති විත්තිය...


ඔන්න බලාගන්නකො මළ මුහුදේ භූගෝලීය පිහිටීම...

දැන් මේ ගමන්ම පලස්තීනුවන්ගෙ කතාවත් කියල ඉන්නම්කො...

ඔය ගොල්ලන්ට හැමදාම අහන්න ලැබෙන මැදපෙරදිග අර්බුදය තියෙන්නෙ ඔන්න ඔය සිතියමේ මළ මුහුද අවට තියෙන ප්‍රදේශ වල... ඔය මළ මුහුදේ ඉඳන් බටහිරට මධ්‍යධරණී මුහුද දක්වා තියෙන ප්‍රදේශය ගැන පලස්තීනුවනුත් යුදෙව්වනුත් අතර තියෙන ගැටුම තමයි ඒ ප්‍රශ්නය.... දැන් ඔය සිතියමේ බලන්න අඩුගානෙ පලස්තීනය කියල රටක් වත් සඳහන් වෙන්නෙ නෑනෙ... ඔවුන්ට තියෙන්නෙ බටහිර ඉවුර ( West bank )  ත්   [ ඔයාලට දැන් පැහැදිලි ඇති මේ  බටහිර ඉවුර.. බටහිර ඉවුර.. කියන්නෙ ඇත්තෙන්ම මේ  මළ මුහුදේ බටහිර ඉවුර ගැන බව... ] අනික් පැත්තෙන් ඊජිප්තුවට මායිම්ව තියෙන ගාසා තීරුව ( Gaza strip ) ත් පමණයි... ඉතින් තමන්ට අවුරුදු දහස් ගාණක් තිස්සේ..( පලස්තීනුවන් කොහෙන්වත් සංක්‍රමණය වූ අය නොවේ )  ජීවත් වූ නිජ භූමිය තූළ තමන්ගේ නමට රටක්නැති එක තමයි ඔතන තියෙන හැමදාම ගැටුම් ඇතිවෙන හේතුව....
මේ ප්‍රශ්නය ඉතා සංකීර්ණ දේශපාලන ගැටලුවක් බව කියන්නම ඕන.. මම උත්සාහ කළේ  විදෙස් ප්‍රවෘත්ති වලට සවන්දෙන විට ඔබට නිතර අසන්නට ලැබෙන කාරණයක් ගැන දල අදහසක් ලබාදෙන්න පමණයි.... ඒ වගේම මගේ කතාවට යම් සම්බන්ධයක් ලබා ගන්න...

දැන් ආයෙත් හැරෙමු මළ මුහුද දෙසට...

මළ මුහුදේ වෙරළ තමයි පෘථිවියේ පොළොව මතුපිට ඇති පහතම ස්ථානය... කොච්චරද කියනවනම් මුහුදු මට්ටමේ ඉඳන් අඩි එක්දාස් හාරසීයක් විතර පහතයි... ඒක නිසා තමයි මේ ගමන යද්දි දිගටම කඳු බෑවුම් පමණක් තියෙන්නෙ...

තව පොඩි සිද්ධියක් මතක් වුණා...
|| අපේ යාළුවෙක් හිටිය වික්‍රම් කියල ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පියෙක් කඳු නැගීම විනෝදාංශයක් කරගත්තු.. ඔහු ළඟ තිබුණ ඉතා වටිනා ස්විස් ක්‍රීඩා අත් ඔර්ලෝසුවක්... එකෙන් පුළුවන් කඳු නගින කොට.. මුහුදු මට්ටමේ සිට උස ඩිජිටල් තිරයෙන් කියවන්න... ඔහු නිතරම මේ පහසුකම පෙන්න පෙන්න අපිට අගේ කර කර හිටිය... ගොඩනැගිල්ලක් උඩට නැග්ගත් අපිට අරක ක්‍රියාත්මක කරල පෙන්නනව.. ඒයි මේ බලපල්ල මෙතන උස මුහුදු මට්ටමේ ඉඳන් මෙච්චරයි කියල... අපි ඉතින් මේ ගමන යන්න ලෑස්ති වුණාම කිය කියා හිටියෙ උඹේ ඔරලෝසු වරුණෙ මේ සැරේ ඉවරයි මුහුදු මට්ටමෙන් පහළට ගියහම ඔය ඔරලෝසුව පිස්සු වැටිල දුම් දාල හබක් වෙනව කියල.... ඉතින් අපි ගමන පිටත් වෙලා ටික වෙලාවකින් පොර ඔරලෝසුව දිහා සැරින් සැරේ බල බලා ඉඳල  එක පාරටම ලේන්සුවක් අරන් අතේ ඔතා ගත්ත ඔරලෝසුව වැහෙන්න... අපිත් වැඩිය ගණන් ගත්තෙ නෑ... ට්‍රිප් යනකොට ඉතින් වෙන වැඩත් තියනවනෙ ඕව බලනව ඇර...
කොහොම හරි අපි මළ මුහුද ළඟට ගිහින් ඒ ඉවුර අයිනෙ තියෙන වෙරළට වඩා තරමක් උස අවන්හලක වාඩි වෙලා ඉන්න ගමන් ඔය කතාව ඇදිල ආව... එකෙක් කෑ ගැහුව ඒයි වික්‍රම්.. පෙන්නපන් උඹේ කඳු නගින ඔර්ලෝසුව කියල... අරූ හෙමින් අර ලේන්සුව අයින් කරල අපිට ඔරලෝසුව  පෙන්නුව... අපූරුවට ඒකෙ [   - 420 m   ] කියල සටහන් වුණා... ( ජල තලයෙදිම මළ මුහුද මීටර් 423 යි මුහුදු මට්ටමෙන් පහත.. ) ||

ඉතින් ඔය මළ මුහුදට මළ මුහුද කියන්නෙ ඇයි..? මේ මුහුදෙ තියෙන අධික ලවණ ගතිය නිසා කිසිම ජීවයක් පවතින්නෙ නෑ මේ මුහුදෙ... ඒක තමයි මම කියන්න යන කතාවට ඕන අනික් සම්බන්දය...

ඒ විතරක් නෙමෙයි...මේ මුහුදෙදි අපිව මුහුදෙ ගිලෙන්නෙ නෑ... ඉබේම පාවෙනව...මේ බලන්නකො...



මේ අත්දැකීම නම් කවදාවත් කියල පැහැදිලි කරන්න බෑ... විඳලම බලන්න ඕනැ.. ඒකයි අර මැරෙන්න කලින් බලන්න වටින තැනක් කියල සඳහන් කලේ...විසේසෙන් ගඟේ මූදෙ පැනල නාල පුරුදු කෙනෙකුට වතුරට බැස්සම පාවෙනව කියන එක හරියට හීනයක් වගේ අත්දැකීමක්...

මේ ඉන්නෙ සපා ඒ කාලෙ... මේ වගත් එසේම... දුම්බීම සරීර සවුක්කියට පට්ට අහිතකරය... ඒක තේරුම් ගත් සපා දැන් දුම්බීම අතහැර ඇත... දුම් බීම කල ඒ කාලයේ වුවත් ...මේ ඉරියව්ව illustrative purpose සඳහා ඡායාරූපයට පෙනී සිටීමක් පමණය...


මළ මුහුද ගැන විස්තරය ( පඳුර තැලීම )  ඉවරයි...  දැන් හැරෙමු අර සෘණාත්මක චින්තන කතාවට...

කතාව මෙන්න...


ජෝර්දානයේ ජීවත් වෙනකොට මුණගැහෙන එරට පුරවැසියන්ගෙන් බහුතරය පලස්තීනුවන්... අර මම කලින් විස්තර කල ගැටුම් ආදිය නිසා ජෝර්දානයට සංක්‍රමණය වෙලා පරම්පරා දෙකක් පමණ තිස්සේ දැන් ජෝර්දානයේ ජීවත් වෙන්නෙ... ඔවුන් හැමෝගෙම හිත යට තියෙනව කණගාටුවක්...ඔවුන්ගේ නිජභූමිය අහිමි වීම ගැන නිරන්තර කනස්සල්ලක්... යුදෙව්වන් ගැන වෛරයක්...( මෙය ඇමරිකාවට එරෙහි වෛරයක් දක්වා දිගුයි..).. ඉතින් ඔවුන් බොහොම කනස්සල්ලෙන් ජීවත් වන ජන කොටසක්... මේ නිසා වෙන්න ඕන මම මීට කලිනුත් සඳහන් කළා වගේ මතක.."ජෝර්දානුවන් සිනහ වෙන්න දන්නෙ නැතිය" කියන කියමන අනෙකුත් අරාබි ජාතීන් අතරෙ තියෙන්නෙ...

මේ කතාවට අදාල පුද්ගලයත් ඒ වගේ පලස්තීනුවෙක්...හොඳින් ඉංග්‍රීසි කතාකරන ටැක්සි රියදුරෙක්... මම දවසක් ඔහු සමග පොඩි ගමනක් යන අතර මගේ කණ්ඩායමේ ඉන්න ජෝර්දානුවන්ගෙ තියෙන  මේ සෘණාත්මක ගතිය ගැන කියල කිව්ව "මේ ළමයින්ගෙ කිසිම සජීවී  ගතියක් නෑනෙ හරි අමාරුයි දියුණු කරන්න" කියල ... මම බලාපොරොත්තු වුණේ " නෑ කොහොම හරි උත්සාහ කරන්න අපේ තරුණ ළමයි ඉස්සරහට ගෙනියන්න" වගේ උත්තරයක්...
ඒතකොට ඒ යකා දීපු මම මිනිහෙක්ගෙන් අහල තියෙන නෙගටිව්ම සිතිවිල්ල තියෙන උත්තරේ මෙන්න...

" Sea , which is the source of all life is DEAD ! in Jordan , how much would you expect from its people "

"ජීවයේ උල්පත වෙච්ච මුහුදත් ජෝර්දානෙදි මළා..! උඹට ඒ රටේ මිනිස්සුන්ගෙන් මොන දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද..? "

පෝස්ටුව ඉවරයි..

==============================================================
පසු ලියමන.. ජූලි 29 දා..

දේශපාලනය මගහැරලම ළඟ නැමුවත් කොමෙන්ටු නිසා අන්තිමට මේ කෑල්ල නොලිය බැරි වුණා.... හැමෝටම නෙමෙයි ඒත් උනන්දුවක් තියෙන කෙනෙකුටවත් කියවන්න... අනේ මේක කොටන්න ගත්ත මහන්සියෙ හැටියට හතරපස් දෙන්ක් වත් කියෙව්වොත් මදෑ...
මම ඔය මැදපෙරදිග අර්බුදය ගැන මගේ අදහස පටන් ගන්නෙ මේ පදනමේ ඉඳන්...

//යුදෙව් හොඳයි කීවත් වැරදියි,
අරාබි හොඳයි කීවත් වැරදියි. //
එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි දෙවගෙම නරකා කියා....

ඒත් මම පොඩ්ඩක් පලස්තීනුවන් ගැන අනුකම්පාවෙන් බලන එක වලක්වන්න අමරුයි... මිලියන දෙකහමාරකට වැඩි පලස්තීන ඩයස්පෝරාවක් ඉන්න ජෝර්දානයෙ අවුරුදු ගානක් ජීවත් වෙලා ඒ මිනිස්සුන්ගෙ අහිමිවීම්... කනස්සලු.. ගැන හැමදාම අහන්න ලැබුන එකත් ඒවගේම යුදෙව්වො කවදාවත් ළඟින් ආශ්‍රය කරන්න ලැබිල නැතිවීම නිසා උන්ගේ පැත්තෙන් මේ කතාව දන්නෙ නැතිවීමත් ඒකට හේතු වෙන්න පුළුවන්... ඒත් බලන්නම් පුළුවන් තරම් නියුට්‍රල් එකේ මම දකින හැටියට මේ ගැටළුව ගැන පොඩි සටහනක් දාන්න...


දැන් මේක මෙහෙමයි කර ගන්න වෙන්නෙ... මේක පොත් ගනන් ලියලත් ඉවර කර ගන්න බැරි සබ්ජෙක්ට් එකක්නෙ... ඒක නිසා පොඩි එක්සෙකෙටිව් සමරි එකක් තමා ලියන්න බලන්නෙ... පොයින්ට් ෆෝර්ම් එකෙන්... එකෙත් පොයින්ට් එකෙන් පොයින්ට් එකට එකම කාල අන්තර වලින් නෙමෙයි .... කතාවට අදාලව වැදගත් කියල හිතෙන තැන් වලින්...සමහර තැන් වල වසර දහස් ගනන් පනිමින් සමහර තැන් වල වසර සිය ගනන් සහ මහර විට දශක වලින්....


දැන් යමු ඈතම අතීතයට..( මේ කතාවට ඕන වෙන තරමට )..


# හෙබ්‍රෙව් වරු ( පසුව යුදෙව්වන් ) මේසපොටේමියාවෙන් [ අද ඉරාකය ඇති ප්‍රදේශය ]  පිටත් වෙලා අවුරුදු පන්සීයක් විතර ඇවිදලා ඇවිත් කානාන් දේශය කියන අද අපි ඔය කතාකරන ප්‍රදේශයට එනව ක්‍රි.පූ 1800 - 1500 විතර වගේ කාලෙ ....
# එතකොට ඒක හිස් ඉඩමක්ද තිබුනෙ... නෑ ... එහේ ඒ වෙනකොට ජාතීන් හිටිය... කානන් වරුන් මූලිකව තවත් සුලු ජාතීන් හිටිය... උන්ට ගහල තමයි ඔය භූමිය කඩාවඩා ගත්තෙ... ඒ කියන්නෙ ඕක හෙබ්‍රෙව් වරුන්ගෙ මුල් බිම නෙමෙයි ...ඔන්න ඕකයි යුදෙව් හොඳයි කීවත් වැරදියි කියන්නෙ... කොහොමහරි ඔය රාජ්‍යය පිහිටවල ඉතාම දියුණු තත්වයට පත්වුණා...ඩේවිඩ්ගෙ කාලෙවගේ වෙනකොට තමයි නියම රාජ්‍යයක් වෙන්නෙ...කි පූ 1000 විතර  [ ඩෙවිඩ් ගොලායත් කතාව අහල තියෙන අය අමතක කරන කාරනයක් තමා ගොලායත් ෆිලිස්ටීන් කෙනෙක් හැටියට සඳහන් වෙන වග.. ].. ඊ ලඟට සොලමන් රජුගෙ කාලෙ වෙනකොට ලෝකෙ තිබුණ ඉසුරුමත් රාජ්‍යයක් ඒක... අමතක කරන්න එපා යුදෙව්වො කියන්නෙ ලෝකෙ ඉන්න දක්ෂම ජාතියක්... එහෙම බැලුවහම ඔවුන්ගෙ මුල් බිම් නොවුනත් ඔතන මුලින්ම රාජ්‍යයක් පිහිටවගත්තෙ යුදෙව්වො කියන එක ඇත්ත...
# ඊ ලඟට ඔන්න නව බැබිලෝනියාවෙ බිහිවෙච්ච නෙබුකද්නෙෂර් ( අර ප්‍රසිද්ධ එල්ලෙන උයන් වතු හදපු පොර - ඒව රාවණාගෙන් ඉගෙන ගත්තු එක වෙනම කතාවක් :D  - ) ඇවිත් ඔය ප්‍රදේශය සම්පූර්නයෙන්ම යටත් කරගන්නව...ක්‍රි. පූ 600 ගනන් වෙනකොට ( ඇසිරියන් ආක්‍රමණ අතෑරිය - පොයින්ට් එකට ඕන වෙන්නෙ නැති නිසා ) නෑ මම කියන්නෙ යුදෙව් රාජ්‍යයය පැවතුනේ ඔන්න ඔය සිදුවීම් දෙක අතරෙ අවුරුදු පන්සීයක විතර කාලයකට විතරයි කියන එකත්... ඔය සියලු සිදුවීම් අතරෙ අර කානාන්වරුන්ගෙන් පැවත එන සවදේශිකයිනුත් ඔය ප්‍රදේශ වල ජීවත් වුණාය කියන එකත් මතුකරගන්න...
# ඇසිරියන් ආක්‍රමණත් බැබිලෝනියන් ආක්‍රමණත් එක්ක තමයි යුදෙව්වන්ගෙ මුල්ම ප්‍රදේශ හැරයාම වෙන්නෙ... එතකොට යුදෙව්වො පිටුවහල් වුණේ ආක්‍රමණ නිසා කින එක හරි.. නමුත් අරාබින් නිසා කියන එක වැරදී..
# ඊ ළඟට පර්සියාව ගිහින් බැබිලෝනියාව ආක්‍රමණය කරනව අරෙහෙ... එතකොට  මේ පැත්ත ඉබේම පර්සියාවට යටත් වෙනව...ඒ පර්සියන් රජතුමා ( සයිරස් )එහේ හිටපු යුදෙව්වන්ට එන්න කියනව ආපහු මේ ප්‍රදේශ වලට.. සමහරු එනව... විශාල ප්‍රමාණයක් නවතිනව බැබිලෝනියාවෙ... මේ තමා මුල්ම යුදෙව් ඩයස්පෝරාව... එතකොට ලෝකෙ විතැන් වෙලා ඉන්න සියලුම යුදෙව්වො අරාබි ආක්‍රමණ නිසා එහෙම ගියා කියන එක වැරදියි...
# එතනින් පස්සෙ ඇලෙක්සැන්ඩර් පර්සියාව ජයගන්නව.. ඒතකොට මේක ඉබේම ඇලෙක්සැන්ඩර්ට යටත් වෙනව.. ඊලඟට රෝමන් අධිරජ්‍යය මේ පැත්තට පැතිරෙනව...අපි හැමෝම දන්න යේසුස් වහන්සේ බිහි වෙන්නෙ ඔන්න ඔය රෝමන් අධිරාජ්‍යට මේ පලාත් යටත්ව තිබ්බ කාලෙ... ඒ වගේම මෙච්චර වෙලා ක්‍රිස්තු පූර්ව වලින් කරන් ආපු අපේ කතාව මෙතැන් ඉඳන් ක්‍රිස්තු වර්ෂ වලට හැරෙනව...
# ඊ ළඟට ක්‍රි.ව 130 ගනන් වෙනකොට යුදෙව්වො කැරැල්ලක් ගහනව රෝමන් අධිරජ්‍යයට විරුද්ධව ... ඒ කැරැල්ල ඉතාම දරුණු ලෙස මැඩපැවැත්වෙන අතර යුදෙව්වො නැවතත් පිටවෙලා යනව විශාල වශයෙන්... මේ තමයි දෙවෙනි යුදෙව් ඩයස්පෝරාව... එතකොට මේක කරන්නෙ රෝමන් වරුන් විසින්... ඒ වගේම මෙන්න මේ කාලෙදි තමයි රෝමන් වරුන් විසින් මේ ප්‍රදේශ නිළ වශයෙන් පලස්තීනය හැටියට හඳුන්වන්න ගන්නෙ...
# එතකොට මේ වෙනකොට යුදෙව් වරුන් දෙපාරක් පිටවෙලා ගිහින්.. ඒත් තවමත් ගලීලය වගේ පෙදෙස් වල මේ යුදෙව්වො ටිකක් හිටිය... එතකොට මේ රටේ ඉතුරු වුනේ කවුද... කිතුණු දහම පිලිගත් ඊශ්‍රායෙල් වරු, රෝමන්වරු විසින් රැගෙන ආ යම් යම් ජාතීන්,.. විතරද... ඇයි අර මම දිගටම කියාගෙන එන සවදේශිකයො..?
# රෝමන් අධිරාජ්‍යය තියෙනව ක්‍රි.ව 300 ගනන් විතර වෙනකම් ඊ ළඟට බයිසැන්තියන් අධිරාජ්‍යය... ඔහොම ගිහින් තමා ඔය හත්වන සියවසේ මුස්ලිම් වරු ඔය ප්‍රදේශ වලට එන්නෙ... එතකොට ඔය ප්‍රදේශවල මහා ලොකු ජුදෙව් ජනතාවක් හිටියෙ නෑ...ඒ විතරක් නෙමෙයි ඔය කාලිෆ් ඔමාර් කියන මුස්ලිම් පාලකය ජෙරුසෙලම අල්ලගත්තට පස්සෙ තමයි කිතුණුවන් විසින් ජුදෙව්වන්ට එන්න දෙන්නෙ නැතුව තිබුණ ජෙරුසෙලමට ඇවිත් ජුදෙව් ආගමික කටයුතු කරගන්න ඉඩ දීල තියෙන්නෙ...
# දැන් මීටත් කාලෙකට පස්සෙ ඔන්න මුස්ලිම් වරු අර ව්‍යාප්තවාදයෙ කෑල්ලක් හැටියට මට හිතෙන දෙයක් කරනව... ඒ තමයි අවුරුදු එක්දාස් පන්සීයක් විතර ජුදෙව්වන්ගෙ ශුද්ධ භූමියක් වුණ ජෙරුසෙලම මුස්ලිම් ශුද්ධ භූමියක් බවට පත් කරගන්න එක. [ මට මතක් වෙන්නෙම ශ්‍රී පාදස්ථානය ].
# ඔහොම ගිහින් ක්‍රි ව 1500 ගනන් වෙනකොට මේ ප්‍රදේශ තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයට යටත් වෙනව...අතර මැද නැපෝලියන්ගෙ කතා අතෑරියොත් 1917 විතර් පලවෙනි ලෝක යුද්ධයෙ අවසානය වගේ වෙනකම් මේ ඔටෝමාන් අධිරාජ්‍යය තියෙනව... 1880 විතර වෙනකොට මේ ප්‍රදේශ වල ඉඳල තියෙන්නෙ යුදෙව්වො 24000 ක් විතර 400,000 ක විතර ජනගහනයකින්... ඉතින් ඒක වුණේ 700 ගනන් වල මුස්ලිම් ආක්‍රමණ නිසා විතරක් නෙමෙයි ඊට හුඟාක් කලින් කියන එකත් කියන මගේ අදහස ඉස්මතු කර ගන්නනයි මේච්චර විස්තර ලිව්වෙ..
# ඒ වගේම මම යටින් කියාගෙන ආපු ස්වදෙශිකයන්ගෙ කතාව... මෝසෙස්ගෙ කට්ටිය කානාන් දේශයට ආපු දවසෙ ඉඳන්ම ජුදෙව්වො මොන ජාතියක් එක්ක වත් මිශ්‍ර වෙච්ච ජාතියක් නෙමෙයි... එතකොට ඔය කානාන් වරුන්ගෙන් පැවැත එන ස්වදේශිකයො ඊට පස්සෙ ආපු හැම ජාතියක් එක්කම මිශ්‍ර වෙමින් තම වර්ගයා පවත්වගෙන ආව.. ඒ අනුවම හත්වෙනි සියවසේ මුස්ලිම්වරු එක්කත් මිශ්‍ර වුණේ මේ ජාතිය.. ඒ කියන්නෙ අද ඉන්න පලස්තීනුවො පැවතගෙන එන්නෙ මෙන්න මේ ජන කොටසෙන්... එහෙම නැතුව හත්වන සියවසේ යුද්ධෙට ආපු මුස්ලිම් වරුන්ගෙන් ඔවුන් පැවත එනවාය කියන එක අපි විජය සහ හොරු හත්සීයෙන් පැවත එනවාය කියන්න වගේ කතාවක් කියලයි මට හිතෙන්නෙ...


දැන් ඔන්න අපේ කට්ටිය කොමෙන්ට් වලින් කතා කරපු කාලය කිට්ටුවට ආව... මෙච්චර කියපු එකේ ඒකත් පිලිවෙලින්ම යමු...

 # පළවෙනි ලෝක යුද්දෙ ඉවරවෙලා 1918 වෙනකොට ඇතිවෙච්ච ගිවිසුම් අනුව මේ ප්‍රදේශ පාළනය කරන්න පැවරුනේ මහා බ්‍රිතාන්‍යයට...ඒ අද අපි කතාකරන පලස්තීනයත් ඒ වගේම මගේ පෝස්ට් එකේ කියවුණු ජෝර්දානයත් ඇතුළු විශාල ප්‍රදේශයක්...
# 1923 වෙනකොට බිරිතානින් මේ ප්‍රදේශය දෙකට බෙදුව පලස්තීනයත් ට්‍රාන්ස් ජොර්දාන් ප්‍රදේශයත් හැටියට...[ මේ ට්‍රාන්ස් ජෝර්දාන් ප්‍රදේශ වල අයින් සවුදි රාජ්‍යයට එකතු වුණු අතර මූලික ප්‍රදේශය අද පවතින ජෝර්දානය බවට පත්වුණා ]
දැන් තමා "අරාබි හොඳයි කීවත් වැරදී " සීන් ටික එන්නෙ... පළමු ලෝක යුද්දෙ ඉඳන් දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ දක්වා කාලෙ ... උන් පුළුවන් තරම් ඉතුරුවෙලා හිටපු ජුදෙව්වන්ට අඩන්ට්තේට්ටම් කලා... 1929 " හෙබ්‍රොන් සමූලඝාතනය " වගේ සිද්ධි වලින් ජුදෙව්වො විශාල වශයෙන් ඝාතනය කලා...
 # ඊලඟට දෙවන ලෝක යුද්දෙ ඉවර වෙලා ලෝකයෙ විසිරිලා හිටපු යුදෙව්වො ආපහු ඇවිත්... 1947  එක්සත් ජාතීන් විසින් බෙදා හදා ගන්න යෝජනා කලේ මෙහෙමයි...
# ඔන්න ඔය යොජනාව සම්මත වෙලා ඔක්කොම කරල තියෙද්දි තමා අරාබි හමුදා හයක් එකතුවෙලා මැද පෙරදිග ඉතිහාසෙ දාපු ලොකුම ගොං පාට් එක දැම්මෙ... එතනදි තමා මොශේ දයාන් හෙම සීන් එකට එන්නෙ...
# ඔන්න ඔය යොජනාව සම්මත වෙලා ඔක්කොම කරල තියෙද්දි තමා අරාබි හමුදා හයක් එකතුවෙලා මැද පෙරදිග ඉතිහාසෙ දාපු ලොකුම ගොං පාට් එක දැම්මෙ... එතනදි තමා මොශේ දයාන් හෙම සීන් එකට එන්නෙ...ඇවිල්ල දුන්න අරාබින්ට දුවන්න... ඒ කරල 1948 දි තමයි ඊශ්‍රායලය කියන වත්මන් රාජ්‍යය බිහිවෙන්නෙ...එතකොට අර 47 යෝජනා වෙච්ච ප්‍රමාණයට වඩා පලස්තීන් ප්‍රදේශ කුඩා වෙලා ජුදෙව් ප්‍රදේශ පැතිරිලා තිබුණ...එතකොට ගාසා ප්‍රදේශය ඊජිප්තුවේ පාලනය විසිනුත් ... බටහිර ඉවුර ජෝර්දාන පාලනය විසිනුත් තමා පාලනය වුනේ...
# ඊ ළඟට එන්නෙ 1967 සයදින යුද්ධය... දැන් මේක ගැන අදහස් කීපයක්ම පලවුණානෙ...මේක අරාබින් විසින් පටන් ගත්ත යුද්ධයක් වගේ අදහසක් මුලින් සුජීව්ගෙන් ආවත් මේ වෙනකොට බුරාගෙ අදහසත් එක්ක දැන් ටිකක් ක්ලියර් වගේ නේද... මේ සයදින යුද්ධය ඉශ්‍රායලය විසින් හොඳින් සැලසුම් කරල එකවර බෝම්බ ප්‍රහාර එල්ල කරමින් ඊජිප්තුවෙන් ගාසා ප්‍රදේශයත්... ජෝර්දානයෙන් බටහිර ඉවුරත්...සිරියාවෙන් ලෙබනනයත් එකවර කඩාගෙන යටත් කර ගත්ත... මෙන්න මේ වගේ තමා 1967න් පස්සෙ...
# ඊට පසුව මෑත කාලෙදි ඊශ්‍රායෙල් හමුදා ගාසා ප්‍රදේශයෙනුත් සීනායි ප්‍රදේශ වලිනුත් අයින් වුණා.. ඒත් තාම ගෝලන් කඳු වලිනුත් බටහිර ඉවුරෙනුත් අයින් වෙලා නෑ...


ඔන්න ඕකයි කතාව පුළුවන් තරම් කෙටියෙන්....

115 comments:

  1. යකෝ දියේ ගින්දර ගෙනියන එකෙක් අදයි දැක්කේ...

    ReplyDelete
    Replies
    1. දිය උඩින් ගින්දර ගෙනියන්ඩ ඔට්ටුයි බං...

      Delete
    2. අනේ මන්දා..සයිබරේට මොනව වෙලාද කියලා..යටින් ගින්දර ගෙනිච්ච එකෙක් මාට්ටු වෙලා දවස් කීයද...මෙන්න උඩින් ගින්දර ගෙනියන එකෙකුත් මාට්ටු...හැබැයි පාපොච්චාරනයක් කරලා ඒවා දැන් කරන්නෙ නැහැ කියන නිසා සමාව දෙන්න පුලුවන් :D

      Delete
  2. "මේ ඉන්නෙ සපා ඒ කාලෙ... මේ වගත් එසේම... දුම්බීම සරීර සවුක්කියට පට්ට අහිතකරය... ඒක තේරුම් ගත් සපා දැන් දුම්බීම අතහැර ඇත..."

    හරි මගුලක්නේ යකෝ..උන්දෑ බොද්දී අහිතකර නැහැ අතෑරියාම තමා අහිතකර..හනේ මගෙ කට...

    ඊ ළග කාරනේ..හරි දැන් ඒ දවස්වල ගත්ත මේ පොටෝවේ තියෙන දේවලින් දුම්බීම අතෑරියා කියමුකෝ.. අර බලන්නේ රෑප සගරාවක් නේද... ඒකෙත් ටිකක් විතර ටෑන් කලර් එක වැඩි ගතියක් පේනවා..එතකොට අපිට ටිකාක් විතර හිතා ගතැකි මොනවද මේ සපා දුමක් ඇද ඇද බලන්නේ කියලා.. දැන් දුම්බීම අතෑරියට ඒ සඟරා කියවීම අතෑරියා කියලා නැති එකෙන් අපි තේරුම් ගත යුත්තේ කුමක්ද..?

    මංනං ඔය ධනාත්මක සිතිවිලි කියන දේට ඒ හැටි නැඹුරුවක් නැහැ.. කැමතිම නෙගටිව් පැත්තට..දැන් මේ බලං ඉන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් 22 ලෝකෙට කෙල වෙයං කියලා හිතාගෙන...

    කතාව ගැන ටිකක් හිතට අරං කල්පනා කරනවනං මට කියන්න තියෙන්නේ මෙච්චරයි... බුදු හාමුදුරුවොත් බඩ ගින්නේ ඉන්න උන්ට බණ කිව්වේ නැහැ..මුලින් කන්න දීලා හිටියා..දෙවැනුව බණ...

    හා හා මං ගියා..ඔන්න මගේ පොරොන්දුව හරි..අද එකටත් දෙකයි...:D

    ReplyDelete
    Replies
    1. දැන් ඔය ස්මාර්ට් ෆෝන් අරක මේක නිසා සඟරා බල බල ඉන්න සිද්ධ වෙනව අඩුයි ඉතිං... :D

      ..............

      මාසයක්ම දෙක දෙක දාන්ඩ වෙයි... නැත්නම් ආපහු වර්ඩ් ප්‍රෙස්.. :D

      Delete
  3. ඔන්න ඔහේ තුන් වැනි තැනත් මංම ගඤ්ඤං...

    ReplyDelete
    Replies
    1. උඹල තුනම ගත්තහම අනික් උන්ට මොනවද ඉතුරු.

      Delete
    2. හැබැයි ඊලඟ පෝස්ට් එකෙන් මේක ඇඩ්වාන්ස් කියල අඩු කරගන්නව හෙම නෙමෙයි...

      Delete
  4. අර මුහුදේ පාවෙන දර්ශනය හරිම අපූරුයි .

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ අත්දැකීම හරිම අපූරුයි...

      Delete
  5. අඩේ අර පින්තූරෙ ඉන්න සපතේරුවා මට පේන්නෙ ජෝර්දානුවෙක් වගේ. මරු ට්‍රිප් එක. හිනාවෙන්නෙ නැති තව ජාතීන් හුඟක් මම දන්නවා. පලස්තීන ඊශ්‍රායල් ප්‍රශ්නෙ ගැන කතා කිරීමෙන් මමත් හිතා මතා වලකිනවා. මොකටද අරවා ගාගන්නෙ නිකං තියෙන අහවල් එකේ. මේ ඉන්දියානුවො ගැන කතාකරලා ගෑවිච්ච ටිංකිරි හෝදාගත්තා විතරයි.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මමත් ඒකමයි ඔය ප්‍රශ්නෙ පොලිටිකල් පැත්ත ටච් නොකරම ලඟ නමල දැම්මෙ..

      Delete
  6. මාර කියමනක්නෙ අන්තිමට දාල තියෙන්නෙ... ;)

    ReplyDelete
    Replies
    1. ඒ කියමන තමා ඇත්තටම මගෙ පෝස්ට් එක..

      Delete
  7. ඔය ඊශ්‍රායල් පලස්තීන් බටහිර ඉවුරු කතා අහල තිබුනට අද තමයි ඕවයෙ තියෙන සම්භන්ධතාවය දැනගත්තෙ.

    ප.ලි.
    මට මේක හරියට වැටහුනේ නැද්ද මන්දා..දැන් සපා දුම් දාගෙන මුහුදෙ පාවෙන්නෙයි නැව් දුම් දාගෙන මුහුදෙ පාවෙන්නෙයි එකම තියරි එකක් නිසාද, ::D

    ReplyDelete
    Replies
    1. කවුරුහරි ඒ භූගෝලය ඩිංගක් තෙරුම් බේරුම් කරගත්ත එකත් හොඳා....

      ........

      කොහෝම දුම දැම්මත් ඇතුලෙ ඇන්ජිම ගෙවෙන බව තමා කියන්න තියෙන්නෙ...

      Delete
  8. අපි වගේ පීනන්න බැරි උන්ටනං කියාපු පොට් එක.

    ReplyDelete
    Replies
    1. හැබැයි පුතෝ ඔලුව යට ඔබා ගත්තොත්... ලුණු පොල්කට්ට ඇස් දෙකේ හලාගත්ත වගේ තමා...

      Delete
  9. පොඩි කාලෙ විජය පත්තරෙන් මල මුහුද ගැන කියෙවුවට පස්සෙ මෙච්චර ලස්සන විස්තරයක් කියවන්න ලැබුන මුල්ම අවස්තාව.

    ප.ලි.
    ඇත්තටම පලස්තීනුවන්ගෙන් ඊටත් වඩා හොද ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න පුලුවංද ??? යුදෙවුවො කලේ පලස්තීනුවන් මරාදැමිල්ලකටත් වඩා පලස්තීනුවන්ගෙ ස්පිරිට් එක මරාදැමීමක්නෙග

    ReplyDelete
    Replies
    1. මට මුණ ගැහිල තියෙනව තමන්ගෙ ඉඩ කඩම් පාරම්පරික ගෙවල් දොරවල් එහෙමම අතැරල ආපු අය... තව සමහරුන් ඉන්නෙ වෙස්ට් බෑන්ක් එකේ... නෑයො ගාසා වල... යන්න විදිහක් නෑ... ඊශ්‍රායලේ හරහ යන්න ඕන නිසා...

      Delete
  10. අර තාත්තලා ගැන පම්පෝරි ගහන කොට එකෙක් කිවාලුනේ අනිත් එකාට...

    "ඒයි, උඹ දන්නවද මළ මුහුද ගැන.....?"

    "ඔව් දන්නවා....!"

    "අපේ තාත්තා තමයි ඒක මැරුවේ....!"

    සපා කොච්චර පොත් ගුල්ලෙක්ද කියනවා නම් මේ මල මුහුද බලන්න ගිය වෙලාවෙත් මල ඉලව් පොතක් අරගෙන ගිහිල්ලා....!

    ReplyDelete
    Replies
    1. //"අපේ තාත්තා තමයි ඒක මැරුවේ....!"//

      මරු කතාව ඒක...

      ...

      පොත නම්... මේ වගේ පොටෝ කෑල්ලක් අල්ලගන්නම ගෙනිච්ච එකක්...

      Delete
    2. පොතේ මොනාද දන්නෙ නෑ නේද අයියෙ තිබුනේ

      Delete
  11. යන්නනම් ඕනි තමා. කවදා හරි පුළුවන් වුනොත් බලමු. කොහොම වුනත් මමනම් ඕනි වතුරක පාවෙන සයිස් එකේ... :)

    පලස්තීනේ පැරණි සිතියම කාලයත් එක්ක කුඩා වුන ආකාරය මම කොතැනදී හෝ දැක්කා, හරියටම මතක නැහැ තැන. ලංකාවේ වෙන්න ගිය ඒක කොහොම වුනත් ඉස්සරහට වෙන්න තියෙන දේත් ටිකක් ඒ වගේ කියල හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. හනුමව හයර් එකට ගත්ත නම් යන්න තිබුනා :)

      Delete
    2. අම්මපා.. රූමස්සල කරේ තියන් ආපු එකාට මේ මාව අරං යන්න බැරිද ? තැන්කු ආ...

      මෙන්න පලස්තීනුවන්ට වුනු දේ

      Delete
    3. ඇයි අනේ වෙන්න යන දේ දැන දැනත් මිනිස්සු දන්නැ වගේ ඉන්නේ

      Delete
    4. ඕක දැනිල තියෙන්නේ ටික දෙනාටයි. ඒ අය දන්නේ නැහැ වගේ තමා ඉන්නේ. බහුතරය දන්නෙම නැහැ..

      Delete
    5. බහුතරයද.?? බහුතරයට තව ‍කොච්චර වැදගත් වැඩ තියේද කරන්න.!? රන්දෙපැය බලන්ට තියෙනවා, සපුමලී බලන්ට තියෙනවා..

      කන්න දෙඤවනං අපට-බොන්න දෙඤවනං අපට
      මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ

      Delete
    6. හරී , රාමා ,...

      පුංචි විස්තරයක් ලිව්වෙ කාටත් පොඩි අවබෝධයක් ලබා දෙන්න ම හිතාගෙන...

      රාමා , අටම් , බුරෝ...

      අපේ කස්ටියට තේරෙනකොට පෙරහැර ගිහින් අරවත් වේලිලා...

      Delete
    7. @ හරී... සමාවෙන්න වැරදීමකින් ඔබේ කලින් කොමෙන්ටුව මැකුනා... මම මේ බ්ලොගරයට අළුත් නිසා සිදුවුණු අත් වැරැද්දක් ඒක... නැවතත් සමාවෙන්න...

      Delete
    8. @ සපතේරු උන්නැහේ,

      කමක් නෑ.. මම එච්චර වැදගත් දෙයක් කිව්වෙත් නැද්ද කොහෙද? ස්තුතියි කිව්වා විතරයි නේද?

      ස්තුතියි!

      Delete
  12. මේ ගැන ලිව්ව එක හරි වටිනවා. මේ පලස්තීනේ තියෙන ඔය ප්‍රශ්නේ ගැන අගේ ඇති කුඩා පොතක් අභය හේවාවසම් මහතා(මට මතක හැටියට එතුමා තමා ලියලා තියෙන්නේ)ලියා තිබෙනවා. එකේ තියෙනවා පලස්තීනය/ඊශ්‍රායලය ගැන බයිබලයේ ලියලා තියෙන්නේ මොකද්ද කියලා. බයිබලේ පොරොන්දු දේශය ගැන ලියලා තියෙන දේවල් ඒ පොතේ කතා කරලා තිබුණා.
    මට මතක තියෙන හැටියට පලස්තීනුවෝ ඔය ප්‍රදේශ අල්ලා ගන්නේ ක්‍රි.ව.700 ගණන් වල මුස්ලිම් අධිරාජ්‍යයන් මැදපෙරදිග බලවත් වෙන කාලේ වෙන්න ඕන. එහෙම දිර්ඝ ඉතිහාසයක් තිබිලත් එයාලට වෙච්ච දේත් අද වෙන දේවලුත් ගැන බලද්දි හරි කණගාටුයි. යුදෙව්වෝ කියන්නෙත් පීඩිතයෝ කොටසක්. එයාලා හුඟාක් තැන්වල පීඩාවට පත් වුණා. ඒ හංදා එයා ලා දැන ගන්න ඕන තවත් ජාතියක් ඒ තැනට පත් කරන්න හොඳ නෑ කියලාත්. ‍පලස්තීන ප්‍රශ්නෙට හොඳ උත්තරයක් මං දකින්නේ භු දේශපාලනික විශය ඇතුලේ විතරයි. ගැටිබිම හා හදබිම පිළිබඳ ඇමරිකානු පිල්ළියක් තමා ඔතන කැරකෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට... පහලින් , බින්දි ,සුජීව හෙම මේ ගැන අදහස් පල කරල තියෙන නිසා අගට පොදු විස්තරයක් ලියන්නම්...

      Delete
  13. Replies
    1. පාස්! ඒත් Z- ස්කොර් අවුල්.....!

      Delete
    2. රිපීට් ගණනයෙන් පාස්. පට්ට විට්ෆුල් කොමෙන්ටුවක් බුද්ධි

      Delete
  14. "දැන් ආයෙත් හැරෙමු මළ මුහුද දෙසට..."

    මම් දැන් කොයි පැත්තට ද හැරෙන්ඩ ඕන ... හික්ස් :)

    අර අන්තිමට කියලා තියෙන කතාව හරි නේන්නම්. අයියා ලියලා තියෙන විදිහට මල මුහුද දකින්නත් ආස හිතුනා.

    ReplyDelete
    Replies
    1. දවසක යන්න... හැබැයි පුතෝ ඉක්මන් කරන්ට... ආන් සුජීව කියනව වගේ මළ මුහුදත් හිඳීගෙන යන්නෙ...

      Delete
  15. ඇත්තටම කියන්න ඕනේ පලස්තීන ඊශ්‍රායල් අර්බුදයක් ගැන දැනන් හිටියට ඊශ්‍රායලයට තියෙන්නේ මෙච්චර පොඩි ඉඩක් කියලා අදමයි දැනගත්තේ....

    ReplyDelete
    Replies
    1. හසිත මල්ලී ඇත්තටම අද වෙනකොට ඊශ්‍රායෙල් වරුන්ට වඩා අඩු ඉඩක් තමා පලස්තීනුවන්ට තියෙන්නෙ...

      Delete
    2. අයියෝ අයියෝ මට පැටලුනා. උඩ කමෙන්ට් එකේ ඊශ්‍රායලය කියන එක පලස්තීනේ වෙන්න ඕනේ. ඔය පලස්තීනෙන් කෑලි කඩලා නේද මුලින්ම ඊශ්‍රායලය කියන රට හදන්නේ ???

      Delete
    3. හසිත මල්ලී අද හවස් වෙනකොට ඒ ගැන පොඩි සටහනක් කොමෙන්ටුවක් හැටියට දාන්න හිතාගෙන ඉන්නෙ..

      Delete
  16. මල මුහුද ගැන හොඳ අවබෝධයක් දෙන ලිපියක් . පලස්තිනේ සහ ඊශ්‍රායලය ගැන මාත් ටිකක් ඕපාදුප අසනවා මේ දවස්වල . මේ ගැන ඊශ්‍රායල් ජාතිකයෙක් දකින හැටි . වැඩිය හාර අවුස්සන්නත් බැහැ. එයා කි විදිහට නම් ආගම් තුනම ඇති වුනේ ඔය හරියෙන් . ජෙරුසලම මුස්ලිම් යුදෙව් ක්‍රිස්තියානි තුන් ගොල්ලටම වැදගත්ලු. යුදෙව්වන් ඇති වුනේ අතීතයේ මේ පළාතේදී ලු. ඊට පස්සේ ලෝකය පුරාම විසිරිලා ගියාලු. [ එහෙම නිජබිම දාල ගියේ ඇයි කියල අහන්න ඕන ]

    යුරෝපයේ දී අඩම්තේට්ටම් වෙද්දී යුද්ධෙන් පසු ආයේ මේ ගොල්ල නිජබිම වෙත එන්න ගත්තලු. කියන විදිහට මිත්‍ර පාර්ශවයේ අනුදැනුම ඇතුවනේ වත්මන් ඊශ්‍රායලය ඇති වුනේ . ඇමරිකාව අපේ යුද්ධෙට කොකු දාපු බව කිව්වම ''අනේ ඒගොල්ල අපේ යුද්ධෙට නම් උදව් කරනවා '' තමයි කිවේ . ඔන්න ඇමරිකාවට තමා තඩි බාන්න ඕනේ කැමතිනම් . මොකද පස්සේ කාලෙක අනික් රටවල් එච්චර මැදිහත් වුනේ නැතුවට ඇමරිකාව කෙලින්ම එයාලට සපෝර්ට් .

    යුදෙව්වන් ආපහු ආවේ විවිධාකාර සංස්කෘතික ලක්ෂණත් සමග . ඊශ්‍රායලය ඔතන නැතුව අප්‍රිකාවේ හදන්නත් හැදුව කියල මන් අහල තියෙනව . ඇත්ත නැත්ත නොදනිමි. මගේ යාලුවා නම් කියන්නේ ලෝකයේ කොහේ හෝ තැනක නිදහසේ ඉන්න ඇත්නම් කියල . අපේ වගේ දුපතක් ඒගොල්ලන්ට නැති එක ගැන දුකලු.

    මෙයාල කියන විදිහට ජෝර්දානයේ බහුතරය පලස්තිනලු . හැබැයි බලය තියෙන්නේ ඔවුන් අත නොවේලු . තමන්ට පලස්තිනුවන්ගෙන් තර්ජනයක් වීම වැලක්වීමට ඒගොල්ල කැමතිලු ඊශ්‍රායලය සහ පලස්තීනුවන් හැමදාම ගහගන්න එකට .

    උපන්දා ඉඳන් එලාම් වදිනකොට බංකර වල හැංගිලා ඉඳල ඒ වගේම රසායනික ප්‍රහාර වලට බයේ නිතරම ගෑස් මාස්ක් දමාගෙන තෙත තුවායක් ළඟ තියාගෙන ඉඳල හැදී වැඩුන කණගාටුදායක ජීවිතය ගැන ගොඩක් කතා මට අහන්න ලැබුණා. ඒ වගේම විටින් විට යම් කැපවීම් කරලා සාමය ගෙන්න මධ්‍යස්ත පිරිස් උනන්දු වුනත් අන්තවාදී කොටස් නිසා ඒ දේවල් අසාර්ථක වුනාලු.

    ඉස්කෝලෙන් අයින් වුන ගමන් හමුදාවට . ඒ කියන්නේ අවුරුදු 18 19 වෙද්දී සැවොම සොල්දාදුවෝ . හමුදාවේ බහුතරය එහෙම අය. ඩොලර් කිපයලු ඒ කාලේ පඩි ලැබෙන්නේ . එලියට ආ ගමන් මොකක් හරි රස්සාවක් කරලා පිස්සුවෙන් වගේ සල්ලි හොයන එකයි නැති වුන නිදහස සොයා යන්නයි තමයි ඒගොල්ල කැමති .ඒවගේම ලෝකේ කොහේ උන්නත් බයෙන් ඉන්නේ .

    .මේ සේරම '' ලු '' කිව්වේ මන් අහපු දේවල් නිසා .කවද හරි පලස්තීන ජාතිකයෙක් හමු වෙනකම් ඉන්නේ කතාව ඒ පැත්තෙන් අහන්න .

    සිතියමේ විදිහට ගාසා සහ වෙස්ට් බෑන්ක් දෙක වෙන් වෙලා . දෙක එකක් වෙන්න ඊශ්‍රායලය කැල්ලක් දෙන්න ඕන . මේ මුකුත් නැහැනේ යුරෝපේ යුදෙව්වන්ට ඉන්න දුන්න නම් .

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් බින්දි වැඩි විස්තර සැපයුවට . ..

      Delete
    2. නිජබිම දාලා යන්නේ ආක්‍රමණ දරාගන්න බැරි නිසා. ඔය එක කාලෙක ලෝකේ හරි මැද වගේ තැනක්.

      ජෙරුසෙලමේ එක තැනක තියෙනවා තාප්පෙකින් වෙන්කළ ගලක් සහිත. දෙපැත්ත දෙගොල්ලන්ගේ ආගමික මධ්‍යස්ථාන

      මම නම් ඔය සිද්ධියේදී ඉන්නේ මධ්‍යස්ත මතයක. යුදෙව් හොඳයි කීවත් වැරදියි, අරාබි හොඳයි කීවත් වැරදියි.

      අවසානයේ වෙන දෙය නම් ඉතාමත් පැහැදිලියි. මම පහල ලියා ඇති. අපේ ඉරණමත් ඔයිට නොදෙවෙනි නැහැ.

      Delete
    3. බින්දි පලස්තීනෙ ගැන නං අපේ රටේ ජනාධිපති තුමාගෙ ඉඳල ඕනැම දේශපාලකයෙකුගෙං ඇහුවොත් කියයි, මොකද ඒගොල්ලොත් සිකුරාදට ලිප්ටන් වට රවුමෙ ඒ අය වෙනුවෙන් කෑ මොර දීපු අවස්තා බොහොමයි. මුහුද ගැන කීවොත් නං. මධ්‍යධරනී මුහුදත් ලංකාව අවට ඇති ඉන්දියන් සාගරයට වඩා ලවණ අතින් ඉහල ඇති.

      Delete
    4. පලස්තීන් ඉශ්‍රායෙල් ගැටුම ගැන පලස්තීනුවන්ගෙ පැත්තෙන් මගෙ "ලු" දැනුම අන්තිමට එක කොමෙන්ටුවකින් දාන්නම් කීප දෙනෙක්ම මේ ගැන අදහස් පල කල නිසා...

      //මෙයාල කියන විදිහට ජෝර්දානයේ බහුතරය පලස්තිනලු . හැබැයි බලය තියෙන්නේ ඔවුන් අත නොවේලු . තමන්ට පලස්තිනුවන්ගෙන් තර්ජනයක් වීම වැලක්වීමට ඒගොල්ල කැමතිලු ඊශ්‍රායලය සහ පලස්තීනුවන් හැමදාම ගහගන්න එකට .//

      මේ කතාව තරමක් දුරට වැරදියි.... මම ජෝර්දානයේ අවුරුදු හතරක් විතර ඉඳල තියෙනව... ජෝර්දානයේ ඉන්න පලස්තීනුවො ටිකක් හතලිස් හතේ ආපු උදවිය අනික් අති බහුතරය හැත්තෑ ගනන් වල මුල හරියෙ ආපු අයගෙන් පැවත එන උදවිය...ඇත්තටම ජෝර්දානුවන් අතරෙ ඉතාවිශාල පලස්තීන ඩයස්පෝරාවක් ඉන්නව... මිලියන 6ක් වගේ වෙන ජනගහනයෙන් මිලියන 2.5ක් විතර වගේ ඉන්නෙ පලස්තීනුවන්... ඒක විශාල ඩයස්පෝරාවක්... ඒත් බලය පිලිබඳ ගැටළුවක් එතන නෑ... මූලික හේතුව ජෝර්දානය රාජධානියක්...ඒක නිසා ඒ රාජ්‍යය මේ ගැටුමට කැමතියි කියන එක වැරදියි...
      නමුත් අනෙක් අරාබි රාජ්‍යයන්ට සාපේක්ෂව ජෝර්දානය මේ ප්‍රශ්නෙදි අක්‍රියයි (neutral)... ඒකට හේතු දෙකක් තියෙන්න පුළුවන්... එකක් ඔච්චර ඔය අර්බුද කලාපයක ඉඳගෙන රතිඤ්ඤයක් තරම වත් පත්තුවෙන්නෙ නැති රටක්... ඒ තත්වය පවත්වාගෙන යන එක එකක්... අරාබි ලෝකයේ දුප්පත්ම රාජ්‍යය කියන්න පුළුවන් ස්වාභාවික සම්පත් මොකුත් නැති ජෝර්දානය ඇමෙරිකන් ආධාර විශාල වශයෙන් ලැබෙනව...ඉතින් ඇමෙරිකාවේ හොඳ හිත පවත්වාගන්න එක තමයි දෙවෙනි හේතුව...

      Delete
  17. සිතියමක් එක්ක ඔය තැන් ගැන පැහැදිලි වුණේ අද තමා. බොහොම ස්තුතියි.
    යන්නනම් ආසයි. ඒත් ඕක වටේට තියෙන්නෙ මුස්ලිම් රටවල්නෙ. අපිට සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන යාමේ හැකියාව තියෙනවද?

    ReplyDelete
    Replies
    1. රජුන් හෝ ඒකාධිපතියන් ඉන්න "ප්‍රගතිශීලී" මුස්ලිම් රටවල් ශේප් නේද? ඇත්තෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය හරහා ආගමික අන්තවාදයට ගියපු ඒවා තමා කේස්.

      Delete
    2. අපෝයි ජොර්දානය කියන්නෙ ඉතාම නිදහස් රටක් ඒ පැත්තෙන්... ඇඳුම් පැලඬුම් ගැන සීමා නෑ... මුස්ලිම් කාන්තාවො වුණත් ලෝගු අඳින්නෙ නෑ....ඔලුව වැහෙන්න හිජාබ් එක දානව විතරයි...

      සුජීවගෙ කතාව සීයට සීයක් හරි... මට මතක් වෙන්නෙ ඩුබායි සහ ඉරානය...ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බිංදුවට කිට්ටු ඩුබායි වලට ප්‍රජාතන්ත්‍ර වාදී ඉරානයෙන් එන සංචාරකයින්ගෙ කාන්තා පාර්ශවය සමහර වෙලාවට බටහිරයන්ටත් වඩා අඩුවෙන් ඇඳුම් ඇඳගෙන ඩුබායි වල ඇවිදින්නෙ...ඇයි ඉරානෙදි ඉහේ ඉඳන් දෙපතුලට වහගෙන ඉන්න සිද්ධ වෙලා .. බලෙන්... නමුත් හිතේ තියෙන නිදසට ඇති කැමැත්ත තමා අර පුළුවන් වෙච්ච ගමන් පිටකර ගන්නෙ...

      Delete
  18. අහ්, අර ටැක්සි ඩ්‍රයිවර්නම් තැනට සුදුසු කියමන් දන්න බුද්ධිමතෙක්. හුඟක් වෙලාවට ඔහොම ප්‍රශ්නයක් ඇහුවොත් තමන්ගෙ ජාතියෙ ප්‍රශ්න ගැන නොනවතින දුක් ගැනවිල්ලක් සහ අනුන්ට බැනීමක්නෙ අහන්න ලැබෙන්නෙ. මේ මනුස්සයා වචන කීපෙකට කැටි කරන අදහස අපූරුවට ජාතියේ හැඟීම පිළිබිඹු කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවෙ තිබුණ ඒ ගතිය නිසාමයි අවුරුදු ගානකට කලින් වෙච්ච කතාබහක් වුණත් තාම මට මතක තියෙන්නෙ...

      Delete
  19. ඊශ්‍රායල් පලස්තීන් ගැටුම ගැන දැනන් හිටියට හරි ම පැහැදිලි විස්තරේ දැන ගත්තේ අද . . බොහෝම ස්තූතියි සපා . . .
    මේ ඒක නෙමේ ඊද් හොලිඩේ එකට මළ මුදුද බලන්න යමුද අපි සෙට් එකම?

    ReplyDelete
    Replies
    1. ඉතින් ප්‍රස්නෙ මේකනෙ මචෝ... උඹලට නිවාඩු වුණාට ඊද් කියන්නෙ අපිට කොඳු වලට පත්තු බඳින්න වෙන සයිස් බිසි සීසන් එකක් නෙ... හැබැයි අදහස හොඳයි.. වෙන විදිහකට ප්ලෑන් කරන්න බලමු...

      Delete
  20. මාරයයි, නලිනි උන්දැයි සෙයා කරලා තිබුනා දැකලා ආවේ. සපතේරූ උන්නැහේගේ අඩවියට ආවේ අදමයි ඔන්න. කතාව කියෙව්වෙ නෑ දැන් ඔලිම්පික් මෙව්වා එක පටන් ගන්නනෙ යන්නෙ... හෙට කියවන්න සබ්ස්ක්‍රයිබ් කරලා යනවා.

    ReplyDelete
    Replies
    1. දැන් ම ඔලිම්පික් පටන් ගන්නෙ නෑලු.

      ගාසා තීරය, බටහිර ඉවුර - මේ වචන දෙක මම අහන්නෙ අවුරුදු 20 කට විතර ඈත කාලේ ඉදලා... ඔන්න දැනුයි ඇස් දෙකෙන් දැක ගත්තෙ....

      මළ මුහුද ගැන අහලා සහ පින්තුර දැකලා තිබ්බා. මම මේ නොදන්න කමට අහන්නෙ වෙරල හරියෙවත් හිටගෙන ඉන්න බැරිද, රබර් බෝලයක් වගේ උඩ ගහනවද අපිව?

      Delete
    2. අප්‍රමාණ සංතෝෂයි ආපු එක ගැන...

      නෑ බුද්ධියා... ඒතරම් ඉපිලුමක් නෑ... ඒත් කකුල් දෙක නිදහස් කලොත් ඉබේම බෲස් ගාල උඩට ඇවිත් අර මගෙ පින්තූරෙ වගේ ඉරියව්වකට එනව...

      Delete
  21. සපා මල මුහුද තව පාරක් මිය යමින් ඉන්නේ. ඕකේ වාෂ්පීකරණය බැලන්ස් කල එකම සෝස් එක ජෝර්දාන් ගංගාව. මොකද මලාට වහින්නේ නැහැනේ ඔය හරියට. අර යක්කු ජෝර්දාන් ගඟේ උන්ගේ කෑල්ල අල්ලාගෙන එක හරවලා උන්ගේ දොඩම් වතුවලට. ජෝර්දාන දේශසීමාව ආසන්නයේ ඊශ්‍රායල ප්‍රදේශ මාර ලෂ් එකේ තියාගෙන ඉන්නේ. ඉතින් දැන් මල මුහුදට මලෙත් මල. ජල පෝෂක නැහැ. ඉතින් සෑම වසරකම වන වාෂ්පීකරණය නිසා හිදීගෙන යනවා. බොහොම මෑතකදී වෙනසක් නොවෙන්න ලේටස්ට් තමා ඔය. ඒ නිසා ඔහොම "ට්‍රැවලින් බූල් බල්ලන්" නැති අපි ඔහේ දවසක් ගියොත් එදාට තියෙයි "dead sea desert" කියා කාන්තාරයක්.

    මල මුහුද කියන්නේ භූ තැටි දෙකක් අතර ක්‍රැක් එකක්. ඕක මාර ගැඹුරුයි. ඒ කියන්නේ වතුර යට ගැඹුර වැඩි. යටම යට තනිකර ලවන වලින් හැදුනු හැතැම්ම ගානක් ගැඹුර පතුලක්ලු තියෙන්නේ.

    පලස්තීනුවන් තොත්ත බබ්බු නොවේ. ඕකුන් ගිය සියවසේ මුලකාලේ ඊශ්‍රායලයක් හදන්න පෙර, එහි හුන් සුළුතර යුදෙව් ප්‍රජා ඝාතනය කරමින් උන්නේ. එහෙම කල සංහාර වලට එරෙහි ප්‍රතිවාදී බලයක් ගොඩ නැගු කෙනෙක් තමා මොශේ දයාන්. කෙසේ වෙතත් ඉංගිරිසින් ප්‍රන්ශයින් ඇතුළු බලවතුන් පලස්තීනුවන්ට කල අසාධාරණය මහා අපරාධයක්. රුසියාවත් ආතල් එකේ උන්නලු උන්ගේ යුදෙව්වන්ව ඔතෙන්ට එලවන්න හැකි නිසා.

    ඊශ්‍රායලය බටහිර ඉවුර අල්ල ගන්නේ සය දින යුද්ධයේදී නේද? සයදින යුද්ධය කියන්නේ අරාබින් ඉල්ලන් කාපු එකක්. ඊශ්‍රායලය කරන දේවල් වැරදි උනත් සය දින යුද්ධයේ ඔවුන් මුහුණ දුන්නු හැටි වැරදියි කියන්න බැහැ. කෙසේ වෙතත් සීනයි හා ගෝලාන් ආපහු දුන්නනේ අයිති රටවලට. මොකද දන්නේ නැහැ බටහිර ඉවුර නොදෙන්නේ.

    කෙසේ වෙතත් ඔය කලාපයේ දීර්ඝ කාලින යතාර්ථය නම් මිලියන 300 ක විතර අරාබින් එක්ක මිලියනයකට අඩු ඊශ්‍රායලයට පැවැත්මක් නැති බවයි. ඔවුන්ගේ වර්තමානය ඇනොමලියක්. එවැනිම දිගු කාලින යතාර්ථයක් තියෙනවා ඉන්දීය සාගරයේ පුංචි දිවයිනකට. මම වැඩිය ලියන්නේ නැහැ.

    ඔය පෙසිමිස්ටික් කිව්වම මතක වුනේ. "මහා මුහුදු විමානේ" කියන්නේ මා දන්නා පෙසිමිස්ටික් ම ගීතය. ධීවර දුක කිය‍ා කියලා අන්තිමට කියනවා "පිරුණත් මඩිය ඉරේවි" කියලා. ඉතින් කොහේ ගොඩ දාන්නද අප්පා.

    බයිලා සහ වල්පල් ලිව්වට සමා වෙන්න.

    ReplyDelete
    Replies
    1. "මිලියනයකට අඩු ඊශ්‍රායලයට" කියන එක මිලියන 10 ට අඩු කියා නිවරදි විය යුතු වේ. මිලියන හා කෝටි ටපලුනි.

      Delete
    2. බටහිර ඉවුර අල්ලන්නේ යොම්-කිපුර් යුද්ධයෙන් නෙවෙයිද? මට මතක ඒ වගේ.. සීනායි අල්ලන්නෙනං නසාර්ට නිකං ඉන්න බැරුව ගහන්න ගිහිල්ලානේ.. නසාර්ගෙ රොකට් ව්‍යාපෘතියත් හරි ගියේ නැහැ‍නේ අන්තිමට..

      පෙසිමිස්ට් කතා කියවන්න ඕන නං කියවන්න 'ඇම්බ්‍රෝස් බියර්ස්'.. මං කතා 3-4ක් කියවලා අල්ලලා දැම්මා.. :)

      Delete
    3. බයිලා සහ වල්පල් කියවීමම සතුටට හේතුවකි...
      ඔය මළ මුහුදේ ජල මට්ටම අඩුවෙමින් යනවාය කියන එක ඇත්ත... ජෝර්දානයට තියෙන ලොකු ගැටළුවක්... මොකද කිසිම ස්වභාවික සම්පතක් නැති ජෝර්දානයේ සංචාරක ආදායම ලොකු ප්‍රතිශතයක්... ඉතින් සුජීව බයවුණා වගේ "මළ මුහුදේ කාන්තාරය" බිහි නොවුනොත්... ඔය ලවණ ගතිය තව ටිකක් සාන්ද්‍ර වුණොත් සංචාරකයන්ට බැහැල නාන්න බැරි තත්වයක් එනව... එහෙම වුණොත් සොරි තමා... දැනටත් ඇහැට හෙම වතුර යවාගත්තොත් බැට් රි ඇසිඩ් වැදුන වගේ තමා...

      පලස්තීන් කතාව ගැන වෙනම නෝට් එකක් දන්නම් ..

      Delete
    4. බුරෝ [අලෝ කොහොමද බුරා] මටත් ඕක ෂුවර් නැහැ. ඒ නිසාම විකිය බැලුවා දැන්. In June 1967, the West Bank and East Jerusalem were captured by Israel as a result of the Six-Day War කියලා තිබුණි විකියේ. උඹ නම් මාව විකියටම තල්ලු කරනවා.

      මට මතක තිබ්බේ සයදින යුද්ධේ pre-emptive attacks වලින් අල්ල ගත්තු බව. ඒ ප්‍රහාරය සහ අල්ලා ගැනීම අන්තිම සාධාරණයි. මොකද ඇමරිකාව ලංකාව අල්ලන්න මාලදිවයින් බේස් එකක් කරගන්න යනවනම් අපි කරන පළමු වැඩේ නේ මාලදිවයින් අල්ලා ගැනීම. හැබැයි අල්ල ගත්තු ප්‍රදේශ වලට නිදහස නොදීමත් ඒවා දිගටම වධකාගාර ලෙස පවත්වා ගැනීමත් වැරදියි.

      ගෝලාන් සහ සීනායි වගේ ආපහු දුන්නේ නැහැ බටහිර ඉවුර. කෙසේ වෙතත් මෙය අනික් දෙක වගේ "අල්ලාගත් ප්‍රදේශයක්" ලෙස සලකන්නේ නැතිලු. "අල්ලාගත් ප්‍රදේශ" කියන්නේ ආක්‍රමණයට මුහුණ දීමට අල්ලපු ප්‍රදේශ. හැබැයි මේ කෑල්ල එහෙම නොවේ කියන්නේ කොහොමත් අල්ලගන්න සැලසුම් කර හිටපු එකක් වෙන්නැති.

      ඔතන තව සීන් එකක් තියෙනවා. යුදෙව්වන්ගේ අරමුණ ටෝරා වේ පැරණි ජනපද නැවත හැදීම. මේක හරියටම කිව්වොත් අයෝධ්‍යා මුස්ලිම් පල්ලියේ සීන් එක වගේ. ඊශ්‍රායල රජය මේකට සහය දෙනවා [අඩුම ගනනේ වළක්වන්නේ නැහැ]. ඒ වෙනුවෙන් වර්තමානයේ අරාබින්ගේ ජීවිත කුඩු පට්ටම් කර දමනවා. ඔය "ඊශ්‍රායල් සෙටල්මන්ට්" කියන ඒවායේ නම් හා පිහිටීම් ටෝරාව අනුව තමා යොදන්නේ.

      1967 නොසිතු විරු ඉල්ලං කෑමක්. අරාබින්ගේ වැඩේම ඉල්ලගෙන කන එක.

      ---------------

      සයදින යුද්ධය දිනපු හැටි ගැන කතාවක්.

      ඔන්න දැන් අසල්වැසි අරාබි රාජ්‍ය ඇවිදින් ළදරු ඊශ්‍රායලය වට කරලලු. ඊශ්‍රායලයේ හමුදාව වගේ මාර ගුනාකාරයකින් ඉන්නවලු ප්‍රතිවාදීන්. ඊශ්‍රායලය කන එකේ ගේමක් නැහැල්ලු. දෙගොල්ලොම බංකර වල ඉඳගෙන අන්තිම සටන සැලසුම් කරනවලු. එකෙක් හරි ඔලුව ඉස්සුවොත් ප්‍රතිවාදීන්ගේ වෙඩි පහර ෂුවර්. ඊශ්‍රායලය හිතුවලු අලුත් වැඩක් කරන්න.

      එක ඊශ්‍රායල සෙබළෙක නැගිටලා කෑ ගැහුවලු "අඩෝ මොහමඩ්" කියලා [ඒ කාලේ හෙළ වදනින් අඩෝ කියා ඇමතීම හෙළයෙන් බිහිවූ ලෝක වාසීන්ගේ ගතියක් - ඒ ටික රාවනා-මීජයා සරණින් මගේ ගානේ]. ඉතින් පෙර කී ලෙසම ඌට කෙලින්ම බුලට් එක. හැබැයි අරාබින් හරි ආඩම්බරයි නේ [ඒ කාලේ]. ඔහොම හෑල්ලුවට කතා කරන්න පුලුවන්ද අපේ අරාබින්ට කියලා, අර මොහමඩ් ලා ඔක්කොම නැගිටලා කෑ ගැහුවලු "ඇයි මොකද ඩො" කියලා. ඒ ඔක්කොම සූදානමින් උන්නු ඊශ්‍රායල් හමුදා වෙඩි පහරින් මරුට.

      ඊළඟට තවත් ඊශ්‍රායල් භටයෙක් නැගිටලා කෑ ගැහුවලු "අඩෝ අහමඩ්" කියලා ...

      ඔන්න ඔයාකාරයෙන් කිහිප දෙනෙකුගේ දිවි පිදීම තුල අරාබි හමුදා සමූල ඝාතනය කරන්නට ඊශ්‍රායලයට හැකි වෙලා තියෙන්නේ.

      මේකේ අපේ මුස්ලිම් සොයුරු සොයුරියන්ට අවමානයක් නැහැ හොඳේ. තරහ ගන්න එපා. ඔයාලට තියෙන මෝරල් එක තමා එකම ජාතියේ නම් දැමීමෙන් වලකින්න කියන එක. :)

      Delete
    5. හික්ස්! මගෙ වෑයම සාර්ථකයි එහෙනං.. උඹව සංවාදෙකට පටලගන්ට තමා මම එහෙම ඇහැවුවෙ..

      පලි: අමෙරිකාවට ලංකාව අල්ලන්න මොකටද බං මාලදිවයිනක්.!? ඇයි දියාගෝ ගාර්ෂියා වල තියෙන්නෙ පට්ට බේස් එකක්.. :)

      Delete
    6. ඇමරිකාවට ලංකාව අල්ලන්න මොකටද බං බේස් එකක්. අනික ඇමරිකාව ලංකාව අල්ලන්නේ මොකටද? අසාර්ත බඩගිනි කාරයින් මිලියන විස්සකට කන්න දෙන්න දන්සැලක් දාන්නද?

      නසාර් ගේ රොකට් ව්‍යාපෘතිය ගැන කියලා උඹ මේකේ ලොකු පැටලිල්ලක් කරන්න ගත්තු උත්සාහය මම හිස නවා කඩුලු රකින්නා අතට යාමට ඉඩ හැරියා. මොනවා උනත් මටනම් ගමාල් අබ්දුල් නසාර් කියන්නේ අරාබියේ උන්නු සිරා ම නායකයෙක්. ඌට වඩා සිරා එවුන්ට ඉන්නේ එමිරේට්ස් [විශේෂයෙන් ඩුබායි] හා කටාර් නායකයින් විතරයි.

      Delete
    7. ඔන්න දවසක් ඊජිප්තු කම්කරුවෙක් වැඩ ඉවරවෙලා හැන්දෑවෙ ගෙදර එන ගමන් කඩෙන් මාළුවෙක් අරන් ආවලු.. ඇවිත් හාමිනේට දීලා කිවුවලු "මූව රහට උයලා ගන්න" කියලා.. එතකොට හාමිනේ කියනවලු "උයන්නෙ කොහොමද. ගෙදර ලුණු-මිරිස්-අඩුම-කුඩුම මොකුත් නෑ" කියලා.. ඒ ගමන බුවා කිවුවලු "එහෙනං යෝදියෙ ඌව තෙල් දාලා බැදලා ගන්න" කියලා.. හාමිනේ කියනවලු "තෙල් ටිකක් දැකපු කාලයක් මතක නෑ" කියලා.. බුවා මල පැනලා කියනවලු "එහෙනං ඕයි ගල්අගුරු උඩින් තියලා පුච්චලා ගන්නවකො" කියලා.. හාමිනේ කිවුවලු "ගල්අගුරු ඉවරවෙලා දැන් දවස් කීයක්ද?" කියලා..

      අම්බානක මලපැන්න බුවා මාලුවව අරන් ඔලුව‍ට උඩින් කරකවලා ජනේලෙන් විසිකලාලු නයිල් ගගට.. වතුරට වැටිච්ච මාලුවා වරළක් උස්සලා සැලියුට් එකක් ගහලා "නසාර්ට ජයවේවා!" කියලා පීනලා යන්න ගියාලු..

      Delete
    8. nice to see u two together

      Delete
  22. විස්තරේ හරිම ප්‍රයෝජනවත් වගේම කියවන්න ප්‍රිය විදියට ලියලා සපා..එහෙන් මෙහෙන් කියවලා තිබ්බ ඒවා සේරම එක තැනකින් ගත්තා කමෙන්ට් ටිකෙන්.. සපා මොකෝ පා වෙවී පා වෙවී ඉන්න ඉරියව්ව ගැන අරෙහෙම ලියලා තිබ්බෙ ? හා හා ලෝකයා කතා හදයි කියලනෙ..

    ReplyDelete
    Replies
    1. වෙනිය... ඔය කැප්ෂන් එකේ කතාව මෙහෙමයි...

      මට මේ පෝස්ට් එකට ඔය පින්තූරෙ ඕන වෙලා හොයාගන්න බැරුව ඉතින් දත් බුරුසුවෙ ඉඳන් කාරෙකේ යතුර දක්වා සේරම හොයල දෙන ගෙදර උන්දැගෙන් ඉල්ලුව... හොයල දෙන ගමන් දාපු කොන්දේසිය තමා... මේ වගේ දුසිරිත් ප්‍රොමෝට් නොකර නෝට් එකක් දාන එක අනිවාර්යයි කියල... ඉතින් වෙනි ගෙ කතාව බාගෙට හරි... බයේ තමා... හැබැයි ලෝකයට නෙමෙයි...

      Delete
  23. මුහුද හරි මම හරි මැරෙන්න කළින්ඇත්තටම යන්න පුළුවන් වෙයිද?
    එතකොට ෆිල්ටරේ දැම්මෙ කොහෙටද?(මුහුදට නේහ්..)

    ReplyDelete
    Replies
    1. අර සපා කියන හැටියට මුහුද විෂවීමේ ඉඩක් ඊට පෙර ඇතිවෙනවා. උඹ ත් "පිළිවෙලක් වෙලා නැතිනම්" එහෙම වීමේ අවදානම ඇතිබව අමතක නොකරන්න.

      Delete
    2. නෑ නෑ ෆිල්ටරේ එහෙම කලේ නෑ... ගොඩට ගෙනාව..

      Delete
  24. මම කියවල තියන හැටියට මල මුහුද මිනිසුන් කාලයක් තිස්සේ ගනවිත් අත්හැරිය අපද්‍රව්‍ය වලින් ගහනයි කියල .. ඒ, ඇත්තද ? එක වතාවක් ජෝර්දානය හරහා ඉරාකයට යන්න අපේ සමාගමෙන් මට වැඩක් ලැබුනා. යුද්දේ නිසා යන්න තිබුන එකම ක්‍රමය ඒකයි.. බරපතල අවදානම් ගමනක් උනත් මල මුහුද දකින්න ආසාව හින්දා මම කැමැත්තෙන් හිටියා. ඒත් දින කීපයකට කලින් විසාල බෝම්බ පිපිරීමක් උන නිසා මගේ ගමන අවලංගු කළා සමාගමෙන්ම . ආපහු අවස්තාවක් ලැබෙයි කියල හිතන්නේ නැහැ. අපරාදේ.. මලත් මොකෝ මල මුහුද දක්ක්කට පස්සේ,

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම බාහිරෙන් අපිරිසිදු වෙච්ච තත්වයක් නෑ... ඒත් අධික ලවණ ගතිය තියෙනව..

      Delete
  25. @ බින්දි, සුජීව, බුරා ඇතුලු හැමෝටම..
    ඔන්න පොඩි කෑල්ලක් අගට එල්ලුව ... පෝස්ට් එකටම... මොකද ඉමේජස් කොමෙන්ට් වලට දාන්න බැරි නිසා... මොකද කියන්නෙ ආයි කියවමුද.. මම යුනිකෝඩ් කොන්වෙර්ටරේ එක්ක ඔට්ටුවෙච්ච එකටවත් පාඩු නොවෙන්න...

    ReplyDelete
  26. ඔන්න අලුත් කෑල්ල කියෙව්වා... හරිම පැහැදිලි විස්තරයක්...

    ජුදෙව්වෝ මිසරයට යන්න කලින් හිටියෙ කොහෙද?

    මට ඉස්ලාම් ධර්මය(මුස්ලිම්වරු) ආරම්භය ගැන පැහැදිලි අදහසක් නෑ. මොකද බයිබලයේ සඳහන් දිවැසිවරු ඉස්ලාම් දහමෙත් ඉන්නවා. මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ගැන කෙටියෙන් හෝ කියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. යුදෙව්වො මිසරයට ආවෙ මම අර කියපු පලවෙනි පොයින්ට් එකේ කියවෙන ගමනෙදි... ආබ්‍රහම් හිටියෙ මෙසපොටේමියාවෙ Ur කියන නගරයෙ... ඒතනින් පිටත් වෙලා කානාන් දෙශයට එන්න ආපු ගමනෙදි රවුම් ගහල ගහල අවුරුදු 400 ක් මිසරයෙ වහල්ලු වෙලා ඉඳල තමා මෝසෙස් ගෙ නායකත්වයෙන් මිසරයෙන් පිටත් වෙලා ආවෙ...

      ඉස්ලාම් ඉතිහාසය නම් ලොකු කතාවක්

      Delete
    2. යුදෙව්වන් හා පලස්තීනය ගැන හොඳ සංක්ෂිප්ත සටහනක්.

      සයදින යුද්ධය ප්‍රී එම්ටිව් ප්‍රහාරයක්. ඒ වෙනකොට ඊජිප්තු, සිරියා, පලස්තීන/ජෝර්දාන හමුදා කොයි මොහොතේ හෝ පහර දෙන්න සූදානමින් උන්නේ.

      අනික මෑත අතීතයේ වුනු දේවල බර වඩියෙන් සලකන්න ඕනේ.

      මගේ අනුකම්පාව දෙපිරිසටම හිමි නැහැ. ඉස්ලාම් අන්තවාදය නිසා මම පලස්තීනුවන්ට ලොකු සහයක් දෙන්නේ නැහැ.

      Delete
    3. ඒ කාලෙ DFLF එකයි al-Fatah එකයි යුදෙවු ජනාවාසවලට පැනලා කරපු ඝාතන ගැන, එතකොට Black September කල්ලිය ගැන එහෙම දැන් කතාවක්වත් නෑ.. :)

      Delete
    4. @සපතේරු උන්නැහේ,

      මිසරයට යන්න කලින් ඔවුන් ඉඳලා තියෙන්නෙත් කානාන් වලමයි.. ඔය කතාව මම ලියන්න ගත්තා බ්ලොගේ...

      Delete
    5. හරී පොඩි ලින්ක් එකක් දාන්නකො ඒ ලිපියට... මම හිතනලන්තෙ ගිහින් ඒ ලිපිය හෙව්ව හොයාගන්න බැරිවුණා...

      Delete
    6. හිතනලන්තෙ වෙන කාගෙද? ඒක හීනලන්තෙ :)

      තාම ලියමින් පවතින්නෙ.. පැයකින් දෙහෙකින් දෙන්නම්...

      Delete
    7. ඔන්න පටාන් ගත්තා.. හැබැයි මිසරයට යද්දි එළිවෙයි..

      http://dreamsofharee.blogspot.com/2012/07/1.html

      Delete
    8. මෝසෙස් කාන්තා‍රෙ තරණය කරන්නත් අවුරුදු 40ක් ගත්ත එකේ උඹ මිසරයට යද්දි එළිවෙන එක මහ කජ්ජක් නෙ‍වෙයි.. :D

      Delete
  27. පස්සෙ එල්ලපු කෑල්ල තමා මේ‍කෙ වටිනාම කෑල්ල.. හැබැයි සපා, අපි කානාන්වරුන්ගෙ ඉදලම ඔය ගැන කතාකරන්න ගියොත් මේ බ්ලොග් එකේ වෙන මුකුත් පෝස්ට් දාන්න හම්බවෙන එකක් නෑ ‍නෙවද.?? ඒක නිසා මම පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඇරියා.. :D

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය ගැන මගේ මතය නම්; පැරණි අතීතය හාරා බැලීමෙන් වැඩක් නැහැ.වර්තමානය තීන්දු කල යුත්තේ ආසන්න අතීතය පමණයි.

      Delete
    2. කතාව ඇත්ත සුජීව.. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ ඔය 'ආසන්න අතීතය' කොයිතරම් ආසන්නද/ දුරස්ද කියන එකයි.. එක එක්කෙනා ඒක හදාගන්නෙ තමන්ට වාසි වෙන තැනින් නේ.. දැන් ඔය සමහර කට්ටිය 77 ඉදන් කතාව පටන්ගන්නකොට තව අය අහන්නෙ ඇයි 71 ඉදන් පටන්ගන්නැත්තෙ කියලා.. ආන්න ඒ වගේ වැඩක් තමා මේකත්.. :)

      Delete
    3. ඔය ආසන්න අතීතය කියන එකේ තියෙන අවිනිශ්චිත තාවය තමා ලෝකෙ හුඟාක් negotiation tables වලදි කරන කතා deadlocks වලින් ඉවර වෙන්නෙ...

      Delete
  28. හයියො මට ඉතිරි කොටස මිස් වෙලා නෙව

    ReplyDelete
    Replies
    1. දැන් කියවගත්තනෙ..ඒ ඇති..

      Delete
  29. දැන් තමයි යට කෑල්ල කියෙව්වේ . එළකිරි වගේ තේරුනා .අපරාදේ වෙනම පෝස්ට් එකක් දාන්න තිබුනේ . එතකොට බුරාටයි සුජිවටයි [ අපිටයි ] කානාන් වරුන්ගේ ඉඳන් කතාකරන්න තිබුනා .

    ReplyDelete
    Replies
    1. ඔය ගානෙන් නවත්ත ගත්ත එක ලොකු දෙයක්... මේ වර්ගයේ ශාස්ත්‍රීය සාකච්ඡා කරන්න අපේම බ්ලොග් එකක් වෙනම තියනවනෙ නෙළුම් විල කියල...

      Delete
    2. අය්යෝ සපා මේ කලාපේ ගැන මගේ දැනුම බින්දුවයි . ඒකෙම කරක් ගහපු සපා ලකී සහ ඔලුවේ පුස්තකාල තියෙන සුජිවල බුරාල අල්ලාගෙන මේක කතා කරන්න හොඳම තැන මෙතන

      Delete
  30. මල මුහුදෙ ගිලුනෙ නැති වුනාට මෙතන තියන දැනුම් සාගරේ නං මාව ගොඩගන්න බැරි විදියම ගිලුනා..


    නියමයි සපා..කලකට පස්සෙ පිටියට ඇවිත් හතර අතේ නෙලලා...සපාව ටිකක් අවුස්සල ගත්තනං සෑහෙන තොරතුරු ගොඩක් එයි වගේ...

    ReplyDelete
    Replies
    1. මේ ලකී..පිස්සු නටන්නේ නැතිව හිටිං..අන්තිමේදී ඕක අවුස්සන්න ගිහින් පරණ සපත්තු කෑලි..හම් කෑලි..ඇණ මුරිච්චි එහෙම මතු වෙන්න ගත්තොත් කොහොමද ආතල් එක... ඔන්න ආයේ නොකිව්වා කියන්න එපා..කුණු හට්ටි අවුස්සන්න තියා ගන්න එපා..හුහ්...:D

      Delete
    2. නෑ ලකී පොඩි පැහැදිලි කිරීම් ටිකක් කර ගන්නයි ඕන කලේ...කියවපු එක සතුටක්...

      ....

      @ මාරයා... අවුරුදු දහයක විතර සපතේරු පෙට්ටගම අවුස්සගත්තොත් නම් මොනව එලියට එයිද දන්නෙ නෑ...

      Delete
    3. සපතේරු පෙට්ටගම කියන්නෙ නිකං අර 'පැන්ඩෝරාගෙ පෙට්ටගම' වගේ එකක්දෑ..!? :)

      Delete
  31. හරි වැදගත් විදියට කොමෙන්ටුවක් දාමු.. දැන් කට්ටියම කොහොම හරි අරාබි නිසොල්ලාසයම ඇඳගෙන ඉන්න වෙලේ මං විතරක් පැත්ත ගහලා ඉන්න එක මගේ තත්තෙට හොඳ මඳි. ඒ හින්දා කොකාලා..බුරාලා බින්දිලා වගේ අය මැද්දේ අපිත් අළුක්කාල් ගහන්ට ඕන..

    රයිට්..දැන් ඔය හැමෝම කියාගෙන කියාගෙන යන්නේ පොත්පත් වලින් අහපු දැකපු දේවල්නේ... හැබැයි මම එහෙම බුලට් එකක් නෙවෙයි..මං ඔය අරාබි ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ සජීවී අත්දැකීමක් එක්ක.. ඔව් ඒ තමා ඔය කවුරුත් කියාපු සය දින යුද්ධය... මං මුලින්ම ගුවන් නියමුවෙක් හැටියට යුද්ධයකට මුහුණ දෙන්නේ සය දින යුද්ධයේදී...ඒක ඇත්තටම දුෂ්කර කාර්යයක් උනා ඒ කාලේ තිබුණ තාක්ෂණික පහසුකම් එක්ක ගත්තම.. ඒත් මං අතෑරියේ නැහැ..මට මුළින්ම ලැබුනේ කෆීර් එකක්...

    කෆීර් එහෙක තියෙන පහසුකම් අවබෝධ කරගෙන..අඳාල යතුරු ආදිය හඳුනාගෙන යානයක් හොඳින් පාලනය කරන්න ඉගෙන ගන්නකොටම මගේ අතින් ඊශ්‍රායල හමුදාවට සෑහෙන පාඩු උනා.. ඒ වගේම අරාබි හමුදාවන්ටත් සෑහෙන්න අලාභ උනා...ඒ මගේ ගුවන් වෙඩි වලින් නෙවෙයි.. යානය ඔවුන්ගේ හිස මතට කඩා වැටීමෙන්..

    කොහොම හරි පස්සේ පස්සේ මං කෆීර් එකක් කඩං වැටෙන්නේ නැතිව අහසට අරගෙන ආයෙම බිමට බාන්න පුරුදු උනා..එතැන් පටන් කට්ටියට ලේසි උනේ නැහැ මගේ ප්‍රහාර වලින් බේරිලා ඉන්න... හැබැයි මට වද දුන්න කාරණයක් තිබුනා.. ඒ තමා සතුරු දේශයට වගේම මම බැඳිලා හිටිය පැත්තටත් මගේ අතින් ප්‍රහාර එල්ල වීම.. මොකද අරකේ වේගෙට අනුව එහෙ බලල මෙහෙ බලන කොට දේශ සීමාවල් මාරු වෙනවා..මං ඉතිං ඒ දවස්වල ඇත්තටම ඔය දේශ සීමාවල් ගැන ඒ හැටි අවබෝධයකින් නෙවෙයි හිටියේ..දැන්නේ සපාලා මේ පෝස්ට් දාන්නේ.. මං ඒත් ඒ දවස්වල ඔය පලස්තීනේ මොකක්ද ඊශ්‍රායලය මොකක්ද කියලා සිතියමින් අදුරගන්නවත් ඇහැකි මට්ටමක හිටියේ නැහැ.. ඒ හින්දා ගහන්න ගත්තම ඔහේ ගහනවා...

    අවසානෙදී ඔහොම ගහගෙන ගහගෙන යද්දී මට යුද්දෙන් අහක් වෙන්න උනා හදිසි කරදරයක් හින්දා.. ඒ හින්දා මං අදටත් දන්නේ නැහැ යුද්ධේ ඉතිරි ටිකට මොකද උනේ කියලා.. මොකද මං පිච්චුන රැම් එක දාගෙන ආයේ සීපීයූ එක හදා ගන්නකොට මට ඔය සය දින යුද්ධය අමතක වෙලා තිබුනේ... එයින් පස්සේ මට යන්න උනා දෙවන ලෝක යුද්ධයට..ඒත් ගුවන් නැවියෙක් විදියට..ඒක ලේසි වැඩක් නෙවෙයි..පර්ල් වරාය බේර ගන්නයි මට තිබුනේ... හම්මේ එහෙමත් යුද්ධයක්...

    හා හා ඔන්න මං ගියා...

    (කොහොමද..කස්ටියට ඇප නැහැ නේද මට ඔය සම්බන්ධව තියෙන දැනුම ගැන දැන ගත්තම..හහ් අන්න එහෙමයි අපි)

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලේට ගේම් එකකින් විතරක් යුද්ධෙට ගියෙ.. නැත්නම් ඒ හමුදාවෙ කෆීර් වලටත් බඩුම තමයි :)

      Delete
    2. අඩෝ! උඹ Flight Simulator සෙල්ලං කලාද.?? නැත්තං Call of Duty ගැහුවද.?? :)

      Delete
  32. මට පේන්නෙ අපේ දොස්තර නෝනගෙ විකාර රූපී කෙටිකතා කියවලද කොහෙද විකාර රූපී කොමෙන්ටුත් දාන්න පටන් අරන් තියෙන්නෙ...

    ........

    "සිංහ පෝතක" කියන හෙබ්‍රෙව් තේරුම ඇතුව කෆීර් යානය හැදුවෙත් ඔය ඉශ්‍රායෙල් අයියල ම බව කුරුළු හමුදාවෙ හිටපු බොට අමතක වෙලාද ඒකෙන් උන්ට කෙලින්න ගියෙ...

    ReplyDelete
  33. සපා, තව පොඩි කෑල්ලක් එල්ලන්න අවසරද.??

    කානාන්වරුන්ගෙ ඉතිහාසය හොයද්දි කියැවෙන්නෙ මෙයාලා ක්‍රිපූ 6000 තරම් ඈත කාලයේ හිටපු නියොලිතික් hunter gatherers + කෘෂිකාර්මික ප්‍රජාවන්ගෙන් පැවතෙන්නෝ කියලයි.. මෙයාලා කතාකරපු භාෂාවන් තමා අද දව‍සේ සෙමිටික් භාෂා පවුලේ කැනනයිට් උපකුලකයට වර්ග කරලා තියෙන්නේ.. මේ කැනනයිට් උපකුලකයට අයිති ප්‍රසිද්ධම භාෂාව තමා හීබෘ (අනිත් ටික ඇවිල්ලා ෆිනීෂියන්, උගරිතික්, ඇමරයිට්, ඇමනයිට්, මෝබයිට් හා එඩමයිට්).. හීබෘ කියන්නෙ යකඩ යුගයේ සිටම වෙන්ව දකින්නට පුළුවන් භාෂාවක්.. අනිත් අතට හීබෘ භාෂාව භාවිත කලේ යුදෙවුවන් හා සමාරියන්ස්ලා වගේ ජනකොටස් කීපයක් විතරයි.. ඉතිං මෙ‍හෙම බැලුවහම යුදෙවුවන්ටත් ‍මේ දේශයේ නිජබිම් හිමිකමක් තියෙනවා නේද.?? ඉතිං මගේ මතය නම්, ඔවුන් නිකංම පිටින් ඇවිත් භූමිය කොල්ලකාපු කට්ටියක් විදියට හැදින්වීම වැරැදියි කියලයි..

    "..The Israelites were a Semitic Hebrew-speaking people of the Ancient Near East, who inhabited part of the Land of Canaan during the tribal and monarchic periods (15th to 6th centuries BCE), later evolving into Jews and Samaritans of the classic period, inhabiting Judea and Samaria respectively.." (From Wiki)

    ReplyDelete
    Replies
    1. බුදු මචෝ මේකනම් දරුණු බවුන්සර් එකක්... හිස නමා පන බේරාගෙන පන්දුව කඩුළු රකින්නා දෙසට යන්න හරිනව...

      Delete
    2. කැරකිල...!

      බුදු අම්මෝ බුරා, මාර බේරිල්ලක් බේරුනේ. පිස්සු නං කෙලින්ඩ එපා.

      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  34. බුරා ඇවිදින මෙව්වැකක්නෙ

    ReplyDelete
  35. කෝ කෝ.... දැං විසිල් ගහල ආවට මොකද බල්ටි නෑ නෙව....??
    මං කිව්වනෙ බොට අයියෙ... දීග කඩං ආවට වැඩක් නෑ හරියට සලකන්ඩ බැරි නං කියල...
    බලපං දැං ජූලි මාසෙ අන්තිම ලිව්වට පස්සෙ තාම නෑ ලියල...
    කෝ මේ දුමි අයියයි මාරයයි??
    මුන් තමා මේකට වග කියන්ඩ ඕනෙ....

    ReplyDelete
  36. ඇත්ත තමයි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  37. ලියහංකෝ බං බලු වැඩ නොකර මේ කඩමාල්ල

    ReplyDelete
  38. අය්යෝ සපතේරු උන්නැහේ ලියන එක ටිකක් නතර කරලා හැඩයි .

    ReplyDelete
  39. මාත් මෙන්න මේ ජෝර්දානය සහ පලස්තීනය ගැන ගිය වාරේ සැහෙන්න කියෙව්වා..මොකද මගේ ලොකු පුතා
    history වලට මේ ටික කල නිසා...

    අර අන්තිමට රියදුරා කිව්වා කතාව තමයි..මිනිස්සුන්ගේ මානසික තත්වය හොඳින්ම පැහැදිලි කරන දේ..නේද..?

    අදයි මේ පැත්තේ ආවේ.. හරිම අගෙයි..

    ReplyDelete
  40. මළ මුහුදෙ ගිලිලද මේ මනුස්සය.

    ReplyDelete
  41. //ආසාවෙන් කියෙවුවා//

    මේ ගැන අවභෝධයක් ගන්න හොද සිංහල පොත් ටිකක නම් කියන්න.

    ReplyDelete